Monday, June 16, 2014

මේ රටේ ලේ හැලුණා ඇති යකෝ !!!

මේ රටේ ලේ හැලුණා ඇති යකෝ !!!




                                                                                                                                                                     
"හම්බයන්ට මේ කරපුවට රිප්ලයි එක දෙන්න ඕනෙ.."

එකෙක් මගේ ස්ටේටස් එකේ ලියනවා.

එතකොට නහි වේරෙන වේරානි කියන්නේ මොකද්ද? වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන්නේ ඇයි?

මං සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්න කැමති නෑ. ඒත් මේක එක්සෙප්ෂනල් කේස් එකක්. ඒ නිසා අමුවෙන්ම කියල දාන්නම්.

සිංහල, දෙමළ, මුස්ලිම් මල්ලිලා සේරටම බොහොම ආදරෙන්, කරුණාවෙන් මේ තේරෙන සිංහලෙන් කියන්නෙ.. ඔය එක එක */#@ පුතාල කියන කියන විදියට සන්නද්ධ වෙන්නවත් මරාගන්නවත් යන්න නම් ලැස්තිවෙන්න එපා එකෙක්වත්.. අද උඹලව ෆෝම් කරන ඔය කැරියන්ගේ හැටි අපි හොඳට දන්නවා. උන් උඹලව ෆෝම් කරලා වැඩේ කරගනියි. උඹල පොලිසි උසාවි ගානේ ලගියි.. ඔය එක *#යෙක් වත් එන්නේ නෑ බොලාට ඇප දෙන්නවත්.. ඔය එක @#$* පුතෙක්වත් එන්නෙ නෑ උඹල කෑවද බිව්වද බලන්න වත්.. අන්තිමට ලස්සන තරුණ කාලේ නිකං නාස්ති කරපල්ල මහඋළුගෙදර කොහු තල තල... බොලාගේ අම්මල තාත්තලා සාප කරයි යකෝ ඒ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු වලට.. බොලා මොකක් හරි අටමගලක් කරලා හිරේ ගියාම එදාට හිරේදී බොලාට පිහිටට ඉන්න එකම එකා උඹේ අතින් පොලුපාරක් කාපු තම්බියා වෙන්න පුළුවන්... හෙට උඹේ ගේ ගිනිතියන්න සෙට් එකක් ආවොත් උන්ව ගහල පන්නන එකා දැන් උඹ වෛර කරන සිංහලයා වෙන්න පුළුවන්.. ඒ නිසා මෙතන පොරවල් වෙන්න ගිහිං වැඩ වරද්දගන්න එපා... ප්‍රශ්නයක් වුණා, ඒක නීතිය අනුව විසඳෙයි.. එක එක බැල්ලිගෙ පුතාට ඕනේ විදියට මැරකම් කරන්න නම් අම්මගෙ රෙද්දටද නීතියක්..? එක එකාගේ මතවාද ෆෝම් කරන්න ගිහිං #@දෙන්න එපා.. අර සිංහලයා මේ සිංහලයා අර ගමේ හෙළයා කිය කියා නම් දාගෙන ඉන්න ෆේක් පේජ් වලටවත් ෆේක් ප්‍රොෆයිල් වලට වත් බොලාගේ ආධ්‍යාත්මය උගස් තියන්න එපා..


සිංහලයෙක් නම් සිංහලකමට ආඩම්බරයක් වෙන්න ජීවත් වෙයං.. මුස්ලිම් එකෙක් නම් ඒත් මුස්ලිම්කමට ආඩම්බරයක් විදියට ජීවත් වෙයං.. පිං සිද්ද වෙයි. මේ රටේ ලේ හැලුණා ඇති යකෝ.

මේ වගේ ලිපියක් ලියන්න මුලිකම උත්තේජනය ආවේ බුකියේ පලවේලා තිබුණු මේ පොස්ට් එක දැක්කම. මෙකට වැටිලා තිබුණු කමෙන්ට් එකින් එක කියවලා බැලුවහම මට හිතුනු එකම දේ ඇත්තටම අන්තවාදීන් කියන්නේ කවුද කියන එක. මුස්‌ලිම් මිනිස්සු අන්තවාදින්(මට නම් මුස්ලිම් මිනිස්සු දෙමළ
මිනිස්සු සිංහල මිනිස්සු කතා කරන එක පිළිකුල්.නමුත් මේ ගැටලුව ආවේ මේ විදිහට නිසා මෙහෙම කතා කරන්න වෙනවා.) කියලා ඒ කඩවලින් බඩු ගන්න එක,කන එක නවත්තලා මහා ලොකු බෞද්ධයො කියලා කියන උන්ට අමතක වෙලාද නැත්තන් උන් දන්නවද දන්නේ නැ බුදු හාමුදුරුවෝ හැම ආගමකටම ගරු කරන්න කියලා දේශනා කරපු බව.ඒ දේ තමන්ගේ ක්‍රියාවෙන්ම පෙන්නුම් කරපු බව මේ විදිහට ධර්ම චක්‍රය ඔලුව උඩ තියාගෙන කෑගහන සම හරක් දන්නේ වත් නැතුව ඇති කියලා ඔප්පු වෙනවා මේ දවස්වල වෙන දෙවල් දැක්කහම.
                හැම මනුස්සයෙක්ටම අයිතියක් හිමිකමක් තියනවා තමන්ගේ අදහස් ප්‍රකාෂ කරන්න වගේම තමුන් කැමති දර්ශනයක් පිළිගන්න හෝ දර්ශනයක් ඉදිරිපත් කරන්න. අපි කවුරුත් හිතලා බලන්න ඔන අපි මෙ ආගම් වැලද ගත්තේ කොහොමද කියන එක.මේ ජාතිය අපිට උරුම උනේ කොහොමද කියන එක. සමහරවිට ඉළග ආත්මයක් කියලා දෙයක් පිළිගන්නවා නම් එහෙම එකක් තියනවා නම් ඒ ආත්මෙකදි අපි කොයි ජාතියක කොයි ආගමක ඉපදෙයිද කියලා කාටද කියන්න පුළුවන්.ආගමක් උනත් දර්ශනයක් එ සියලු දෙ තුළ තියෙන්න ඔන මිනිසත්බව.එහෙම නැත්නම් මේ ලැබුණු මිනිසත් බවේ වටිනාකමක් නැති වෙවී.එ දර්ශනය ක‍නෙක් පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුලුවන්.නමුත් එ දෙවල් නොපිලි ගන්නවා කියලා එ දර්ශනය ගරහන එකවත් එ දර්ශනය පිළිගන්න මිනිස්සු එක්ක මාරා ගන්න එකවත් නෙමෙයි සිද්ධ වෙන්න ඔන.තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඔන නුවණ මෙහෙයවලා.
                                                                                                අපි කටවත් අයිතියක් නැ තව කෙනෙක්ට රිද්දන්න.තව කෙනෙකුගේ ජිවිතය නැති කරන්න.අඩුම ගානේ සතෙකුගේ ජිවිතයක් නැති කරන්නවත් මනුෂ්‍යයාට අයිතයක්නැ.මෙ විදිහට ජාති වාදේ අවුස්සන උන්ට උවමනා කරලා තියෙන්නේ කලින් උනා වගේ හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු බල්ලො බලල්ලු වගේ ටයර්වල පිච්චිලා මැරුණු ඒ ලේ තැවරුණු භිෂණ යුගයක් නැවත මේ රටෙ ඇති කරන්න.එත් එහෙම උනොත් අහිංසක මිනිස්සු,ගැණු,ළමයි වගේම තරුණ තරුණියො ජිවිත වලින් වන්දිගෙවාවි.අහිංසක ජිවිත දහස් ගානක් විනාශ වෙවී.එත් එහෙම උනා කියලා මේ බල තන්හාවෙන් මත් වෙලා ඉන්න දැන් සිංහලයො ශ්‍රීලාංකීයො කියලා කැ ගහගන්න උන්ට ගානක්වත් නැති වෙයි.උන් තවත් චන්දෙකදි නැත්නම් දෙශපාලන හෝ ජාතිවදි රැස්වීමකදි ඒ මරණත් තමුන්ගේ වාසියට හරවගෙන කතා කරයි.දුක් විදින්න වෙන්නේ නැතිවුන අයගේ,හිරෙ විලංගුවේ වැටුනු අයගේ අම්මාට තාත්තාට සෙහොදරයට සහොදරියට නැදැයින්ට හිතමිතුරන්ට විතරයි.
                                                                                                                                මනුස්සයෙක් කියන්නේ අවබොධයක් ලබා ගන්න පුළුවන් මනසක් සහිතව ඉපදුණු කෙනෙක්. පුළුල් මනසකින් ලොකය දකින්න පුළුවන් නම් මේ හැම දෙකටම උත්තර අපි ගාවමයි තියෙන්නේ කියලා තේරෙයි.අවාසනාවකට වගේ ජාති භෙදය අවුස්සන උන්ට මේ ටික තෙරුම් ගන්න තරම් වත් දැක්මක් නැ.උන් ලේ පිපාසිතයො. ඇත්තටම බැලුවොත් අන්තවාදින් කියන්නේ උන්ට තමයි.


තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...