Thursday, May 22, 2014

කහ ලේන්සුව

කහ ලේන්සුව 



කැලිෆෝනියා නගරයේ මීට අවුරුදු ගනනකට කලින් සිදු වූ සත්‍ය සිද්ධියක්.
විශ්ව විද්‍යාලයක මිතුරු මිතුරියන් පිරිසක් බසයකට නැග්ගා විනෝද ගමනක් යාමට. බසයේ පිරිසෙන් වැඩි හරියක් ඔවුන්ගේම අය නිසා විනෝද කතා වලින් සිනාවෙන් අඩුවක් නැතුවම බසය පිරී තිබුනා. මේ බසය ගමනාන්තයට ලගා වෙන්නේ දින තුනකට පසුවයි.
ගමන ඇරඹුනා.
අතර මග නගරයකදී වියපත් මිනිසෙක් බසයට නැගී ජනෙල් කවුලුවක් අසලින් අසුන් ගත්තා. මෙතරම් සතුටින් පිරී ගිය බසය තුළ ඔහු ඔහුගේම ලෝකයක තනි වී කල්පනාවක ගිලී කවුලුවෙන් පිටතම බලා සිටිනවා. මෙලෙසින් උදේ පටන් ගත් ගමන රෑ කෑමට බසය හෝටලයක් අසල නතර කරනවා. සියල්ලන් කෑම ගැනීමට බැස ගියත් අර පුද්ගලයා පමණක් බසයෙන් නොබැස සිටි අයුරින්ම සිටිනවා. දැන් මේ පුද්ගලයා පිරිසේ මාතෘකාව බවට පත්වෙනවා.
පිරිසෙන් එක් තරුණියක් මේ පුද්ගලයා සමග කතා බස් කිරීමට ඉදිරිපත් වෙනවා. ඇය ඔහුටත් කෑම රැගෙන බසයට නැග ඔහු අසලින්ම වාඩිවෙනවා.
මිස්ටර්.. අපි කෑම ටිකක් කාලා ඉමු...
එපා.. බොහාම ස්තූතියි..
ඇය උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ ඔහු බීර බදුනක් පානය කිරීමට කැමති වෙනවා.
දෙවෙනි දින රැය උදා වෙද්දී ඔහු තමන් කවුදැයි විස්තරයක් ඇයට කියනවා.
මම මැරි කලේ අවුරුදු විස්සෙදි. ඇය බොහොම ලස්සන තරුණියක්. මම ඇයටත් ඇය මටත් පන වගේ ආදරය කළා.. නමුත් විවාහ වූ දිනයේම අවාසනාවන්ත සිදුවීමක්.. මා නොකළ මිනීමැරුමකට වරදකරුවෙකු කර මාව සිර භාරයට ගත්තා. නඩු විභාගය අවසානයේ සිර දඩුවම අවුරුදු විසි පහකට.
මෙය දෛවයේ සරදමක්. මා හට දඩුවම විදින්නම සිදු වෙනවා. නමුත් මගේ වරදක් නොකල බිරිද?
ඇය මා හමුවන්නට සිර ගෙදරට ආ පළමු දිනයේ මම ඇයට කියා සිටියා ඇය අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බව නමුත් ඇය අඩා වැලපී යන්න ගියා.
දෙවන දින ඈ මා බලන්නට පැමිණි පසු මම ඇයට බැන වැදී එළවා ගත්තා. මට ඕනෙ වුනේ ඇයව මගෙන් දුරස් කරන්නටයි. ඉන් පසු ඈ මා බැලීමට සිර ගෙදරට ආවේ නැහැ. ඈ ලියුමක් එවා තිබුනා. මම පිළිතුරු යැව්වේ නැහැ. දැන් මගේ අවුරුදු විසිපහක සර දඩුවම අවසන් .. ඇය ගැන අවුරුදු විසි පහකින් කිසිම තොරතුරක් නැහැ. නමුත් මම දැන් සතියකට කලින් නිවසේ ලිපිනයට ලියුමක් තැපැල් කළා මම නිදහස් වී ගෙදර එන බව දන්වලා. එය ලැබුනාද නිවස දැන් තිබූ තැන තිබෙනවාද කියා වත් මම දන්නේ නැහැ. මගේ නිවස තිබෙන්නේ මේ බස් පාර අද්දරමයි. නිවස ඉදිරියේ විශාල ඕක් ගසක් තියෙනවා. මම ලියුමේ ලිවුවා. ඇය ගෙදර සිටිනවා නම් මාව බාර ගන්නට පුලුවන් කමක් තිබෙනවානම් ඕක් ගසේ කහ පාට ලේන්සුවක් එල්ලන්නටයි කියා. ලේන්සුවක් ගසේ තිබුනොත් මම බසයෙන් බසිනවා. නැතිනම් කොහේ හෝ ගිහින් ජීවත් වෙන්න බලනවා.
දැන් මේ කතාව මුලු බසයේම මාතෘකාව වී තිබෙනවා.
බසය අර කියූ ඕක් ගස ට ලගා වෙමින් තිබෙනවා. රියදුරා දුර ගනනය කරනවා.
තව කිලෝමීටර දහයයි.. පහයි.. දෙකයි.. තව කිලෝමීටරයයි....
දැන් බසයේ සියලු දෙනා ඕක් ගස ඇතැයි කියූ පැත්තට වී ජනෙල් කවුලු වලින් පිටත බලා සිටිනවා.
අර පුද්ගලයා පමණක් ඒ දෙස නොබලා ඉවත බලා සිටිනවා.
ගනනය කිරීම නවතිනවා. බසයද නවතිනවා. මුලු බසයම නිහඩතාවකින් වැසෙනවා. හුස්මක් ගන්නා හඩක් වත් ඇසෙන්නේ නැහැ..
ඔහු හෙමින් හිස ඔසවා බලනවා.
ඕක් ගස සිය ගනනක් කහ පැහැති ලේන්සු වලින් සරසා තියෙනවා......

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...