Monday, November 19, 2018

ඔබට පෙර මම (Me Before You),



15වන පරිච්ඡේදය

" ඔබට තවත් බීමක් අවශ්‍යද?"

" වොඩ්කා වීදුරුවක් දෙන්න." ඔහු දෑස් විශාල කරන විට මා පැවසිය.

පැට්රික් උරහිස් ගස්සමින් මත්පැන් අලෙවි කවුන්ටරය වෙත පැමිණියේය. මාගේ ප්‍රධානියා පිළිබද අප කළ කතාව පිළිබද මා සිතින් අසතුටට පත් වන්නට පටන් ගත්තේය. ඒ ඇත්තේන්ම ඔහු එතරම් අභාග්‍ය සම්පන්න සිදුවීමක් ඉවසා දරාගෙන සිටීම නිසාය. එමෙන්ම ඔහුගේ අභ්‍යන්තර ජීවිතය පිළිබද අනුමාන කිරීම ඇත්තෙන්ම ඉතාම අශිෂ්ටය. මා පිටුපසට හැරුණි. එහි සති අන්තයේ ස්පාඤ්ඤයේ පුහුණු වීමක් පිළිබද කතාබහක් විය. පැට්රික් පැමිණ වැළමිටෙන් අනින තුරු මා ඒ දෙසට කන් යොමාගෙන සිටියේය. 

" සිත්ගන්නා සුළුයි නේද ?"

" කුමක්ද?"

" ස්පාඤ්ඤයේ සති අන්තයක්, ග්‍රීක නිවාඩුව වෙනුවට. සැතපුම් හතලිහක සයිකල් පුහුණුවට ඔබ අකමැති නම් ඔබට පුළුවන් නාන තටාකයට වී විවේක ගන්න. අපට හැකියි ලාභදායී ගුවන් සේවාවක් සොයා ගැනීමට. දැන්ම ඔබ ඒ පිළිබද වද විය යුතු නැහැ. තව සති හයක කාලයක් ඉතිරිව තිබෙනවා."

මට ට්‍රයිනොර් මහත්මිය මතක් විය. " මා දන්නේ නැහැ, ඔවුන් මට මේ තරම් ඉක්මනින් දිගු නිවාඩුවක් ලබා දේ යැයි මා සිතන්නේ නැහැ."

" එසේ නම් මා ගියාට ඔබට ගැටළුවක් නැතිද? මා මේ පුහුණුව ලැබීමට ඉතාම ආශාවෙන් සිටින්නේ. මා සිතා සිටින්නේ විශාලම දේ කිරීමට."

" විශාලම? කුමක්ද?"

" තුන් ඉසවු මළල ක්‍රීඩා තරගය. ද එක්ස්ට්‍රීම් වයිකින්ස් * සයිකල් ධාවනයෙන් සැතපුම් හැටක්, තවත් සැතපුම් තිහක් දිවීම අවසානයේ සුන්දර උතුරු අත්ලාන්තික් සාගරයේ ඉතා දීර්ඝ පිහිනීමක්."

වයිකින්වරයා*1 කතා කළේ ඒ පිළිබද ඉතාම ගෞරවන් යුතුවය. ඔහුගේ දෙතොල් දැනටමත් උද්යෝගයෙන් සැලෙන්නට විය. මා මගේ පෙම්වතා දෙස පැහැදිලිව බැලුවේ ඇත්තෙන්ම ඔහු පිටසක්වල ජිවියෙක්ද නැද්ද යන්න සැක හැර දැන ගැනීමටය. 

" ඔබ එය කරන්නද යන්නේ?"

" ඇයි නැත්තේ, මා කිසිදාක එයට තෝරාගෙන නැහැ."

ඒ සදහා වූ අතිරේක පුහුණු වීම් පිලිබදව - ව්‍යායාම හා අහාර පිළිබද ඔහුගේ නිමක් නැති සංවාද මා කල්පනා කළේය. එවැනි වකවානුවක වෙනත් කිසිදු දෙයක් පිලිබදව පැට්රික්ගේ අවධානය ලබා ගැනීමට ඉතා අපහසු දෙයක් විය.

" ඔබටත් පුළුවන් මා සමග එය කිරීමට." ඔහු පැවසීය. නමුත් ඔහු එය කිසිලෙසකින්වත් විශ්වාස නොකරන බව අප දෙදෙනාම දැන සිටියේය.

" මම එය ඔබටම භාර දී පසෙකට වෙන්නම්." මා පැවසිය. " අනිවාර්යෙන්ම ඔබ එයට යන්න." යැයි පවසා මා චීස් කේක් ඇණවුම් කළේය. 

______________________________________________

ග්‍රන්ටා නිවසේ පෙර දින සිදු වූ සිදුවීම් වල උණුසුම මේ වන විට පහව ගොස් ඇතැයි මා සිතුවත්, ඇත්තෙන්ම මා වැරදි විය.

විල් දෙස බලා සිනාසුණු මා ඔහුට ඉතා ප්‍රසන්න ලෙස අත වැනිය. නමුත් ඔහු හැරී මා දෙස බැලීමටවත් උත්සහ නොකර ජනේලයෙන් එපිට බලා සිටියේය.

" හොද දවසක් නොවෙයි." ඔහුගේ කබාය ඇදගන්නා ගමන් නාතන් මිමිණුවේය. 

එය වලාකුළු සහිත අදුරු උදෑසනක් විය. වර්ෂාව ජනෙල් පියන් වල තදින් ගැටි දසත විසි වන්නට විය. එම තත්වය යටතේ නැවත කිසි විටෙක හිරු පායාවි යැයි සිතීමට අපහසු විය. මෙවැනි දිනයක මා ද නොසතුටු මුහුණකින් යුතුවන අතර විල් එසේ සිටීම කිරි ලෙසකින්වත් පුදුමයක් නොවිය. මා උදැසන කිරීමට නියමිත වැඩපල කිරීමට පටන් ගත්තේය. ' ඇත්තෙන්ම එය ගැටළුවක් නැහැ. ඔබ ඔබේ ප්‍රධානියාට කැමති විය යුතු නැහැ. ඔබ කැමතිද? බොහෝ පිරිස අකමැතියි.' යැයි මා මටම පැවසිය. මා ට්‍රිනාගේ ආයතන ප්‍රධානියා පිළිබද කල්පනා කරන්නට විට. මගේ සහෝදරිය කිහිපවතාවක් වැසිකිලිය භාවිතා කිරීමට පවා නීති පනවා තිබු ඔහු ඉතාම තද මුහුණක් ඇති දිගින් දිගටම කිහිපවතාවක් දික්කසාද වූ පුද්ගලයෙක් විය. 

කෙසේ නමුත් මා මෙහි සති දෙකක කාලයක් රැකියාවේ නිරත විය. එනම් තවත් මා මේ රැකියාවේ නිරත විය යුතු වන්නේ මාස පහක් හා දින දහතුනක කාලයක් පමණි. 

ඊයේ දිනයේදී මා නැවත තැබූ තැන් වලම රාක්කයේ පහළට වන්නට චායාරුප ඒ අකාරයෙන්ම තබා තිබිණි. මා ඒවා බැලීමට පහසු වන ලෙස බිම වැතිරුණි. ඒවායේ කැඩී ගිය රාමු නැවත සැකසීමට හැකිදැයි පරික්ෂා කළේය. මා කැඩුණු බිදුණු දේ නැවත සැකසීමේ දක්ෂයෙක් විය. එමෙන්ම එය මෙහි ගෙවෙන අසීරු කාළය ගෙවීමට පහසු ක්‍රමයක් වන්නේය.

අවසානයේ විල් පැමිණි බවට ඔහුගේ රෝද පුටුවෙහි මෝටරයේ ශබ්ධයෙන් දැනෙන තෙක් මා එසේ රූපපාමු නිර්ක්ෂණය කරමින් දහයක් දහයක් පමණ සිටින්නට ඇත. ඔහු දොර අසල සිට මා දෙස බලා සිටියේය. ඔහුගේ ඇස් යට කළු පැහැ වී තිබිණි. සමහර අවස්ථාවල ඔහුට ඇති තරම් නින්ද නොලැබීම නිසා එසේ සිදුවන බව නාතන් මින් පෙර පවසා තිබිණි. තමන් අදාරය කළ අයගෙන් වෙන්ව ඔවුන්ගේ මුසා බස් අසා ඇදෙන් නැගිටිමටවත් නොහැකිව රාත්‍රිය පුරාවටම මනසේ නැගෙන තම දුක්ගැවවිල්ල පවසිමටවත් කෙනෙකු නොමැතිව සිටීමේ ඇති ඛේදණියත්වය සිතීමටවත් මා අකමැති විය. 

" මා බැලුවේ, මට මෙයින් රාමු කිහිපයක් හෝ සැකසීමට හැකි දැයි කියා." ඔහු කබායකින් එල්ලී පනින චායාරුපයක් ඔසවමින් මා පැවසීය. මා උද්යෝගිමත්ව සිටීමට උත්සහ කළේය. ඒ මොහොතේ ඔහුට උද්යෝගයෙන් සුභවාදිව සිටින කෙනෙකු උවමනා බව මට හැගිණි.

" ඇයි?"

මගේ දෑස් විශාල විය. " ම්ම්ම්... මා සිතන්නේ මෙයින් කිහිපයක් ආරක්ෂා කරගත හැකියි. මම මේවා ඇලවීමට ගම් වර්ගයක් රැගෙන ආවා. ඔබ කැමති නම් මට පුළුවන් ඒවා රැගෙන එන්න. නැති නම් ඔබට මේවා නැවත සැදීමට අවශ්‍ය නම් මට පුළුවන් දිවා ආහාර වෙලාවට නගරයට ගොස් ඒවා සැදිය හැකි තැනක් තිබේ දැයි සොයා බලන්න. ඔබ කැමති නම් අප දෙදෙනාටම ඒ සදහා යා හැකියි." 

" කවුද ඔබට මේවා සකසන්නට පැවසුවේ?" ඔහු මා දෙස රවා බැලීය.

" මම... මම උදවු කිරීමටයි උත්සහ කළේ." 

" මා ඊයේ දිනයේ කළ දේ ඔබට යතාතත්වයට පත් කිරීමද අවශ්‍ය."

" මම..."

" ඔබ දන්නවද ලුසියා, කිසිවෙකු හෝ මට අවශ්‍ය කුමක්දැයි එක් වතාවක් හෝ සිතනවා නම් එය වටිනවා. මා ඒවා කඩා බිද දැමුවේ අත් වැරදීමකින් නොවෙයි. මා ඒවා විනාශ කිරීමට තැත් කළේ මට ඒවා නැවත දැකීමට අවශ්‍ය නැති නිසයි. 

මා නැගී සිටියේය. " මට සමාවෙන්න, මට එය සිතුනේ නැහැ."

" ඔබ සිතනවා ඔබ හොදම දේ දන්නවා කියා, හැම කෙනෙකුම සිතනවා ඔවුන් මට අවශ්‍ය දේ දන්නවා කියා. ' විකාර චයාරුප ටික නැවත තබමු, අසරණයාට වලංගු නැති දෙයක් බලන්නට හෝ දෙමු.' කවුරුන් හෝ මා නැවත රෝදපුටුවෙන් තබන තෙක් ඇදට වී මේ අවලම් චයාරුප දෙස බලා සිටීමට මට බැහැ. තේරුණාද? ඔබ හිතනවද ඔබට එවැනි දෙයකින් ඔලුව අහකට ගත හැකියි කියා?"

මා උගුරෙන් කතා කරන්නට විය. " මම සිතුවේ ඇලිෂියා සිටින ඒවා සකසන්නට නොවෙයි. මා එතරම් මෝඩ නැහැ. මා සිතුවේ කාලෙකින් ඔබට දැනේවි කියා...."

" අහෝ ජේසුනි." ඔහු මට පිටුපා අනෙක් පස හැරිණි. එක්වරම ඔහුගේ හඩ රෞද්‍ර විය. " මට අමාරු වූ විට විදින බෙහෙත දෙන්න. ගිහින් ඔබේ අවලම් සගරා කියවන්න, නැති නම් තේ නොසාදන වෙලාවට ඔබ කරන ඕනෑම දෙයක් ගිහින් කරන්න."

මගේ කම්බුල් ගිණි අවිලෙන්නක් මෙන් දැවෙන්නට විය. ඔහුගේ උපක්‍රමය අසාරිථක වන මා දුටුවේය. එයින් මගේ හද පැහැදිලි විය, පැවසීමට යන දේ පිලිබදව මා දැඩි විශ්වාසයකින් සිටියේය. 

" ඔබ අපතයෙකු ලෙස හැසිරීමට අවශ්‍ය නැහැ." වචන වාතය කපාගෙන ඉදිරියට ගියේය.

රෝදපුටුව නැවතුණි. එහි විශාල නිහැඩියාවක් විය. ඉන්පසු පසු පසට පැමිණ සෙමින් මා දෙසට මුහුණලා හැරිණි. ඔහුගේ අත එහි වූ කුඩා සුක්කානමේ විය.

" මොකක්ද?"

මා ඔහු දෙස එක එල්ලේ බැලීය. ඒ අවස්ථාවේ මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. " වැදගැම්මකට නැති බෙහෙත් ඔබේ යහළුවන්ට දෙන්න. ඇත්තෙන්ම ඔවුන් එයට සුදුසුයි. නමුත් මම දවස ගානේ මෙහි පැමිණෙන්නේ මට පුළුවන් උපරිමයෙන් සේවය කිරීමට. ඒ නිසා ඇත්තෙන්ම මා කැමතියි ඔබට පුළුවන් නම් ඔබ අනෙක් අයට කරනවා මෙන් මගේ ජීවිතය අප්‍රසන්න කරන්නේ නැති නම්." 

විල්ගේ දෑස් මදක් විශාල විය. මා නැවත කෑගැසීමට පෙර ඔහු කතා කළේය. " ඉතින් මට ඔබ මෙහි සිටීම උවමනා නැහැ."

" මම ඔබට නොවෙයි සේවය කරන්නේ. මාව සේවයට ගත්තේ ඔබේ අම්මා. ඇය මට ඉවත් වීමට පැවසුවා හොත් විනා මා මෙයින් කිසිලෙසකින්වත් ඉවත් වන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබට කැමති නිසා නම් නොවෙයි. නැතිනම් මේ මෝඩ රැකියාව හෝ ඔබේ ජීවිතය වෙනස් කිරීමටවත් නොවෙයි. නමුත් මට මුදල් අවශ්‍ය නිසා. තේරුණාද? ඇත්තෙන්ම මට මුදල් අවශ්‍ය නිසාම පමණයි."

විල් ට්‍රයිනොර්ගේ පැහැදිලි වෙනසක් නොපෙනුණි. නමුත් කිසිවෙකු ඔහුට මින්පෙර එලෙස කතා කර නොමැති නිසාවෙන් ඔහු පුදුමයට පත් වූ බවක් පෙනෙන්නට තිබිණි.

අවසානයේ මා දෙස මොහොතක් බලා සිටි විල් මා ඒ බැල්මෙන් ඉවත නොබැලු කළ සෙමින් සුසුමක් පිට කළේය.

" එය සාධාරණයි." ඔහු පැවසීය. ඉන්පසු නැවත රෝදපුටුව හරවා ගත්තේය. " චායාරුප පහළම තට්ටුවෙන් තබන්න. ඔබට පුලුවන්ද? ඒ සියල්ලක්ම." යැයි පැවසු ඔහු පිටව ගියේය. 

මතු සම්භන්දයි!

__________________________________________


* ද එක්ස්ට්‍රීම් වයිකින්ස් - තුන් ඉසවු මළල ක්‍රීඩා තරගයක්
*1 වයිකින්වරු - යුරෝපා රටවල් ආක්‍රමණයට පැමිණි ස්කැන්ඩිනේවියානු ජාතික මුහුදු මංකොල්ල කරුවන් හා වෙළදුන්

Sunday, November 11, 2018

ඔබට පෙර මම (Me Before You),


ඔබට පෙර මම

14වන පරිච්ඡේදය

මා භීතියෙන් සලිත විය. ට්‍රයිනොර් මෙනවියගේ හඩ මගේ හිස තුළ රැවූපිළි රැව් දුණි. මා ඔහුව විනාඩි පහළොවකට වඩා වැඩි වෙලාවක් තනි කළේය. 

මා කොරිඩෝව දිගේ පහළට දිව ගොස් දොර අසලටම ලිස්සා වේගය අඩු නොවුනෙන් දොර උළුවහුව දෑතින් බදා ගනිමින් නතර විය. කාමරයේ මැදට වන්නට විල් කිහිලිකරු අධාරයෙන් පුටුවෙන් මදක් ඉස්සි සිටියේය. කාමරයේ වූ රාක්ක තුළ එකදු චායාරුපයක් නොවීය. වටිනා පින්තුර රාමු කැබලි වලට කැඩී කාමරය පුරා විසිරි තිබිණි. කාමරයේ බිම අතුරා තිබු බුමුතුරුණු මත හා ඔහුගේ උකුළ මත කැඩී විසිරුණු විදුරු කුඩු පිරි තිබිණි. ඔහුට කිසිදු අනතුරක් සිදු වී නොමැති බව දැන ගත් විට මගේ හද ගැස්ම කෙමෙන් යතා තත්වයට පත් වන අයුරු මට දැනිණි. . ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාවෙන් ඔහු කැලබිමට පත්ව ඇති සෙයින් විල් ඉතා අසීරුවෙන් හුස්ම ගන්නා අයුරු මා දුටුවේය. 

විදුරු කටු ශබ්ධ නගමින් ඔහුගේ රෝද පුටුව හැරවිණි. මාගේ දෑස් ඔහුගේ දෑස් හා මුණ ගැසිණි. ඒවා අසීමිත ලෙස වෙහෙසට පත් වූ ස්වරුපයක් ඉසිලිය. එයින් මා ඔහුට අනුකම්පා කිරීමට පෙලබිණි.

මා ඔහුගේ උකුළ දෙස හා ඉන්පසුව ඔහු වටා වූ පොළොව දෙස බැලිය. එහි ඇලිෂියා හා ඔහු සිටි චායාරුපය මා හදුනා ගත්තේය. එහි නැවී තිබුණු රිදී රාමුවට ඇගේ මුහුණ වෙන් වී තිබිණි. 

උගුර පැදු මා ඒ දෙස බලා සිට ඔහු දෙසට දෑස් එසවිය. ඒ මිනිත්තු කිහිපය ඉතා දීර්ඝ විය. 

" මෙහි රෝද සිදුරු විය හැකිද? " අවසානයේ මා ඔහුගේ රෝදපුටුව දෙස බලා ඇසීය. " මොකද මා දන්නේ නැහැ මෙයට නැවත හුළං ගසන ආකාරය."

මොහොතකට ඔහුගේ දෑස් විශාල විය. මා සිතුවේ මා ඔහුගේ තත්වය වෙනස් කළ බවයි. නමුත් ඔහුගේ මුහුණේ වූ සිනහාවක අවසාන ලකුණත් පහව ගියේය.

" ඔහොම ඉන්න, හෙලවෙන්න එපා." මා පැවසීය. " මම ඉක්මණින් වැකුම් යන්ත්‍රය රැගෙන එන්නම්."

මා කාමරයෙන් පිටවන විටම කිහිලිකරු බිම පතිත වන හඩ ඇසිනි. මා සිතුවේ ඒ ඔහු සමාවෙන්න යන්න පවසනු මට ඇසුනා කියාය.

_______________________________________________________________________


ද කින්ස් හෙඩ් සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස් කාලයේ කාර්යබහුල වන ස්ථානයක් විය. එහි සැප පහසු අන්තය ඊටත් වඩා කාර්යබහුල විය. මා පැට්රික් හා රුටර් ඔහුගේ නම බව පැවසු මිනිසාට මැදිව තෙරපෙමින් හිද සිටියේය. ඒ අතර බිත්තියේ වූ ඔක් ලීයෙන් කරන ලද දැව අශ්ව ඔලුව මාගේ හිසේ විටින් විට තදින් තෙරපෙන්නට වූ අතර සිවිලිම පුරා මාලිගයේ චායාරුප එහි එල්ලා තිබිණි. ඒ අතරම ශරීරයේ මේදය හා කාබෝහයිඩ්‍රේට ගන්නා ප්‍රමාණය පිළිබද ඔවුන්ගේ කතාබහට මා වැදගත් සාදකයක් බව පෙන්වීමට ඔවුන් විටින් විට උත්සහ කළේය.

දෙසතියකට වරක් හයිල්ස්බරි සමාජයේ ක්‍රීඩකයින් මුණ ගැසීම අවන්හලට පැමිණෙන කෙනෙකුට නපුරු සිහිනයක් බදු දෙයක් වන බව මට සෑම විටම සිතුණේය. එහි මධ්‍යසාර පානය කරන එකම පුද්ගලයා මා පමණක් විය. මගේ අත වූ බදින ලද අල පෙති පැකට්ටුව හිස් මේසය මත තබමින් එය මතට වැටි නැවතත් මා හිදගත්තේය. එහි අනෙක් සියල්ලන්ම ඛනිජ අඩංගු ජලය පානය කරමින් හෝ නැති නම් ඔවුන්ගේ ඩයට් කොකා කෝලා කෑන් එකෙහි අඩංගු සීනි ප්‍රමාණය බලමින් සිටියේය. අවසානයේ ඔවුන් අහාර ඇණවුම් කළේය. එහි කිසි ලෙසකින්වත් ප්‍රණීත සැරසිමකින් යුතු ආහාරයක් නොවිය. එහි වුයේ සලාද කොළ කිහිපයක් හෝ නැති නම් තවමත් සම ඉතිරි වන ලෙස පිසූ කුකුළු මස් කැබැල්ලක් පමණි. මා කිහිප විටක්ම බදින ලද අර්තාපල් පෙති ඇණවුම් කළේය. එවිට ඔවුන් එය ඔවුන්ට අවශ්‍ය නැති බව පෙනෙන ආකාරයට හැසිරෙන අයුරු දැක ගැනීමට හැකි විය.

" පිල් සැතපුම් හතලිහයේ සීමාව පසු කර ගියා. ඔහු පැවසුවේ ඇත්තෙන්ම ඔහුට ශබ්ධ ඇසුණු බවයි. ඒ අවස්ථාවේ ඔහුගේ මුහුණ හරියට මළ මිනියකගේ වගේ. ඔබ දන්නවා නේද?"

මා නව ජපන් ජාතික පුහුණුකරුවන් කිහිප දෙනෙකු හා සමීප විය. මගේ සැතපුම් දහයේ දුර මිනිත්තු දහය දක්වා අඩු කර ගැනීමට ඒ හරහා හැකියාව ලැබිණි. හයිල්ස්බර් ක්‍රීඩකයින් මුණ ගැසීම මා හට සතුටට කරුණක් නොවිය. නමුත් මගේ අතිරේක කාලය හා පැට්රික්ගේ පුහුණුවීම් කාල සටහන එක හා සමාන වූ අවස්ථා වල මා ඔහු මුණ ගැසීමට පොරොන්දු වී තිබිණි. ඔහු මට පසෙකින් හිද ගත්තේය. ඔහුගේ කෙටි කලිසමෙන් මාංශ පේශි වලින් වර්ධනය වූ කකුල් එළියට පෙනෙන්නට විය. එළිමහන ඉතා සීතල විය. එබැවින් ක්‍රීඩා සමාජයේ වුවන් ඇදුම් කිහිපයක් හැකි අයුරින් ඇද සිටියේය. ඔවුන්ගේ මතයට අනුව මිනිසා කෙට්ටු නමුත් ශක්තිමත් විය. ඒ සදහා ඔවුන් මිල අධික අප්‍රසිද්ධ ක්‍රීඩා වෙළදනාම ප්‍රවර්ධනය කර ඒ තුළින් තමන්ගේ වත්කම් වැඩි කරගත්තේය. සිරුරේ වූ කුඩා අඩු පාඩු පවා සකසා ගැනීමට එහි ආ පිරිස් විය. තරුණියන් රූපලාවන්‍ය ආලේපන ගලවා නොසිටියේය. ඔවුන් සැතපුම් ගණන් සීතල එළිමහනේ ඇවිද්දේය. ඔවුන් මා දෙස බැලුවේ තදබල අප්‍රසන්න හැගීමකින් යුතුවය. 

" එය විකාරයක්. ඒ ඔහුගේ පෙම්වතිය හා ඔහුගේ හොදම මිතුරා." ඔවුන්ගේ මාරාන්තික බැල්මට අසුව චීස් කේක් අතුරුපස සදහා ඇණවුම් කරනවද නැද්ද සිතමින් මා පැට්‍රික්ට පැවසීය. 

" ඔබට ඇයට දොස් කියන්න බැහැ." ඔහු පැවසීය. " ඇත්තෙන්ම කියන්න මා හිසෙන් පහළ පණ නොමැතිව අංශබාග තත්වයට පත් වුවහොත් ඔබ සැමදා මා සමග සිටිනවද?"

" ඔව් අනිවාර්යෙන්ම මම ඉන්නවා."

" නැහැ, ඔබ ඉන්නේ නැහැ. ඒ වගේම මම ඔබට එසේ සිටීමට ඉඩ ලබා දෙන්නෙත් නැහැ."

" හොදයි, නමුත් මම සිටිනවා."

" නමුත් මට ඔබ එලෙස සිටීම උවමනා නැහැ. මට කිසිවෙකු අනුකම්පාව දක්වා මා හා සිටීම අවශ්‍ය නැහැ."
 
" කවුරුන්ද පවසන්නේ එය අනුකම්පා සහගත බව, එලෙස වුවත් ඒ තුළ සිටින්නේ පැරණි ඔබමයි."

" නැහැ. එලෙස වුවහොත් මා කිසිලෙසකින්වත් නැවත පෙර සිටි මා වන්නේ නැහැ." ඔහු ඔහුගේ නාසය රැළි කළේය. " මට ජිවත් වීමට අවශ්‍ය නැහැ. සෑම කුඩා දෙයකටම පවා අන්‍යන් මත යැපෙමින්, නන්නාඳුනන පුද්ගලයෙකුට මගේ ශරීරය පිස දැමී..."

එක්වරම හිස මුඩු කළ පුද්ගලයෙකු අප දෙදෙනා අතරට හිස පෙවිය. " පැට්." ඔහු පැවසීය. " ඔබ අර අලුත් ජෙල් බීම පානය කලාද?එකක් මගේ ගමන් මල්ලේ කැඩී විසිරි ගියා. කිසිදා මා එවැනි දෙයක් දැක නැහැ." 

" මම එය පානය කර තිබෙනවා යැයි කියන්නට බැහැ ට්‍රිග්. මට කෙසෙල් හා ලූකොසැඩ්* දෙන්න ඕනෑම දවසක."

" ඩාසර් ඔහු නෝර්ස්මැන්*1 නරබන අතර තුර ඩයට් කොකා කෝලා එකක් පානය කළා. ඒ සියල්ල සිනහාසෙන විට අඩි තුන්දහසක් පමණ ඉහළට විසි වුණා. අහෝ දෙවියනේ, එදා අප සිනාසුණු තරමක්."

මා උදාසීන සිනහවක් පෑවේය. හිස මුඩු කළ මිනිසා පිටව ගිය පසු පැට්රික් නැවත මා දෙස හැරිය. පැහැදිලිවම ඔහු තවමත් විල්ගේ ඉරණම පිළිබද ඕනෑකමින් බැලිය. 

" ජෙසුනේ, ඔබට කළ නොහැකි දේවල් ගැන සිතන්න." ඔහු කලබලෙන් හිස සැලිය. " තවදුරටත් දිවීමට බැහැ. තවදුරටත් සයිකලය පැදීමට බැහැ." ඔහු මා දෙස බැලුවේ එය ඇත්තෙන්ම ඔහුට සිදුවී ඇති දෙයක් ලෙසිනි. "තවදුරටත් ලිංගික ක්‍රියාවන් නැහැ."

" අනිවාර්යෙන්ම ඔබට ලිංගික ක්‍රියාව කළ හැකියි. එයට අවශ්‍ය කාන්තාව උඩට නැගීම පමණයි."

" එසේනම් අපි එලෙස අඩු වැඩිය පුරවමු."

" හරිම විහිළු සහගතයි."

" ඒ ඇරැත් ඔබගේ බෙල්ලෙන් පහළ කොටස පණ නැතිව ගිය විට මා සිතන්නේ.... ම්ම්ම්ම්.... ඒ සදහා අවශ්‍ය උපකරණය එය වැඩ කළ යුතු ආකාරයට වැඩ කරන්නේ නැහැ."

මා ඇලීෂියා පිළිබද සිතුවේය. 'මා උත්සහ කළා.' ඇය පැවසීය. 'මම ඇත්තෙන්ම උත්සහ කළා,මාස ගණනක්.'

" මට විශ්වාසයි එය සමහරුන්ගේ වැඩ කරන බවට. කොහොම නමුත් ඔබට නිර්මාණශිලිව සිතීය හැකි නම් ඔබට ඒ සදහා ක්‍රමයක් සොයාගත හැකියි."

"හහ්..." පැට්රික් ඔහුගේ වතුර වීදුරුවෙන් උගුරක් පානය කළේය. " ඔබ ඔහුගෙන් එය හෙට අසන්න. බලන්න, ඔබ පැවසුවා ඔහු භයංකාර පුද්ගලයෙක් බව. සමහරවිට ඔහු අනතුරට පෙරත් ඒ අකාරයේ භයානක පුද්ගලයෙකු විය හැකියි. සමහරවිට ඇය ඔහුව අත් හැරීමට සැබෑම හේතුව එය විය හැකියි. ඔබ එය සිතුවාද?"

" මම දන්නේ නැහැ..." මා ඔවුන්ගේ චායාරුප පිලිබදව සිතුවෙමි. " ඔවුන් එක්ව සිටින විට ඉතාම සතුටින් සිටි බවයි පෙනෙන්නේ." නමුත් ඉන්පසුව, චායාරුපයක් කෙලෙසද විශ්වාස කළ හැක්කේ. මා සතුව තිබෙන එක් රාමු කළ චායාරුපය මා පැට්රික් දෙස බලා සිටින්නේ හරියට ඔහු ගින්නකින්  මගේ ජීවිතය බේරාගත්  අකාරයටයි. නමුත් සැබවින්ම මා ඒ අවස්ථාවේ සිදු වූ බහින්බස් වීමකින් අනතුරුව ඔහුට "කාලකන්නියා" ලෙස ඇමතීය. එයට ඔහුගේ පිළිතුර වුයේ " පලයන් යන්න." යන්නය. 

" පැට්රික් හට ඒ සදහා වූ උනන්දුව වියැකී ගියේය. " එයි, ජිම්.... ජිම්." ඔබ මේ බර අඩු බයිසිකලය බැලුවාද? එය හොදද?"

මා ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඉඩ දී බලා සිටියේය. ඇලිෂියා කුමක් කියන්නට ඇත්දැයි මා සිතීය. විල් ඇයව ඈත් කිරීම ඇත්තෙන්ම මා හට තෙරුම් ගැනීමට හැකි විය. නමුත් ඇත්තෙන්ම ඔබ කෙනෙක්ට ආදරය කරන්නේ නම් ඔහු හෝ ඇය සමග ජීවිතාන්තය දක්වා සිටීම ඔබේ වගකීමක් නොවන්නේද. ඔවුන්ට මානසික පීඩනයෙන් මිදීමට උදවු කිරීම, ඔහුගේ අසනීපය අවස්ථාවේ ඔහුව රැකබලා ගැනීම නොවේද කළ යුත්තේ.

මතු සම්බන්දයි!

_______________________________________________________________


*ලූකොසැඩ් - ජපානයේ නිෂ්පාදනය කරන ශක්තිජනක පානයක්.
නෝර්ස්මැන්*1 - හාස්‍ය උත්පාදනය රුපවාහිනි වැඩසටහනක්.




Friday, October 5, 2018

ඔබට පෙර මම (Me Before You),




13වන පරිච්ඡේදය

" දෙවියනේ... එළිමහන ඉතාම සීතලයි." කාන්තාව පැවසීය. " උණුසුම් ගිණි උදුනක් තිබීම මේ අවස්ථාවේ වටිනවා."

මා ගිණි  උදුනේ දොරටුව විවර කළේය. උදුනේ කූර ගෙන එහි වූ ගිනියම් අගුරු එහා මෙහා කළේය.

" ලන්ඩන් වලට වඩා මෙහි අංශක කිහිපයක් පමණක් සීතල වැඩි වීම හොදයි."

" ඇත්තෙන්ම ඔව්." මිනිසා එයට එකග විය. 

" මා සිතා සිටින්නේ නිවසට දර අවුළුවන්නක් ගෙන එමටයි. පෙනන ආකාරයට නම් එය ගිණි උදුනකට වඩා වැඩියෙන් ක්‍රියාකාරීයි." ඇලිෂියා මදක් නැවි ගිණි උදුන දෙස බැලුවේ ඇය මින් පෙර කිසි දිනෙක එවැනි දෙයක් දැක නොමැති තැනැත්තියක ලෙසයි.

" ඔව්, මම ඒ ගැන අසා තිබෙනවා." මිනිසා පැවසීය.

" මම ඒ පිළිබද සොයා බැලිය යුතුයි. ඒවායෙන් කරන්නේ කුමක්ද හා..." ඇය මදක් නැවතිණි. " කෝපි කෝප්පය ඉතා රසවත්." ඇය නැවත පැවසීය. 

" ඉතින්, ඔබ මොනවද කරන්න සිතා සිටින්නේ විල්?" මිනිසාගේ හඩ ඉතා උද්යෝගිමත් විය. 

" වැඩි දෙයක් නැහැ. ඇති තරම් විහිළු සහගතයි."

" අනේ... එපමණද? නමුත් මානසිකව හෝ වෙනත් විදියකින්... කුමක් හෝ දියුණුවක් තිබේද?"

" මා සිතන්නේ නැහැ මට නැවත කාලෙකින් හිම ක්‍රීඩා කිරීමට හැකිවේවි කියා රුපට්." විල් පැවසීය. ඔහුගේ හඩ බාල විය.

මා මටම සිනාසුණේය. මේ තමයි මා දන්නා විල්. මා උදුනේ වූ අළු පිස දැමුවේය. ඒ අවස්ථාවේ ඔවුන් සියල්ලන්ම මා දෙස බලා සිටිනවා යන හැගීම මා සතු විය. නිහඩතාව එහි රජ කරන්නට වීය. මා හට පිරික්සීමට අමතක වීමෙන් මගේ කබායේ වූ ලේබලය එළියට පැමිණ ඇත්දැයි මා සිතීය. 

" ඉතින්..." අවසානයේ විල් පැවසීය. " ඔබේ මේ පැමිණීම සදහා මා කුමක්ද ලබා දීය යුතු? දැන්... මාස අටක් වෙනවා නේද."

" ඔහ්හ්... මා දන්නවා, මට සමාවෙන්න. ඇත්තෙන්ම එය... මම ඉතාම කාර්යබහුල වුණා. මට අලුත් රැකියාවක් ලැබුණා චෙල්සි* වලටත් එහායින්. එය සෂා රත්‍රන් බඩු අලෙවි සාප්පුවේ කලමනාකරණ තනතුරක්. ඔබට මතකද සාෂාව ? මම සති අන්තයේත් වැඩි වශයෙන් වැඩ කරනවා. සෙනසුරාදා දින වලදී එය සිතා ගත නොහැකි තරම් කාර්යබහුල වනවා. එම නිසා නිවාඩුවක් ලබා ගැනීම ඉතාම අපහසුයි." ඇගේ හඩ බිදෙනසුළු විය. " ඔබේ මව පැවසුවාද මා කිහිප අවස්තාවකම ඔබට ඇමතු බව?" 

" ලෙවින්ස්*1 වල හැම දෙයක්ම උමතුවක් බවට පත් වෙලා. ඔබ... ඔබ දන්නවා එය මොන වගේද කියා විල්. අපිට අලුත් හවුල්කරුවෙකු මුණ ගැසුණා. ඔහු බෙන්ස් නිව්යෝර්ක් වලින්, ඩන් බෙන්ස්. ඔබ සෑම විටම පාහේ ඔහුට විරුද්ධ වුණා."

" නැහැ."

" අවලම් මිනිහා, ඔහු පැය විසිහතරම වැඩ කර අනෙක් අයත් එසේ කරාවි යැයි සිතනවා." ඔහුට කතා කිරීමට පහසු මාතෘකාවකට එළබි නිසා ඒ මිනිසාගේ හඩ උද්වේගීමත වූ ආකාරය ඔබට අසන්නට තිබුණා නම්, " ඔබ දන්නවා නේද පැරණි වුල් ඇදුම් කර්මාන්තය, ඒවා තවදුරටත් ඔවුන් නිර්මාණය කරන්නේ නැහැ. විහිළුවක් නොවෙයි. විල් මම ඔබට කියන්නේ, වෙළදාමේ සියලු දේ වෙනස් වෙලා."

" ඇත්තට."

" ඔහ්හ් දෙවියනේ, ඔව්. වර්තමානයේ වෙළදාම,බදු විශාලයි. සමහරවිට මට හැගෙනවා මට මගේ පුටුවෙන් නැගිටීමට නොහැකි යැයි කියා."

වැකුම් යන්ත්‍රයකින් ඇද දැමුවාක් මෙන් කාමරයේ වූ වාතාශ්‍රය වියැකී ගියේය. කිසිවෙකු හෝ කහින්නට පටන් ගත්තේය. මා නැගී සිට මගේ කලිසමේ දෑත් පිසදා ගත්තේය. " මම... මම තවත් දර ටිකක් රැගෙන එන්නම්." විල් දෙසට හැරී මා සෙමෙන් කෙදිරිය.

බාල්දිය රැගත් මා එතනින් පිට විය.

එළිමහන ඉතා සිතල විය. නමුත් මා කාලය ගත වීම සදහා එහි මදක් නැවතී සෙමින් දර එකතු කරන්නට විය. නැවත කාමරය වෙත නොගොස් සීතලෙන් මිදී ඇගිළි අහිමි වීම වඩා හොද යැයි මට සිතිණි. නමුත් එළිමහන දරාගත නොහැකි තරම් ශීතල විය. මැහුම් කටයුතු සදහා භාවිතා කරන මාගේ දබංඟිල්ල ශීතලෙන් නිල් පැහැ ගැන්විය. අවසානයේ මට පරාජය භාර ගැනීමට සිදු විය. මා හැකිතාක් සෙමින් දර අදින්නට විය. ඉන්පසු මා නැවත උපගෘහය වෙත ගමන් කළේය. සෙමින් කොරිඩෝව පසු කළ මා විසිත්ත කාමරයට ඇතුල් වන විමට යන විට කාන්තාවක් කතා කරන ශබ්ධය ඇසිනි. 

" ඇත්තෙන්ම විල්, අප මෙහි පැමිණීමට තවත් හේතුවක් තිබෙනවා." ඇය පැවසීය. " අපට... කීමට දෙයක් තිබෙනවා."

දර බාල්දියද අතැතිව සිටි මා දොරටුවෙන් ඇතුල් මදක් පසුබට විය. 

" මා සිතුවේ... හොදයි, අප සිතුවේ එය ඔබ දැන ගැනීම ඔබේ අයිතියක්... නමුත්, හොදයි, මෙයයි කාරණාව. මමයි රුපට්ටුයි විවාහ වෙනවා."

එය නෑසුන ලෙස ආපසු හැරී යනවාද නැතිද යන්න සිතමින් මා එතැන සිටගෙන සිටියේය. 

අපහාසයට පත් වූ ආකාරයට කාන්තාව නැවත කතාව ඇරඕය. " බලන්න, මම දන්නවා ඔබට මෙය ඇසීම පුදුමයක් විය හැකියි. ඇත්තෙන්ම එය මටත් පුදුමයක්. අපි... එය... හොදයි, ඇත්තෙන්ම එය ආරම්භ වීමට කලක් ගත වුණා."

මගේ දෑත් තදින් රිදුම් දෙන්නට විය. කුමක් කරන්නදැයි සිතමින් මා බාල්දිය දෙසට නෙත් යොමු කළේය. 

" හොදයි, ඔබ දන්නවා නේ ඔබයි මමයි... අපි..."

නැවතත් දීර්ඝ නිහැඩියාවක් විය. 

" විල්, කරුණාකර කුමක් හෝ දෙයක් පවසන්න."

" සුභ පැතුම්." අවසානයේ ඔහු පැවසීය.

" මම දන්නවා ඔබ සිතන දේ. නමුත් අප දෙදෙනාගෙන් කෙනෙකුවත් මෙය සිතාමතා කළ දෙයක් නොවෙයි. ඇත්තමයි. බොහෝ කාලක පටන් අප දෙදෙනා මිතුරන් පමණයි. එය ඇත්තෙන්ම රුපට් පමණයි ඔබ නැති වුනාට පසුව මගේ සහයට සෑම දෙයකදීම ලග සිටියේ."

" ඔහුගේ කරුණාව."

" කරුණාකර මෙලෙස හැසිරෙන්න එපා. මෙය ඇත්තෙන්ම භයානකයි. මම ඔබට පැවසීමට බිය වුණා, අප දෙදෙනාම."

" ඇත්තට." උපහාසාත්මකව විල් පැවසුවේය.

රුපට්ගේ හඩ ඒ අතරට එක් විය. " බලන්න, අපි ඔබට මෙය කියන්නේ අප දෙදෙනාම ඔබ ගැන සිතන නිසයි. අපට අවශ්‍ය නැහැ එය ඔබ වෙනත් කෙනෙකුගෙන් අසනවා දකින්නට. නමුත්, ඔබ දන්නවා නේ. ජීවිතය ඉදිරියට යා යුතුයි. ඔබ එය දැන සිටිය යුතුයි. සෑම දෙයක්ම සිදු වී දැනට අවුරුදු දෙකක් ගතවී අවසන්."

එහි දිඝු නිහදතාවක් විය. තවදුරටත් එයට සවන් දීමට අවශ්‍ය නැති බව මට වැටහිණි. මම සෙමින් අඩි තබමින් දොරටුවේන් ඉවතට ගියේය. නමුත්, නැවතත් රුපට්ගේ හඩ වැඩි ශබ්ධයකින් ඇසෙන්නට විය.

" මේ බලන්න විල්, මම දන්නවා එය ඉතාම අමාරු කාර්යයක්... මේ හැම දෙයක්ම. නමුත් ඔබ ලීසා ගැන සිතනවා නම්, ඔබට අවශ්‍ය විය යුතුයි ඇය හොදින් ජිවත් වෙනවා දැකීමට."

" කුමක් හෝ කියන්න විල්, කරුණාකරලා."

මට ඔහුගේ මුහුණ මැවී පෙනුණේය. හැගීම් තේරුම් ගැනීමට අපහසු වූ ඔහුගේ මුහුණේ ඇති අවඥාසහගත බව මා දුටුවේය. 

" සුභ පැතුම්." අවසානයේ ඔහු පැවසීය. " මට විශ්වාසයි ඔබ දෙදෙනා සතුටින් සිටීවි."

ඇලිෂියා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය. එය නොපැහැදිලි විය. නමුත් එය අතරමැදදී රුපට් විසින් නවතන ලදී. " නවත්වන්න ලීසා, මා සිතන්නේ අප මෙතැනින් පිටවිය යුතුයි. විල්, අප පැමිණියේ ඔබේ ආශිර්වාද ලබා ගැනීමට නොවෙයි. අප එය පැවසුවේ ඔබට ගරු කිරීමක් ලෙස පමණයි. ලීසා සිතුවා... අප දෙදෙනාම සිතුවා... ඔබ එය දැන ගත යුතු බව. සමාවෙන්න පැරණි හාදයෝ. මම... මම සිතනවා ඔබ තත්වය යහපත් වේවි කියා. ඒ වගේම ඔබ දන්නවා නේ... ඔබ මදක් හෝ සුවපත් වුවොත් නැවත කතා කරන්න."

අඩි ශබ්ධ අසුනයින් මා ඒ අවස්තාවේ එන බව පෙනීමට හුන් තැනම නැවතුණේය. ඔවුන් කොරිඩෝව තුළින් එන හඩ ඇසෙන්නට විය. ඇලිෂියා මා ඉදිරියට පැමිණියේය. ඇගේ දෑස් හැඩිමට ආසන්න ලෙසින් රත් පැහැ වී තිබුණේය. 

" මම නාන කාමරය පාවිච්චි කරන්නද?" යැයි බිදුණු හඩින් ඇය ඇසීය.

මා සෙමෙන් ඇගිල්ලක් ඔසවා නාන කාමරය ඇති දෙස පෙන්වීය. ඉන්පසු ඇය මා දෙස තදින් බැලිය. මගේ මුහුණේ වූ පෙනුම ඇය වටහාගෙන ඇති බව මට වැටහිණි. මා කිසිලෙසකින්වත් හැගීම් සැගවීමට දක්ෂ නොවිය. 
" මම දන්නවා ඔබ සිතන්නේ කුමක්ද කියා." ඇය පැවසිය. විරාමයකින් පසු ඇය නැවත කතා කළේය. " නමුත් මම උත්සහ කළා. මම ඇත්තෙන්ම උත්සහ කළා. මාස ගණනක්... නමුත් ඔහු මාව නිකන්ම ඈත් කළා." ඇගේ කම්බුල් රත් පැහැ වී පිපිරීමට ආසන්න ස්වරුපයක් ඉසිලුවේය. " ඔහු මට මෙහි සිටීනාවාට කැමති වුණේ නැහැ, ඒ බව ඔහු පැහැදිලිවම පැවසුවා."

ඇය මා කුමක් හෝ පවසන තුරු බලා සිටින බව මට වැටහිණි. 

" එය ඇත්තෙන්ම මට අදාළ දෙයක් නොවෙයි." අවසානයේදී මා පැවසීය.

අප දෙදෙනාම මුහුණට මුහුණ බලා සිටියේය. 

" ඔබ දන්නවද, ඔබට ඇත්තෙන්ම උදවු කරන්න පුළුවන් උදවු අවශ්‍ය කෙනෙකුට පමණයි." යැයි පැවසු ඇය පිටව ගියේය. 

මා එහි මිනිත්තු කිහිපයක් රැදී සිටියේය. ඔවුන් පැමිණි මෝටර් රථයේ ශබ්ධය වියැකී යන තෙක් මා එය අසා සිටියේය. ඉන් පසු මුළුතැන්ගෙට පිවිසි මා තේ බීමට අවශ්‍යතාවයක් නැතත් උණුවතුර කේතලය ලිප තබා බලා සිටියේය. මා මින් පෙර කියවූ සගරාවක් අතට ගත මා නැවත එය තිබු තැනම තබා කොරිඩෝවට පිවිසියේය. අවසානයේ එහි මා තබා ගිය දර බාල්දිය රැගෙන මා දොරට තට්ටු කර විසිත්ත කාමරයට පිවිසියේය. 

" මට පුදුමයි, ඔබට අවශ්‍යද මම..." මා පටන් ගත්තේය. නමුත් එහි කිසිවෙක් නොවිය. විසිත්ත කාමරය හිස් විය. එවිටම යමක් බිම පතිතව බිදී යන ශබ්ශයක් ඇසෙන්නට විය. මා කොරිඩෝව දෙසට දිව යන විට තවත් යමක් බිදී යන හඩ ඇසෙන්නට විය. එය විදුරු බිදෙන ශබ්ධයක් විය. ඒ ශබ්ධය ඇසුණේ විල්ගේ නිදන කාමරය දෙසිනි. 

" අහෝ දෙවියනේ, ඔහුට අනතුරක් කරගැනීමට ඉඩ නොදෙන්න."

මතු සම්බන්දයි.

___________________________

* චෙල්සි - ලන්ඩනයේ කුඩා නගරයක් 
*1 ලෙවින්ස් - ව්‍යාපාර නාමයක්


Thursday, September 27, 2018

ඔබට පෙර මම (Me Before You),


12වන පරිච්ඡේදය

මට ඔහු වෙනුවෙන් කණගාටු වීමට අවශ්‍ය විය. ඇත්තෙන්ම මා ඔහු පිළිබද කනගාටු විය. ඔහු තනිව කවුළුවෙන් එළිය බලා සිටින විට, මට මෙතෙක් හමුවූ දුක්බරම මිනිසා ඔහු යැයි මා සිතුවේය. දිනෙන් දින ගත වන විට ඔහු මේ තත්වයට පත්ව තිබෙන්නේ ඔහුගේ අසනීපයෙන් පමණක් නොව කායික නිදහස නැති වීමෙන් බව මට වැටහිණි. නමුත් එය කිසිදා නිම නොවන වෙහෙසකර අපහාසයක් සහ අයහපත් සෞඛ්‍යය තත්වයෙ අවධානමට මැදිවූ තත්වයක් විය. අවසානයේදී මා තීරණය කලේ මා විල් වුවා නම් අනිවාර්‍යයෙන්ම මා ද අභාග්‍යසම්පන්න වනු නියත බව. 

නමුත්, අහෝ දෙවියනේ... ඔහු මා හට ඉතා දුෂ්ඨ ලෙස සැළකුවේය. මා පැවසු සැම දෙයකටම තියුණු කර්කශ පිළිතුරක් ඔහු සතු විය. ඔහුට උණුසුම ඇති දැයි මා ඇසුවොත්, ඔහුට තවත් බැන්කට්ටුවක් අවශ්‍ය බව මට හැගෙන තුරු ඔහු මා හා ඒ පිලිබදව ප්‍රතිවාද කරයි. වැකුම් යන්ත්‍රයේ ශබ්ධය ඔහුට චිත්‍රපටය නැරබීමට බාධාවක්ද යන්න මා ඔහුගෙන් ඇසුවහොත්, ඔහු මගෙන් මෙලෙස අසයි. 'ඇයි, ඔබට පුලුවන්ද එය ශබ්ධ නොනගා ක්‍රියාත්මක කිරීමට.' මා ඔහුට ආහාර ලබා දෙන විට ඔහු ඒවා ඉතා උණුසුම් බව හෝ සීත බවට චෝදනානගයි. නැතිනම් ඔහු පෙර කැවූ ආහාර පිඩ ඉවර කිරීමට මත්තෙන් මා අනෙක් අහාර පිඩ සහිත ගැරප්පුව ඔහුගේ මුවට ලං කළ බවට මැසිවිලි නගයි. ඔහුට මා මෝඩයකු සේ ඒත්තු ගැන්වීමට මා විසින් කරන සෑම දෙයක් පිළිබදවම චෝදනා කිරීමට හැකියාව තිබිණි.

පළමු සති දෙක තුළ ඉතාම විශිෂ්ඨ ලෙස මගේ මුහුණ හැගීම් විරහිතව තබා ගැනීමට මට හැකි විය. එමෙන්ම මා හැකි වූ විගස ඔහුට සුළු දෙයක් හෝ පවසා ඉවත හැරී වෙනත් කාමරයක් තුළට අතුරුදහන් විය. මා ඔහුට වෛර කිරීමට පටන් ගත්තේය. එමෙන්ම ඒ බව ඔහු දන්නා බව මට විශ්වාස විය. 

මගේ පැරණි රැකියාව පිළිබද අඩුව මේ සිතනවාටත් වඩා සිතීය හැකි යැයි මා කිසිලෙසකින් වත් සිතුවේ නැත. මට ෆෑන්ක් සිහි විය. සැම උදැසනකම ඔහු මා දැකීමට නොයිවසිල්ලෙන් පසු වන අකාරය මට සිහි විය. මට එහි වූ පාරිභෝගිකයන් සිහිවිය, ඔවුන් හා වූ සම්භන්ධතාවය සිහිවිය. එමෙන්ම කරුණා සාගරයක් බදු වූ ඔවුන්ගේ සුහදශීලී කතාබහ මා වටා විය. මේ නිවස, සුන්දර හා වටිනා එකක් විය. නමුත් එය මෝචරියක් මෙන් නිශ්ශබ්ද විය. මාස හයක්... නිශ්ශබ්දතාවය දරාගත නොහැකි වූ විට මා මටම එසේ කියාගත්තේය. මාස හයක්. 

ඉන්පසු එක් බ්‍රහස්පතින්දා දිනයක විල්ට උදැසන ලබා දීය යුතු අධි කැලරි සහිත පානය සකසමින් සිටින අතර ට්‍රයිනොර් මහත්මියගේ හඩ ශාලාව දෙසින් මට ඇසිණි. එයට අමතරව එහි තවත් හඩවල් කිහිපයක් විය. මා බලා සිටියේය. ගැරප්පුව තවමත් මා අත විය. මට හදුනාගත හැකි වූ පරිදි එය ඉතා පැහැදිළි තරුණ ගැහැණු කටහඩක් විය. ඒ අතර පිරිමි හඩක්ද ඇසෙන්නට විය. 

ට්‍රයිනොර් මහත්මිය මුළුතැන්ගෙයි දොරෙන් මතු විය. බිකරය වේගයෙන් ගසමින් මා කාර්යබහුල බව පෙන්වීමට තැත් කළේය. 

" එය සාදන්නේ වතුර හා කිරි 60ට 40 අනුපාතයටද ?" බිකරය දෙස බැලු ඇය ඇසුවේය.

" ඔව්, එය ස්ට්‍රෝබෙරි රසකාරක යෙදු එක."

" විල්ගේ මිතුරන් ඔහුගේ සුවදුක් බැලීමට පැමිණ තිබෙනවා, එය සැබවින්ම හොදයි ඔබ...."

" මට මෙතන සිට කිරීමට තව විශාල වැඩ කොටසක් ඉතිරිව තිබෙනවා." මා පැවසීය. ඔහුගේ සමාගමෙන් පැයක් හෝ ඊට ආසන්න කාලයක් ඇත්ව සිටීමට ලැබීම ඇත්තෙන්ම මට පහසුවක් විය. මා බීකරය මුඩියෙන් තද කර වැසුවේය. " ඔබේ අමුත්තන් තේ හෝ කෝපි කෝප්පයකට කැමති වේවිද?"

ඇය පුදුම සහගතව මා දෙස බැලිය. " ඔව්, එය ඇත්තෙන්ම ඉතා කරුණාවන්ත දෙයක්. මා සිතන්නේ මම..." ඇය වෙනදාටත් වඩා නොරිස්සුම් සහගත ලෙස හැසිරුණේය. ඇගේ දෑස් කොරිඩෝව දෙසට නිතරම යොමු විය. කොරිඩෝවට එපිටින් වූ විසිත්ත කාමරයේ මුණු මුණු හඩ අපට ඇසිණි. විල් බැලීමට විශාල අමුත්තන් පිරිසක් පැමිණ නැති බව මා අනුමාන කළේය. 

" මා සිතන්නේ... මා සිතන්නේ මා එහි ඔවුන්ට ඉඩදී ඉවත් විය යුතුයි." ඇය නැවත් කොරිඩෝව දෙසට දෑස් යොමු කළේය. ඇය සිතුවිලි ඔස්සේ බොහෝ දුර ගොස් ඇති බව පැහැදිලි විය. " රූපට්, එයා රූපට්. ඔහු රැකියාව කළ ස්ථානය පැරණි මිතුරෙක්." ඇය පැවසුවේය. ඇය හදිසියේම මා දෙසට හැරුණේය. 

එය යම් අයුරකින් භාරදුර දෙයක් යැයි මා හට හැගිණි. එමෙන්ම එහි වුයේ මා පමණක් වුවද ඇයට එය කිසිවෙකු හා බෙදා ගැනීමට අවශ්‍ය වූ බව මා හට වැටහිණි. 

" ඒවගේම ඇලිෂියා, ඔවුන්... සමීපයි... ටිකක් විතර... තේ එකක් ලබා දෙන එක ඇත්තෙන්ම හොදයි. ඔබට ස්තුතියි ක්ලාක් මෙනවිය."

දොරෙන් ඇතුල්වීමට පෙර මා අවිනිශ්චිතව මොහොතක් රැදී සිටියේය. දොර විවෘත කර එය මගේ උකුළ අදාරයෙන් තල්ලු කළේ තේ බන්දේසිය සෙලවීමකින් තොරව රැගෙන යාමට පහසු වීම පිණිසයි.

" ට්‍රයිනොර් මහත්මිය පැවසුවා ඔබ කෝපි කෝප්පයක් රස විදීමට කැමති බව." එහි ඇතුළුවනවාත් සමගම මා පැවසිය. බන්දේසිය විසිත්ත කාමරයේ වූ කනප්පුව මත තැබූ මා බටය විල් දෙසට හැරෙන ලෙස ඔහුගේ පුටුවෙහි වූ කෝප්ප රදවනයෙන් බිකරය තැබීය. එවිට ඔහුට හිස පමණක් සොලවා එය පානය කිරීමට හැකි විය. 

ඒ අතර තුර මා ඔහුගේ අමුත්තන් දෙස හොරැහින් බැලුවේය. මුලින්ම මගේ ඇස ගැටුණේ එහි සිටි කාන්තාවය. ඉතා දිගු පාද සහිත තැනැත්තියක් වූ ඇයගේ හිසකෙස් රන් පැහැති විය. එමෙන්ම සම සුදුමැළි කැරමල් පැහැයක් ගත්තේය. ඇය දුටු විට මා පුදුම වුයේ මිනිසුන් සියල්ලන්ම ඇත්තෙන්ම එකම ජාතියක සත්ව කොට්ටාශයක් විය හැකි ද යන්නය. ඇගේ පෙනුම මනුෂ්‍යකු ස්වරුපයෙන් වූ දුවන අශ්වයෙකුගේ මෙන් විය. මා ඇතැම්විට මෙවැනි කාන්තාවන් දැක ඇත. ඔවුන් සාමාන්‍යයෙන් මාළිගාව වෙත වූ කන්ද තරණය කරන්නේය. එමෙන්ම ඔවුන් අවන්හලට පැමිණි විට ඔවුන්ගේ හඩ පළිගු මෙන් පැහැදිලි හා ස්ථිර ඇසුණේ බොහෝවිට ඔවුන් මෙලෙස අසන විටයි. " හැරී වස්තුවේ, ඔයා කැමතිද කෝපි බොන්න. මම බලන්නද ඔවුන් මැකියාටෝ* සදනවද කියා." ඇය අනිවාර්යෙන්ම මැකියාටෝ කාන්තාවක්. ඇය පිළිබද සෑම දෙයක්ම මුදල් වල සුවද මුසු ඒවා විය. උරුමය හා ජීවිතය ඔපවත් සගරාවක පිටු මෙන් ගෙවෙන්නක් විය. 

ඉන්පසු මා ඇයව ඉතා ළගින් නිරීක්ෂණය කර තිගැස්මකින් යුක්තව වටහා ගත් පළමු දේ නම් විල්ගේ හිම මත ලිස්සා යන චායාරුප වල වූ තරුණිය ඇය බවයි. දෙවැන්න නම් ඇය ඇත්තෙන්ම, ඇත්තෙන්ම ඉතාමත් අපහසුතාවයට පත්ව ඇති බවයි. 

එක් වරම විල්ගේ කම්බුල සිපගත් ඇය නුහුරු ලෙස සිනාසෙමින් නැවත පසු පසට අඩි තැබීය. ඇය දුබුරු පැහැති බැටළු හමෙන් නිමවන ලද අත් රහිත කබායකින් සැරසී සිටියේය. ඇගේ ගෙළ වටා අළු පැහැති සිනිදු ලෝම සළුවක් විය. එය නිතර අදිමින් ඇය අපහසු ලෙස හැසිරුණේය. එය දිස්වූයේ ඇය බැද සිටිනවද නැතිද යන්න තිරණය කිරීමට අපහසු බවයි.

" ඔබට දැන් හොදයි වගේ." ඇය පැවසීය. " ඇත්ත, ඔබ... ඔබගේ හිසකෙස් තරමක් වැවී තිබෙනවා."

විල් කිසිවක් නොපැවසීය. ඔහු ඇය දෙස බලා සිටියේය. සෑමවිටම මෙන් ඔහුගේ මුහුණේ වූ හැගීම තේරුම් ගැනීමට අපහසු විය. මට දැනුණේ සැබවින්ම ඔහු මා දෙස පමණක් එලෙස නොබලන බව මට වැටහිණි. 

" අලුත් පුටුවක්, නේද..." යැයි පවසමින් මිනිසා විල්ගේ පුටුවෙහි පිටුපසට තට්ටු කළේය. දම්වැල ඇද තද කර බැලුවේය. ඉන්පසු ඔහු නවීන ක්‍රීඩා මෝටර් රථයක් අගය කරන්නාක් මෙන් ශබ්ධයක් නිකුත් කළේය. " පෙනෙන ලෙසට නම්... මෙය ඉතා විශිෂ්ඨයි... උසස් තාක්‍ෂණය."

විල්ගේ හඩින් නිශ්ශබ්දතාවය බිදෙන තෙක් කිරීමට දෙයක් සිතා ගත නොහැකිව එක් පාදයක් මාරුවෙන් මාරුවට ඔසවමින් මා මොහොතක් එතැන රැදී සිටියේය. 

" ලුසියා, ඔබට හැකිද ලී දඩු කිහිපයක් ගින්නට දමන්න. මා සිතන්නේ එය තවත් උණුසුම් විය යුතුයි." 

ඔහු මගේ ක්‍රිස්තියානි නම භාවිත කළ පළමු අවස්තාව එය විය. 

" අනිවාර්යෙන්ම." මා පැවසීය.

මා කඩිසරව ගිණි උදුන වෙත ගොස් ලී කොට තබා තිබු භාජනයෙන් ගෙන ගිණි උදුන නැවත සකසන්නට විය. 

මතු සම්භන්දයි!

_______________________________________________


*මැකියාටෝ - කිරි යොදා පෙණ ගන්වන ලද කෝපි.

Sunday, September 9, 2018

ඔබට පෙර මම (Me Before You),




11වන පරිච්ඡේදය.

" ඔබට එලෙස උත්සාහය අත්හැරිය නොහැකියි." 

මා යොවුන් වියේදී මෙන් බිත්තිය මත පාද තබාගෙන ඇදේ නිදා සිටියේය. රාත්‍රී කෑම වෙලාවේ මා මෙතැනට වී සිටියේය. එය ඇත්තෙන්ම මට නුපුරුදු දෙයක් විය. තෝමස් ඉපදුණු පසු ඔහු හා ට්‍රිනා විශාල කාමරයට මාරු වී ගියේය. පැය භාගයකට වඩා එහි සිටියේ නම් හුස්ම ගැනීමට පවා අපහසු වන කුඩා පෙට්ටි කාමරය මට හිමි විය.

නමුත් මට මව හා සීයා සමග පහත මහලේ සිටීමට උවමනා නොවිය. මව මා දෙස මහත් උනන්දුවෙන් බලා ඇය අවුරුදු විස්සක් පුරාවට හොද රැකියාවක යෙදුනාක් මෙන් ' එය හොදින් වේවි කෙල්ලේ ' හෝ ' කිසිම රැකියාවක් පළමු දිනයේදී හොද වෙන්නේ නැහැ ' වැනි දේ පැවසීම නිසා මා ඔවුන්ගේ සමාගම අප්‍රිය කළේය. එය මා හට වරදකාරී හැගීමක් දැනවිය. එමෙන්ම මා තවම කිසිවක් කර තිබුණේ නැත. 

" උත්සාහය අත්හැරි බව මා පැවසුවේ නැහැ." 

සෑමවිටම මෙන් ට්‍රිනා තට්ටු කිරීමකින් තොරව ඇතුළට පැමිණියේය. නමුත් තෝමස් නිදි නැති නම් ඇගේ කාමරයට යන විට සෑම විටම මා තට්ටු කළේය.

" මම නිරුවතින් සිටින්නට පුලුවන්, අඩුමගානේ ඔබට එන්න කලින් කෑගසන්නට තිබුණා."

" ඊටත් වඩා නරක දේවල් මම දැකලා තියෙනවා. අම්මා හිතන්නේ ඔබ ඉවත්වීමේ ලිපිය ඔවුන් අතට දේවි කියා."

මම මගේ දෙපා බිත්තියෙන් ලෙස්සා ගෙන ගොස් ඇද මත හිද ගත්තේය. 

" අනේ දෙවියනේ ට්‍රිනා, එය මා සිතුවාට වඩා නරකයි. ඔහු ඉතාම අභාග්‍යසම්පන්න මනුස්සයෙක්."

" ඇත්ත ඔහුට ඇවිදීමට බැහැ. ඔව් අනිවාර්යෙන්ම ඔහු අභාග්‍යසම්පන්නයි."

" නැහැ, නමුත් ඔහු ඒ පිළිබදව උපහාසාත්මකව අධම ලෙස හැසිරෙනවා. මා යමක් කියන විට හෝ යම්දෙයක් යෝජනා කරන විට ඔහු මා දෙස බලන්නේ මා මෝඩයකු ලෙසයි. නැත්නම් ඔහු යමක් පවසනවා මට අවුරුදු දෙකක දරුවෙකු ලෙස හැගෙන පරිදි."

" ඔබ අනිවාර්‍යයෙන්ම මෝඩ වැඩක් කරන්න ඇති. ඔබ කළ යුත්තේ එකිනෙකාට පුරුදු විම පමණයි." 

" ඇත්තෙන්ම මම කිසිවක් කළේ නැහැ, මම ගොඩක් පරිස්සම්. ' ඇවිදීමට එළියට යෑමට අවශ්‍යද ' නැතිනම් ' ඔබ තේකක් බීමට කැමතිද ' යන්න හැර මා ඔහුගෙන් දෙයක් අසන්නේ ඉතාම කලාතුරකින්."

" හොදයි, සමහරවිට ඔහු සෑම දෙනෙක් සමගම ආරම්භයේදී එලෙස හැසිරෙනවා විය හැකියි. ඔහු ඔබ ගැන දැනගන්න තෙක්. මට ඕනෑ ඔට්ටුවක් ඇල්ලීමට පුළුවන් ඔවුන්ට මීට පෙර සත්තු සේවිකාවන් රැසක් සිටි බවට."

" ඔහු කැමති නැහැ ඔහු සිටින ස්ථානයකවත් මා සිටිනවාට. මා සිතන්නේ නැහැ මට එයට හුරුවීමට පුළුවන් වේවි කියා කත්රිනා. මම ඇත්තෙන්ම සිතන්නේ නැහැ. අවංකවම, ඔබ එහි සිටියා නම් ඔබ එය තේරුම් යාවි."

ට්‍රිනා ඉන්පසු කිසිවක් නොපවසා මා දෙස මොහොතක් බලා සිටියේය. ඇය නැගිට ගොස් දොරෙන් එබී කිසිවෙකු හෝ පැමිණෙන්නේ දැයි විපාරම් කර බැලීය.

" මා සිතාගෙන සිටින්නේ නැවතත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමටයි." අවසානයේ ඇය පැවසීය. එය මගේ මොළයට යෑමට මිනිත්තු කිහිපයක් ගත විය. 

" මගේ දෙවියනේ, " මා පැවසීය. " නමුත්...."

" මම ගාස්තු ගෙවීමට ණයක් ගන්න ඉන්නේ. නමුත් මට විශේෂ ආධාර මුදලකුත් ලැබේවී, තෝමස්ව ලැබීම නිසා. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් මගේ ගාස්තු අඩු කළා, මොකද ඔවුන්....." ඇය මද අපහසුවකින් උරහිස් සෙලවිය. " ඔවුන් පැවසුවා ඔවුන් සිතනවා කියා මා ජයග්‍රහණය කරයි කියා, 
ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවෙන් කෙනෙකු ඉවත් වී තිබෙනවා, ඉතින් ඔවුන්ට පුළුවන් මාව ඊලග කොටසට බදවා ගන්න."

" තෝමස්ට කුමක්ද සිදුවන්නේ?"

" විශ්වවිද්‍යාලය තුළ බාලාංශ පන්තියක් තිබෙනවා, සතියේ දින වල සිටීමට අපට මිලෙන් අඩු තට්ටු නිවාසයක කොටසක් ලබා ගත හැකියි.බොහෝවිට සති අන්තයේදී නැවත මෙහි පැමිණිය හැකියි."

" ඔහ්හ්."

මට ඇය මා දෙස බලා සිටින බව දැනිණි. මගේ මුහුණින් කුමන ඉරියවුවක් පෙන්වන්නද මා දැන සිටියේ නැත. 

" ඇත්තෙන්ම මගේ මොලය නැවත භාවිතා කිරීම ඉතාම දුෂ්කර වේවි. දැන් මගේ ඔලුව පුරාම තිබෙන්නේ මල් සැකසීම පමණයි. මට ඉගෙන ගැනීමට අවශ්‍යයි. ඒවගේම මට ඇති වෙලා සෑමවිටම මගේ අත් සිතල වතුරෙන් ගල් ගැසීම මල් සැකසුම් නිර්මාණය කිරීමේදී."

අප දෙදෙනාම ඇගේ දෑත් දෙස බැලුවේය. උණුසුම්ව පැවති අප නිවසේදී පවා ඇගේ දෑත් රෝස පැහැති විය. 

" නමුත්..."

" ඔව්, මම රැකියාවට යන්නේ නැහැ ලු. මට අම්මාට කිසිවක් දීමට හැකි වෙන්නේ නැහැ. මට සමහරවිට... මට සමහර විට ඔවුන්ගෙන් උදවු අවශ්‍ය වේවි." මේ අවස්ථාවේ ඇය මදක් නොසන්සුන් විය. ඇගේ ඉරියවු, ඇය මා දෙස බැලුවේ සමාව අයදින ස්වරුපයකිනි. 

පහළ මහලේ මව රූපවාහිනියේ වූ කිසිවකට සිනාසෙනු ඇසිණි. ඇය සීයාට කෑගසනු අපට ඇසිනි. අප කොතරම් ඇයට එසේ කිරීම උවමනා නැති බව පැවසුවත් ඇය එහි වූ වැඩසටහන් ඔහුට විස්තර කළේය. මට කතා කිරීමට නොහැකි විය. මගේ සොයුරියගේ වදන් අනුකම්පා විරහිත ලෙස ස්ථිර විය. 

" මට ඇත්තටම මෙය කිරීමට අවශ්‍යයි ලූ. මට මීට වඩා දෙයක් තෝමස් වෙනුවෙන් අවශ්‍යයි, අප දෙදෙනාම වෙනුවෙන්. එය කිරීමට තිබෙන එකම ක්‍රමය නැවත විශ්වවිද්‍යාලයට ඇතුල්වීම පමණයි. මට පැට්රික් කෙනෙක් නැහැ, මම සිතන්නේ නැහැ නැවත කවමදාකවත් පැට්රික් කෙනෙක් සිටීවි කියා. කිසිවෙකුත් මා සමග සම්භන්ධයක් ඇති කරගෙන නැහැ මට තෝමස් ලැබුණු පසු. මම මට හැකි උපරිමයෙන් කළ යුතුයි."

මා කිසිවක් නොපැවසූ විට ඇය නැවත මෙලෙස පැවසීය. " මමයි තොමසුයි වෙනුවෙන්."

මා හිස සැලුවේය. 

" කරුණාකර ලූ."

මගේ සොයුරියව මෙලෙස මා කෙදිනකවත් දැක නැත. ඇත්තෙන්ම ඇගේ බැල්ම මා අපහසුතාවයට පත් කළේය. මා හිස ඔසවා සිනාසුනේය. එය පවසන විට මගේ හඩ මගේම හඩ ලෙස නොඇසිණි. 

" හොදයි, ඔබ පැවසු පරිදි ඔහුට හුරුවූ විට එය හරි යාවි. අමාරු වන්නේ පළමු දින කිහිපය පමණයි. නේද? "

_____________________________________________________


ඔවුන්ගේ කාලසටහනට හුරු වෙමින් සති දෙකක් ගෙවී ගියේය. සෑම දිනකම මා උදෑසන අට වන විට ග්‍රන්ටා නිවසට පැමිණිය යුතුය. මා එතැන්සිට එහි සිටියේය. නාතන් විල්ගේ ඇදුම් මාරු කරන අතරතුර ඔහුගේ ඖෂධ ගැන හා විශේෂයෙන් ඔහුගේ සිතේ ස්භාවය පිළිබද පවසන දේ මා ඉතා අවධානයෙන් අසා සිටින්නේය. 

නාතන් පිටව ගිය පසු මා රේඩියෝවේ හෝ රූපවාහිනියේ වැඩසටහනක් විල් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේය. ඉන්පසු ඔහුගේ ඖෂධ ලබා දෙන්නේය. සමහර අවස්ථා වලදී ඒවා කුඩා වංගෙඩිය ආධාරයෙන් කුඩු කර ලබා දෙන්නේය. සාමාන්‍යයෙන් මිනිත්තු දහයක් නැති නම් ඔහු මා දැක වෙසෙසට පත් වූ බව නිවැරදිව පසක් වන තෙක් මා ඉතා අසීරුවෙන් අනෙක් වැඩ කටයුතු වල නිරත වෙයි. මා කිලිටු වී නොමැති අත් පිස්නා සෝදයි නැතිනම් කුඩා දුහුවිලි අංශු රැදුණු ජනෙල රාමු සොයා ඒවා වැකුම් යන්ත්‍රයෙන් ඉවත් කරයි. ඉන් පසු ට්‍රයිනොර් මහත්මිය පැවසු පරිදි සෑම මිනිත්තු පහළොවකටම වතාවක් දොරෙන් ඔලුව දමා බලයි. ඒ සෑම විටම ඔහු රෝදපුටුවේ සිට හිමෙන් වැසි පාලුවට ගිය ගෙවත්ත දෙස බලා සිටී.

පසුව මම ඔහුට බීමට ජලය රැගෙන යයි, නැතිනම් ඔහුගේ බර නිසියාකාරව තබා ගැනීමට ලබා දෙන පැස්ටල් දිය කලාක් වැනි පාටක් වූ පෝෂණීය පානය ඔහුට ලබා දෙයි. එසේත් නැති නම් ඔහුට ඔහුගේ කෑම ලබා දෙයි. ඔහුට ඔහුගේ දෑත් පහළ කොටස මදක් සෙලවිය හැකි විය, නමුත් ඔහුට දෑතම සෙලවීමට නොහැකිය. එම නිසා ඔහු කෑම හැන්දකින් කැවිය යුතු විය. ඇත්තෙන්ම දිනයේ නරකම කාලය එය විය. වැඩුණු මිනිසෙකුට හැන්දකින් කැවීම මා හට මහත් අප්‍රසන්න හැගීමක් ඇති කරේය. විල් එයට බෙහෙවින් වෛර කළේය. මා එලෙස කරන අතරතුර කිසිලෙසකින්වත් ඔහු මා දෙස නොබැලුවේය. 

ඉන්පසු එකක් ඉවර වීමට පෙර නාතන් පැමිණි විට මට මගේ කබායද රැගෙන විදි දිගේ ඇවිදීමට මෙතැනින් අතුරුදහන් විය හැකිය. සමහර අවස්ථා වලදී මා දිවා ආහාරය ගත්තේ මාළිගාව ඉදිරිපිට ඇති බස් නැවතුමේ සිටය. එළිමහන ඉතා ශීතල විය, මා එතැන සිට සැන්විච් ආහාරයට ගැනීම ඉතා අනුකම්පා සහගත ලෙස කෙනෙකුට් දිස්වනු ඇත. නමුත් තවදුරටත් මා ඒ පිළිබද තැකීමක් නොකළේය. මා දන්නා එකම දෙය නම් මා හට එම නිවස තුළ මුළු දිනයම සිටීමට නොහැකි බව පමණක් විය. 

සවස් වරුවේ මා ඩිවීඩි තැටි යන්ත්‍රයේ චිත්‍රපටයක් දැමිය යුතු විය. විල් සතුව ඩිවීඩි සමාජයේ සාමාජිකත්වය තිබු හෙයින් සෑම උදෑසනකම නව චිත්‍රපට තැපෑලෙන් නිවසට ආවේය. නමුත් ඔහු කෙදිනකවත් ඔහු හා ඒවා නැරබීමට මට ආරාධනා කරන්නේ නැත. ඉතින් මා සුපුරුදු පරිදි මුළුතැන්ගෙයි හෝ අනෙක් අතිරේක කාමරයේ තනිව හිද සිටියි. එම නිසා මා පොතක් හෝ සගරාවක් ගෙන ඒමට තීරණය කරන ලදී. නමුත් එලෙස වැඩෙහි නොයෙදී සිටීම මා හට ඉතා වරදකාරී හැගීමක් දැනෙන්ට විය. එමෙන්ම මා හට කිසිලෙසකින්වත් එහි වූ වචනයකටවත් අවධානය යොමු කිරීමේ හැකියාවක් නොවිය. 

ඇතැම්විට දවස අවසානයේ ට්‍රයිනොර් මහත්මිය පැමිණියේය. නමුත් ඒ සෑමවිටම "හැමදේම හොදින්ද?" යන්න ඇසීම හැර ඇය මා හට වැඩි දෙයක් පැවසුයේ නැත. එයට මා දැන සිටි එකම පිළිතුර "ඔව්" කීම පමණි.

ඇය විල්ට කුමක් හෝ අවශ්‍ය දැයි අසයි. ඇතැම්විට ඔහු හෙට දින කිරීමට කැමති දෙයක් හෝ ඇවිදීමට යෑමට යෝජනා කරයි. නැතිනම් ඔහුව මුණගැසීමට විමසු මිතුරන් ගැන සදහන් කරයි. ඒ සෑම වෙලාවකදීම ඔහු ඇයගේ වදන් නොසලකා හරි. නැතිනම් නොහික්මුණු ලෙස හැසිරෙයි. එවිට ඇය ඇගිළි තුඩු වලින් නොසන්සුන් ලෙස මාලය පිරිමදින අතර ඇගේ මුහුණ ඉතා ශෝකානුකුල වෙයි, අවසානයේ ඇය පිටවී යයි. 

ඔහුගේ පියා මනා සිරුරකින් හෙබි වැදගත් පෙනුමැති මිනිසෙකු විය. සාමාන්‍යයෙන් ඔහු පැමිණෙන්නේ මා පිටව යෑමට සුදානම් වූ විටය. ඔහුට පන් තොප්පියක් පැළද ක්‍රිකට් ක්‍රීඩාව නරබන මිනිසෙකුගේ පෙනුමට සමාන පෙනුමක් විය. එමෙන්ම නගරයේ වූ ධනවත් රැකියාව අත්හැරී පසු ඔහු මාලිගයේ කළමනාකාරිත්වය පිළිබදව වැඩිපුර වෙහෙසෙනු දක්නට ලැබුණේය. මෙය කරුණාවන්ත ඉඩම් හිමියෙකු තම අත් ඇතුළේ තබා ගැනීම සදහා පමණක් පරණ වූ අල ගෙඩියක් හෑරීම වැනි දෙයක් ලෙස මට දිස්විය.  ඔහු සෑම දිනකම සවස පහ වන විට රාජකාරි නිම කර විල් සමග රුපවාහිනිය නැරබීමට එක් විය. ඔහු ප්‍රවෘත්තියේ වූ දේවල් නැවත සාකච්ඡා කරනු සමහර අවස්ථා වල මා පිටව යන විට ඇසී ඇත.

මේ පළමු සති කිසිපය තුළදී මා හට විල් ට්‍රයිනොර් ඉතා ලගින් අධ්‍යනය කිරීමට අවස්තාව ලැබිණි. මින් පෙර ඔහු තුළ සිටි පුද්ගලයා මතකයට නැගෙන සියල්ල ඔහු ඉතා මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන බව මා දුටුවේය. ඔහුගේ ලා දුඹුරු පැහැති හිසකෙස් කිසිදු හැඩයකින් තොරව අවුල් වූ ආකාරයෙන් වැවීමට ඔහු ඉඩ හැරියේය. ඔහුගේ රැවුල ඔහුගේ මුහුණ වසාගෙන පැතිරී තිබිණි. ඔහුගේ අළු පැහැති දෑස් ඉතා වෙහෙසකර පෙනුමෙන් යුක්ත විය. නැතිනම් ඔහුගේ සුවපහසුව අඩු වීම නිසා එලෙස විය. ( නාතන් පැවසු පරිදි ඔහු සුවපහසුවෙන් සිටියේ නම් ඒ ඉතාම කලාතුරකිනී.)  කෙමෙන් කෙමෙන් ඔහු වටා ලෝකය කුඩා වීමේ හිස් බව ඔවුන් දරා ගත්තේය.. සමහර විට මා පුදුම වුයේ එය ඔවුන්ගේ ආරක්ෂක උපක්‍රමයක් ද කියාය. ඔහුගේ ජීවිතය හා පොර බැදීමට තිබු එකම ක්‍රමය නම් එය ඔහුට සිදු නොවූ දෙයක් ලෙස සිටීමය. 

මතු සම්බන්දයි.

Wednesday, September 5, 2018

ඔබට පෙර මම (Me Before You),



10වන පරිච්ඡේදය

වසර ගණනාවක් සිට හරි තීරණයක් ගැනීමට නොහැකිව උදැසන මැසිවිලි නගමින් අවදි වීම මට පුරුද්දක් විය. අවසානවතාවට මිනිත්තු පැය ගණන් කෙළවරක් නොමැතිව ගෙවී ගිය ආකාරය මට අමතක වී ඇත. හැකි උපරිමයෙන් මා රැකියාවක් සොයා ගැනීම සදහා වෙහෙසුණේය. මා බියගුළු බව දැනත් ඒ බව නොදන්නා සේ මා ඉදහිට විසිත්ත කාමරයට ගියේය. 

නාතන් පැවසු පරිදි මම උදැසන එකොළහට පමණ විල් ට්‍රයිනොර්ට හට ඔහුගේ ගැස්ම සදහා වූ ඖෂධ හා වතුර බීකරයක් රැගෙන ගියේය. නාතන් පැවසු පරිදි ඔහුගේ දිව මත ඖෂධ තැබූ මා ජලය සහිත බිකරය ඔහු අතට පත් කළේය. එහි වූ අඩුව නැති නම් එය තෝමස් භාවිතා කලා වැනි සුදු පැහැති විනිවිද නොපෙනෙන ප්ලාස්ටික් බදුනක් විය. ඔහු එය ආයාසයෙන් ගිල දැමුවේය. ඉන්පසු මට එතැනින් පිටවන ලෙස සන් කළේය. 

සැබවින්ම දුහුවිලි පිසීමක් අවශ්‍ය නොවූ රාක්ක කිහිපය දුහුවිලි මා විසින් පිස දැමුවේය. ඉන්පසු කල්පනා කරමින් ජනෙල කිහිපයක් පිරිසිදු කළේය. ඔහු සිටි විසිත්ත කාමරයේ වූ රූපවාහිනියෙන් ආ මද ශබ්ධය ඇරුණු කොට උපගෘහය ඉතා නිශ්ශබ්ද විය. මුළුතැන්ගෙයි වූ සංගීත තැටිය වාදනය කිරීමට තරම් ධෛර්යයක් මා සතුව නොවීය. මගේ සංගීත රසාස්වාදය පිළිබද ඔහු කීමට සදන කුමක් හෝ දෙයක් ඇතැයි යන හැගීම මා සතු විය. 

එළිමහනේ වූ ශිතල ද රැගෙන දහවල් දොළහයි තිහ වන විට නාතන් පැමිණියේය. ඇහිබැම ඉහළට එසවූ ඔහු " හැමදේම හොදින්ද?" ඇසීය. 

මා කෙනෙකු දැකීමෙන් ඉතාම කලාතුරකින් සතුටු වන පුද්ගලයෙක් විය. " ප්‍රශ්නයක් නැහැ."

" නියමයි, ඔබට දැන් පැය භාගයක් ලබා ගත හැකියි. මේ වෙලාවේ මටයි ටි මහත්මයාටයි කිරීමට වැඩ තිබෙනවා." 

මා දිව ගොස් කබාය අතට ගත්තේය. ඇත්තෙන්ම දිවා අහාරයට එළියට යාමට සැලසුමක් මා තුළ නොවීය. නමුත් මේ නිවසෙන් පිටවීමට අවස්තාව ලද සතුටෙන් මා සිහි මුර්ජා වීමට ආසන්න වුයේය. මා කබායේ කොළරය උස් කර සාදා ගත්තේය, අත් බැගය ගෙන එය උරහිසේ එල්ලා ගත්තේය. ඉන්පසු මා යා යුතු ස්ථිර ස්ථානයක් තිබෙන්නාක් මෙන් කඩිසරව මාර්ගයට පිවිසියේය. නමුත් ඇත්තෙන්ම මා පැය භාගය පුරාවටම මගේ බෙල්ල වටේ විසි වතාවක් පමණ ඔතා තිබු සළුවට උණුසුම් සුසුම් පිට කරමින් විදී දිගේ වටපිටාව නරඔමින් ඇවිද ගියා පමණි. 

නගරයේ මේ කෙළවරේ එකදු අවන්හලක් හෝ නොවිය. බටර් බන් අවන්හල වසා දැමීමත් සමගම මාළිගය හුදෙකලා වී ඇත. ආහාර ගැනීමට ලගම පිහිටි ස්ථානය එයින් තේකක් වත් මිලදී ගැනීමට මා සතුව වත්කමක් තිබේ දැයි සැක සහිත වූ ගැස්ට්රොපබ්* එකය. මා හට තනිව දිවා ආහාරයක් අවශ්‍ය විය. රථ වාහන නැවතුමේ වූ සියලු වාහන විශාල වූ අතර නවීන අංක තහඩු වලින් සමන්විත වටිනා ඒවා විය.

ග්‍රන්ටා නිවස පෙනෙන මානයක නොවන බව තහවුරු කරගත් මා මාලිගයේ රථ වාහන නැවතුමේ සිට මගේ සොයුරියගේ අංකයට ඇමතුමක් ලබා ගත්තේය. 

" කොහොමද "

" ඔබ දන්නවා නේ, මට වැඩ වෙලාවේදී දුරකථනයට පිළිතුරු දීමට බැහැ. ඔබ එතැනින් පැන ගියාද? නැහැ නේද?"

" නැහැ, මට අවශ්‍ය වුණේ කාගේ හෝ මිත්‍රශීලි හඩක් ඇසීමට."

" ඔහු ඒ තරම්ම නරකද?"

" ට්‍රිනා, ඔහු මට වෛර කරනවා. ඔහු මා දෙස බලන්නේ පුසෙකු ඇදන් ආ කුණක් ලෙසට. ඒ වගේම ඔහු තේ පානය කරන්නේ නැහැ. මා ඔහුගෙන් සැගවී සිටින්නේ."

" මට විශ්වාස කරන්නත් බැහැ මම මෙය අසා සිටිනවා කියා."

" මොකක්ද? "

" අඩන්නේ නැතිව ගිහින් ඔහුට කතා කරන්න. අනිවාර්යෙන්ම ඔහු මුසල ඇති, මොකද ඔහු අවලන් රෝදපුටුවක සිර වී විටින නිසා. ඒ වගේම ඔබ ඔහුට කිසිම වැඩකට නැති කෙනෙක් වෙනවා ඇති. ඔහුට කතා කරන්න. ඔහුව හදුනාගන්න. මොකක්ද වෙන්න පුළුවන් නරකම දේ?"

" මම දන්නේ නැහැ... මම දන්නේ නැහැ මට එය කළ හැකිද කියා."

" මම අම්මාට කියන්නේ නැහැ ඔබ දවසේ බාගයක් ගත කර ඔබේ රැකියාව නැති කර ගත බව. ඔබට මෙය කළ නොහැකි නම් ඔවුන් ඔබට කිසිම අවස්ථාවක් දෙන එකක් නැහැ ලු. අපට ඔබට වියදම් කළ නොහැකියි ඔබ සැම විටම මෙලෙස කරනවා නම්."

ඇය නිවැරදියි. මා මගේ සොහොයුරියට වෛර කරන බව මට වැටහිණි.

එහි කෙටි නිහඩතාවක් විය. ට්‍රිනාගේ හඩ අසාමාන්‍ය ලෙස සංසුන් විය. එය සැබවින්ම වැරදි විය. එහි අරුත මට ලැබී තිබෙන්නේ ලෝකයේ තිබෙන නරකම රැකියාව බව ඇය දැන සිටින බවයි. 

" බලන්න." ඇය කිවේය.

" එය මාස හයක් පමණයි, ඒ මාස හය පමණක් එය කරන්න. ඔබේ අයැදුම් පත්‍රයටත් එයින් දෙයක් එක් කරගෙන ඔබ කැමති ආකාරයේ රැකියාවකට යන්න එය අවස්ථාවක් වේවි. හරි.... මේ විදිහට බලන්න, අඩුම ගානේ එය කුකුළු කර්මාන්තශාලාවේ රාත්‍රී වැඩමුරය වගේ නැහැ. නේද?"

" කුකුළු කර්මාන්තශාලාවේ සේවය ඇත්තටම නිවාඩුවක් වගෙයි මේ සමග සසදා...."

" මම දැන් යනවා ලු, පසුව මුණගැසෙමු."

_____________________________________________________


" ඔබ කැමතිද සවස් වරුවේ කොහේ හෝ යෑමට? ඔබ කැමති නම් අපට පුළුවන් එක්ක යන්න."

නාතන් පිටව ගොස් මේ වන විටත් පැයකට ආසන්න කාලයක් ගතවී තිබුණේය. මා තේ කෝප්ප සෝදමින් හැකිතාක් සන්සුන්ව සිටීමට උත්සහ කළේය. මේ නිශ්ශබ්ද නිවසේ තවත් පැයක් ගත කළ හොත් මගේ හිස පුපුරා යාවි යැයි මට සිතිණි. 

ඔහු මා දෙසට හිස හැරවීය. " ඔබ මොනවද සිතන්නේ?"

" මම දන්නේ නැහැ. රට තුළ ගමනක්ද?" ට්‍රිනා ලෙස හැසිරීමට උත්සහ කරන විට මා මෙලෙස කරන්නේය. ඇය සම්පුර්ණයෙන්ම සන්සුන් හා දක්ෂ පුද්ගලයෙක් විය. එහි ප්‍රතිපලයක් ලෙස කිසිවෙකුත් ඇය හා ගැටලු ඇති කරගත්තේ නැත. ශබ්ධ නගා මා මටම පැවසීය, වෘත්තීමය හා ශුභවාදී වෙන්න.

" රට " ඒ ගැන කල්පනා කරන්නක් මෙන් ඔහු පැවසීය. " අපට මොනවා දක්කනට ලැබෙයිද? ගස්? නැතිනම් අහස?" 

" මම දන්නේ නැහැ, ඔබ සාමාන්‍යයෙන් කරන්නේ මොනවාද?"

" මම කිසිවක් කරන්නේ නැහැ ක්ලාක් මෙනවිය. මට තව දුරටත් කිසිවක් කිරීමට හැකියාවක් නැහැ. මා හිදගෙන සිටිනවා, මා නිකන්ම එක තැන සිටිනවා."

" හොදයි." මම පැවසීය. " මට පැවසුවේ ඔබට මෝටර් රථයක් තිබෙන බවයි රෝදපුටුව සම්බන්ධ කළ හැකි."

" ඉතින් ඔබ වද වෙන්නේ එය දිනපතා භාවිතා නොකලොත් එය ක්‍රියා කිරීම නවති කියාද?"

" නැහැ. නමුත් මම...."

" ඔබ කියන්නේ මා එළියට යා යුතු බවද?"

" මා සිතන්නේ..."

" ඔබ සිතුවා නැවුම් වාතය හුස්ම ගැනීමට එළියට යෑම මට හොද බව."

" මම උත්සහ කළේ..."

" ක්ලාක් මෙනවිය, ස්ට්‍රෝට්ෆෝල්ඩ් රට වටා ඇවිද්දත් මගේ ජිවිතයේ විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ." ඔහු අනෙක් පසට හැරුණේය.

ඔහුගේ හිස උරහිස් මත කඩා වැටුණේය. මා පුදුම වුයේ එය ඔහුට පහසුද යන්නයි. නමුත් එය ඇසීමට අවස්තාව නොවිය. අප නිශ්ශබ්දව හිද සිටියේය. 

" ඔබට ඔබේ පරිඝණකය ගෙනැවිත් දෙන්නද?"

" ඇයි, ඔබ සිතනවද මට අබාධිතයන් සදහාම වූ සමුහයකට සම්භන්ධ වීම හොදයි කියා. දිනන රෝදපුටු සංගමය හෝ රෝදපුටු ජීවිතය වැනි සංගමයකට?"

මා ගැබුරින් හුස්මක් ගත්තේය. මගේ හඩ පැහැදිලි කරගැනීමට උත්සහ කළේය. " හරි.... හොදයි.... පෙනෙන විදිහට නම් අප දෙදෙනාම දෙදෙනාගේ නෝක්කාඩු කියමින් කාලය ගත කරයි වගේ. සමහරවිට එයින් අපට එකිනෙකා හදුනා ගැනීමට හැකිවේවි."

ඔහුගේ මුහුණේ වූ පෙනුමෙන් මා අධෛර්යමත් විය. ඔහු එක එල්ලේ බිත්තිය දෙස බලා සිටි අතර ඔහුගේ හක්ක සෙලවෙන ආකාරය මා දුටුවේය. 

" එය හරියට.... එය සබැවින්ම විශාල වෙලාවක් කෙනෙකු සමග ගත කිරීමට, මුළු දිනයම."  මා නැවත පැවසීය. " සමහරවිට ඔබ මට මදක් හෝ කියනවා නම් ඔබට කිරීමට අවශ්‍ය දේ, ඔබ කැමති මොනවටද, එවිට මට හැකියි... සැම දෙයක්ම ඔබ කැමති ආකාරයට කිරීමට."

මේ අවස්ථාවේ නිශ්ශබ්දතාවය රිදුම් දෙන සුළු විය. එයින් මගේ හඩ සෙමෙන් සිරවෙනු මට ඇසිණි. කුමක් කරන්නේ දැයි මට සිතා ගත නොහැකි විය. ට්‍රිනා සහ ඇය ලෙස දක්ෂ වූ විලාසය මා තුළින් ශේෂ වී ගියේය. 

අවසානයේ රෝදපුටුව හැරවූ ඔහු සෙමෙන් මා දෙස බැලීය. 

" මේ තමයි මම ඔබ ගැන දන්නා දේවල් ක්ලාක් මෙනවිය. මගේ අම්මා පැවසුවා ඔබ ඉතාම කටකාර බව. " යැයි ඔහු පැවසුවේ එය ඔහුට හිරිහැරයක් පරිද්දෙන්ය. " අපි ගිවිසුමක් ගසමුද? එමගින් ඔබට මා සමග කටකාර ලෙස කියවන්නේ නැතිව සිටිය හැකිද?"

මා දැඩි නින්දාවට පත් විය. මගේ මුහුණ ගිණි අවිලේන්නාක් මෙන් මට දැනෙන්නට විය. 

" හොදයි " මට කතා කිරීමට හැකි වූ විගස මා පැවසුවේය. " මම මුළුතැන්ගෙයට තුළ සිටින්නම්, ඔබට කුමක් හෝ අවශ්‍ය නම් මට කතා කරන්න."


මතු සමබන්දයි!

______________________________________________________



* ගැස්ට්රොපබ් - මිලෙන් අධික සුපොපභෝගී අහාර හා බිම සදහා විශේෂ වූ ස්ථානය.





Saturday, September 1, 2018

ඔබට පෙර මම (Me Before You),



9වන පරිච්ජේදය

" හොදයි, ඔහුට අධි රුධිර පීඩනය සදහා ලබා දෙන ඖෂධ දෙකක් තිබෙනවා. මෙය ඔහු නිදන වෙලාවට රුධිර පීඩනය අඩු කිරීමට, අනෙක් එක ඔහු අවදිවන විට එය වැඩි කිරීමට. මේවා ඔබට අවශ්‍ය වෙන්නේ ඔහුගේ මාංෂපේශි වල ඇතිවන ගැස්ම නැවතීමට. එයින් එකක් ඔබ ඔහුට උදැසන පසු වූ විට ලබා දිය යුතුයි. අනෙක හවස් කාලයේදී ලබා දිය යුතුයි. ඒවා තමයි කුඩාම පෙති ඒ නිසා ඔහුට ඒවා ගිලීමට අපහසුවක් නැහැ. මේවා මුත්‍රාශය සදහා ලබා දෙන ඖෂධ. ඒ වගේම මෙතන තිබෙන ඒවා ඇසිඩ් සදහා ලබා දෙන ඒවා. සමහර අවස්තාවලදී ඔහුට අහාර ගැනීමෙන් පසුව මේවා උවමනා වෙනවා. මේ සියල්ල ඔහුට උදැසන ලබා දිය යුතු ඖෂධ. ඒ වගේම මේ නාසයට ඉසින දියර. නමුත් බොහෝවිට මා පිටවීමට පෙර මේ සෑම දෙයක්ම මා විසින් සිදු කරනවා. ඒ නිසා ඔබ බිය විය යුතු නැහැ. ඔහු වේදනාවෙන් සිටිනවා නම් පැරසිටමෝල් ලබා දිය හැකියි. ඒ වගේම අවශ්‍ය නම් නිදි පෙති ලබා දිය හැකියි. නමුත් එයින් ඔහුට දිවා කාලයේ වෙහෙසකර බව වැඩි වෙනවා, ඒ නිසා අපි පුළුවන් තරම් එම ඖෂධ සීමා කළ යුතුයි."

" මේවා..." ඔහු තවත් බෝතලයක් රැගෙන පෙන්වීය. " මේ ප්‍රතිජිවක ඔහුගේ ශරිරයට සම්භන්ද කර ඇති බටය සති දෙකකට වරක් මාරු කරන විට ලබා දිය යුතුයි. මම මේ දෙවල් සිදු කරනවා  හදිසි අවස්තාවක පමණක් මා නැති නම් ඔබ මෙවා දැන සිටිය යුතුයි.මේ තිබෙන්නේ රබර් අත්වැසුම්, ඔහුව පිරිසිදු කිරිමට අවශ්‍ය වුවහොත් ඔබට එවා භාවිතා කල හැකියි. නමුත් අප ජල මෙට්ටය ගෙන ආ දින පටන් ඔහු ඉතා හොදින් සිටිනවා. " 

මා නැගී සිටියේය. ඔහු සාක්කුවට අත යවා යතුරක් ගෙන එය මා අත තැබීය. "මේ අතිරේක යතුර." ඔහු පැවසීය. "වෙන කාටවත් මෙය ලබා දෙන්න එපා, අඩුම ගානේ විල්ට වත්. හරිද? එය ඔබේ ජීවිතය මෙන් ආරක්ෂා කරන්න." 

"මතක තබා ගන්න බොහෝ දේවල් තිබෙනවා." මා මිමිණුවේය. 

"ඒ සෑම දෙයක්ම ලියා තිබෙන්නේ. අදට ඔබ මතක තබා ගත යුත්තේ මේ තියන ඔහුගේ විෂබීජ නාශක ඖෂධ පිලිබදව පමණයි. ඔබට මට කතා කිරීමට අවශ්‍ය වුවහොත් මගේ දුරකථන අංකයට ගන්න. මෙහි නැති වෙලාවට මම මගේ ඉගෙනීම් කටයුතු වල යෙදෙනවා. එම නිසා නිතරම දුරකථනයට පිළිතුරු දීමට නොහැකි වේවි. නමුත් ඔබට මෙහි වැඩ හුරුවන තෙක් මා කෙලස හෝ ඒවාට පිළිතුරු ලබා දීමට උත්සහ කරන්නම්."

මම මා ඉදිරිපිට තබා තිබු ලිපිගොනුව දෙස බැලීය. මට හැගී ගියේ මා කිසිලෙසකින්වත් සුදානම් නොවූ පරික්ෂණයකට මා ඉදිරිපත් වී ඇති බවකි. " මොකද වෙන්නේ... ඔහුට යාමට අවශ්‍ය වුවහොත්.... වැසිකි...." මා අත් ඔසවා පෙන්වීය. " මට හිතෙන්නේ නැහැ, ඔබ දන්නවා නේ.... මට ඔහුව ඉස්සීමට හැකි වේවි කියා...." මම ඒ අවස්ථාවේ කම්පනයට පත්ව සිටීම මුහුණෙන් නොපෙන්වා සිටීමට උත්සහ කළේය.

නාතන් හිස සැලීය. " ඔබ ඒ කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ, ඔහුගේ කැතීටරය* ඒ ගැන බලා ගනීවි. මම දිවා කෑම වෙලාවට ඒ සියල්ල මාරු කිරීමට පැමිණෙනවා. ඔබ මෙහි සිටින්නේ ඔහුගේ භෞතික රාජකාරි සදහා නොවෙයි." 

" එසේ නම් මා කුමක් සදහාද මෙහි පැමිණියේ."

නාතන් මා දෙස බැලීමට ප්‍රථම ශාලාව දෙස බැලීය. " ඔහුව මදක් උද්‍යෝගිමත් කිරීමට උත්සහ කරන්න, ඔහු... ඔහු මදක් විකාරරූපියි. තේරුම් ගැනීමට උත්සහ කරන්න... ඒ කුමක් නමුත් මෙහි අවසානයේ ඔබ මීට වඩා ඉතා තද පුද්ගලයෙකු වේවි. අද උදැසන වූ සිදුවීම එහි මුලීක පියවරක් පමණයි." 

" එහෙනම් එයද මගේ වැටුප මේ තරම් සතුටුදායක වීමට හේතුව ?"

අනිවාර්‍යයෙන්ම ඔව්, කිසිම දෙයක් නැහැ නිදහසේ ගන්න දිවා ආහාරයක් වගේ.නැද්ද ?" යැයි පවසමින් නාතන් මගේ උරහිසට තට්ටු කළේය. එයින් මගේ සිරුර දෙදරුම්කන්නට විය. "අහ්හ්... ඔහු හොදින් සිටිනවා, දැන් ඔහු සමග ප්‍රවේශමෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නැහැ." ඔහු අනුමාන කළේය. "මම ඔහුට කැමතියි."

ඔහු එය පැවසුවේ ඔහුට කැමති එකම පුද්ගලයා ඔහු ලෙසය. මා ඔහු පිටුපසින් විසිත්ත කාමරය වෙත ගියේය. විල් ට්‍රයිනොර්ගේ පුටුව ජනේලයක් අසළට ගොස් තිබුණේය. අපට පිටුපස හරවා සිටි ඔහු රේඩියෝවට සවන් දෙමින් සිටියේය.  

" මේ මම විල්, ඔබට කිසිවක් අවශ්‍යද මා පිටවීමට පෙර? "

" නැහැ, ස්තුතියි නාතන්."

" මම ඔබව ක්ලාක් මෙනවියගේ සුරක්ෂිත දෑත්ට පත් කර යන්නම්. එසේනම් අපි නැවත දිවා ආහාර වෙලාවට මුණ ගැසෙමු මිත්‍රයා."

තැතිගත් ස්වරුපයක් සහිතව මිත්‍රශීලි උදවුකරුවා ඉතා ඉක්මනින් තම කබාය ඇදගන්නා අයුරු මා බලා සිටියේය.

" එසේනම් ඔබ දෙදෙනා විනෝද වෙන්න." මා දෙස බලා ඇසක් ඉගි මැරූ නාතන් පිටව ගියේය. 

ආරක්ෂාකාරී හැගීමක් දැනෙනු වස් මම මගේ දෑත් කලිසම් සාක්කු තුළ ඔබා ගත්තේය. අවසානයේ කරන්නේ කුමක් දැයි විශ්වාසයක් නොමැතිව මා කාමරය මැද හිටගෙන සිටියේය. විල් ට්‍රයිනොර් නැවතත් ජනේලයෙන් ඉවත බලන්නට වුයේ මා එහි නොසිටියාක් මෙනි. 

" ඔබ කැමතිද මම ඔබට තේකක් සදා දෙනවාට? " දැරිය නොහැකි වූ දැඩි නිශ්ශබ්දතාවය බිදිමින් මා පැවසීය.

" ආහ්හ්... ඔව්, ජිවත් වෙන්න තේ හදන කෙල්ල. මම පුදුම වුණා, කොයිතරම් කාලයක් ගත වේවිද කියා ඔබට හැකියාවන් පෙන්වීමට. එපා... එපා... ස්තුතියි."

" එසේනම් කෝපි? "

" උණුසුම් පානයන් මට එපා. දැනට, ක්ලාක් මෙනවිය."

" ඔබට පුළුවන් මට ලූ කියා ඇමැතීමට."

" එකෙන් උදවුවක් වෙනවාද? "

මා ඇසිපිය ගැසීය. මගේ මුව සැකෙවින් විවෘත විය. මා එය වසා ගත්තේය. එයින් මා සිටිනවාටත් වඩා වැඩියෙන් මෝඩ ලෙස පෙනෙන බව මගේ පියා නිතර පවසයි. " හොදයි... ඔබට වෙනත් මොනවා හෝ අවශ්‍යද? "

මා දෙසට හැරුණු ඔහු මා දෙස විපරමින් බැලීය. ඔහුගේ මුහුණ සති ගණනකින් නොකැපු රැවුලකින් වැසි තිබුණේය. ඔහුගේ ඇස් කියවීම අපහසු විය. ඔහු නැවත ආපසු හැරුණේය.

" එසේ නම් මම..." මා කාමරය පිරික්සා බැලිය. " එසේ නම් මම සේදීමට යමක් තිබේද බලන්නම්."

මා කාමරයෙන් ඉවතට ඇවිද ආවේය. මගේ හදවත යමකට වැරෙන් තඩිබාන්නාක් වැනි ශබ්ධයකින් ගැහෙන්නට විය. මුළුතැන්ගෙය වෙත ගිය මා ජංගම දුරකථනය රැගෙන මගේ සහෝදරිය වෙත කෙටි පණිවුඩයක් යැවිය.

' මෙය භයානකයි, ඔහු මට වෛර කරනවා. '

තත්පරයක් ගත වීමටත් පෙර ඇගෙන් පිළිතුරු කෙටි පනිවිඩයක් ලැබුණේය.

' ඔබ තවමත් එහි ගොස් පැයක් පමණයි ගත වුයේ. '

' ඔබට කිසිවක් කරගැනීමට බැහැ '

' අපට ඇති මුදල් අපහසුතා ගැන සිතන්න, ඔවුන්ගේ සිත් දිනා ගැනීමට කටයුතු කිරීමට බලන්න '

' ඒ වගේම පැය ගානට ගෙවන මුදල ගැන සිතන්න. '

ජංගම දුරකථනයට පහරක් ගැසූ මම එය විසන්ධි කළේය. මම මගේ කම්බුල් පිරිමැදීය. ඉන්පසු නාන කාමරයේ වූ කිළිටි ඇදුම් දමන බේසමේ සේදීමට යමක් ඇත් දැයි පිරික්සීමට ගියේය. එහි වූ විශාල සෝදන රෙදි කන්ද රෙදි සෝදන යන්ත්‍රයට එබූ මා එහි වූ උපදෙස් කියවන්නට විය. කිසිවක් වැරදීමෙන් නැවතත් මා මෝඩයකු ලෙස විල්ට හෝ ට්‍රයිනොර් මහත්මියට පෙනෙනු දැකීමට මා අකමැති විය. රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ මා ඒ අසලින් සිට ගත්තේය. ඉන්පසු මට කිරීමට නියමිත දේවල් මොනවා දැයි මා සිතීය. ශාලාවේ වූ කබඩයෙන් වැකුම් යන්ත්‍රය එලියට ගත් මා එයින් කොරිඩෝවේ ඉහළ සිට පහළට දුහුවිලි වැකුම් කළේය. ඉන් අනතුරුව එහි වූ නිදන කාමර දෙකක්ද පිරිසිදු කළේය. මගේ දෙමවුපියන්ට මා මෙලෙස වැඩ කරනු දක්නට ලැබුණේ නම් ඔවුන් ඒවා අනුස්මරණය සදහා චායාරූප ගත කොට තබා ගන්නා බව ඒ අවස්ථාවේ මට සිතිණි. එහි වූ අතිරේක නාන කාමරය හිස් විය. එය සැබවින්ම හෝටල් කාමරයක් බදු විය. නාතන් නිතරම මෙහි නවතින්නේ නැති බව එයින් මට වැටහිණි. නමුත් ඒ සදහා ඔහුට දොස් කියන්නේ කෙසේද...

සියල්ල අවසානයේ විල් ට්‍රයිනොරගේ නිදන කාමරය අසළට වී මා එයට ඇතුල් වෙනවාද නැද්ද යන අවිනිශ්චිත සිතුවිල්ලෙන් පසුවිය. ඉන්පසු එයද මෙහි වූ අනෙක් තැන් මෙන්ම වැකුම් විය යුතු ස්ථානයක් බව සිතා ගත් මා කාමරය ඇතුල් විය. 

එහි එක් පසෙක රාමු කරන ලද පින්තූර සහිත විදුරු රාක්කයක් විය. මා ඇද වටා වැකුම් කළේය. ඉන්පසු රාක්කයේ වූ පින්තුර දෙස මද වෙලාවක් බලා සිටියේය. කඔයක් අධාරයෙන් එල්ලී කන්දකින් පහළට පනින මිනිසෙක් එහි විය. ඔහුගේ දෑත් ජේසුස් වහන්සේගේ පිළිමයක මෙන් දෙපසට සෘජුව විහිදී තිබුණේය. තවත් කැලයක ගත් චායාරූපයක වූ මිනිසාගේ පෙනුම විල්ගේ පෙනුමට සමාන විය. අනෙක් චායාරූපයක ඔහු  බීමත් මිතුරන් පිරිසක් සමග ගත් සමුහ චායාරූපක් විය. එහි වූ මිනිසුන් ටයි පටි බැද සිටි අතර කබා පැළද සිටි ඔවුන්ගේ අත් එකිනෙකාගේ උරහිස් මත විය. 

නැවතත් ඔහු හිම ක්‍රීඩාවේ යෙදෙන චායාරූපයක්. අදුරු පැහැති කණ්නාඩි පැළද සිටි රන්වන් පැහැති දිගු හිසකෙස් ඇති යුවතියක් ඔහුගේ පසෙකින් විය. වඩා හොදින් එය නිරක්ෂය කිරීම සදහා මා ඉදිරියට නැමුණේය. ඒ චායාරූපයේ ඔහු හොදින් රැවුල බා සිටියේය. ඔහුගේ මුහුණ ඉතා දීප්තිමත් විය. පොහොසත් මිනිසුන් වසරකට තුන්වරක් නිවාඩුවකට යන බව ඒ දීප්තිමත් පෙනුම්න් දිස් විය. ඔහුගේ පළල් උරහිස් ඉතා ශක්තිමත් විය. එය ඔහු ඇද සිටි හිම කබායෙන් එළියටද දිස් විය. චායාරූපය ඉතා සුපරික්ෂාකාරීව මේසය මතින් තැබූ මා නැවත ඇද පිටුපස වැකුම් කිරීම ආරම්භ කළේය. අවසානයේ මා වැකුම් යන්ත්‍රය වසා දැමුවේය. ඉන්පසු එය විදුලි පෙණුවෙන් ගැලවීම සදහා පහතට නැමෙන විට ඇස් කොණෙන් මා යමක් සෙලවෙනු දුටුවේය. තිගැස්මට මට කෑ ගැසුණේය. විල් ට්‍රයිනොර් දොරටුව අසළට වී මා දෙස බලා සිටියේය. 

" කර්චෙවිල්*1, අවුරුදු දෙකහාමාරකට පෙර."

ලැජ්ජාවෙන් මගේ කම්බුල් රතු පැහැ විය. " මට සමාවෙන්න, මම නිකම්..."

" ඔබ නිකම් මගේ චායාරුප දිහා බැලුවා. ඔබට පුදුමයි නේද ඒ වැනි ජිවිතයක් ගත කර මේ ලෙසඅබ්බගාත වීම කොතරම් අවාසනාවන්තද කියා." 

" නැහැ." මා පත් වූ ලැජ්ජාව වසන් කරමින් පැවසීය.

" ඔබට නැවත පුදුම වීමට අවශ්‍ය නම්, යටම රාක්කයේ තිබෙන්නෙත් මගේ චායාරුප ." යැයි පැවසු ඔහු රෝද පුටුව දකුණට හරවා නොපෙනී ගියේය.

මතු සම්භන්දයි!

________________________________________________________________
* කැතීටරය - ශරීරයේ දියර(අපද්‍රව්‍ය) අදින බටය.
*1 කර්චෙවිල් - ඇල්ප්ස් කදුවැටියේ ප්‍රංශයට අයත් බැවුම.(හිම ක්‍රීඩා සදහා ප්‍රසිද්ධය.)


ඔබට පෙර මම (Me Before You),

15වන පරිච්ඡේදය " ඔබට තවත් බීමක් අවශ්‍යද?" " වොඩ්කා වීදුරුවක් දෙන්න." ඔහු දෑස් විශාල කරන විට මා පැවසිය. ප...