Thursday, March 19, 2015

තනියට ඉන්න මගෙ ලගින්

තනියට ඉන්න මගෙ ලගින්

වටකරගත් අදුරට බියෙන්
හද ගැහෙන හැම වරෙක
තුරුල් කරගෙන කියන්න
තනියට ඉන්න මගෙ ලගින්

කදුලු බිදු හිරිහැර කරන
හද තැලෙන හැම වරෙක 
පපු තුරුලෙ සැනසෙන්න
තනියට ඉන්න මගෙ ලගින්

සිතට සැනසීම සොයමින්
නෙතු වසන හැම වරෙක
ඔය උණුසුම විද ගන්න
තනියට ඉන්න මගෙ ලගින්

නුඔ සිහිව මහ රැ සිහිනෙන්
නෙතු ඇරෙන හැම වරෙක
මා දිහා බලගෙනම
තනියට ඉන්න මගෙ ලගින්

                                                                                                                  - බිනරි-

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...