Facebook මගුල්
ෆෙස්බුක් යනු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කෙරු සයිබර් අවකාශයෙ තවත් එක් විශෙෂ සන්දිස්ථානයක්ය.සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩාත් ඉදිරියෙන් හා වඩාත් ආකර්ශනයට පත් වෙබ් අඩවියක් ලෙස ෆෙස්බුක් හදුන්වා දිය හෑක.තම මිතුරු මිතුරියන් හා නැදැ හිත මිතුරන් සමග සම්බන්දතා පවත්වාගෙන යමටත් නව මිතුරු මිතුරියන් හදුනා ගෑනිමටත් සමාජ සබදතා වර්දනය කර ගෑනිමටත් ලොව පුරා මිලියන පන්සියයකට අධික ජනකායක් මෙම ෆෙස්බුක් සමජ ජලය භාවිතා කරයි.
සෑම දෙයකම පාහෙ හිතකර හා අහිතකර බලපැම් ඈතිවා සෙම මෙහිද එසෙය.නමුත් මෙම ෆෙස්බුක් සමජ වෙබ් අඩවිය සිතකර හො අහිතකර වන්නෙ තමන්ගෙම ප්‍රතිචර අනුවය. මෙයින් ඈතිවන හිතකර හෝ අහිතකර ප්‍රතිපල එය භාවිතා කරන පුද්ගලයාගෙම ක්‍රියාවෙ ප්‍රතිපලයක් හෝ එයට මුහුණ දෙන පුද්ගලයගෙ ප්‍රතිචරයෙ ප්‍රතිපලයකි.මෙ වන විටත් බොහො සෙයින් වියාජ ගිණුම් හා පිටු මෙ සමජ ජාලයට එක් වි හමාරය.ෆෙස්බුක් යනු මෙලෙස එක් ලිපියකින් සාකච්චා කල හෑකි මාතෘකාවක් නොවන නමුත් මෙ ලිපිය ලිවිමට මුල්කම සාධකයක් වුයේ ලංකාව තුල බොහො දෙනා ෆෙස්බුක් භාවිතා කරන්නෙ කුමන සාධකයක් මතද යන සැකය හා ගැටලුව මා සිතට නැගි නිසාය.විශෙෂයෙන්ම මෙ ලිපිය සදහා පුද්ගලිකව මා මුහුන දුන් සිදුවිම් අදාල වුවද දැන්නම් මෙවැනි අත්දැකිම් බොහො සෙයින් සුලභ නිසා එවා සමාන්ය කරුනු බවට පත්ව අැතිවා සෙම බොහො විට එවෑනි අවස්ථා හාස්යජනක වේ.එ වෑනි සිදුවිම් බොහො සෙයින් එකම රටාවක් හා බැදි පවති. ෆ්‍රෙන්ඩ් රික්වෙස් එකක් අැසෙප්ට් කිරිමෙන් පසු බොහො විට ලෑබෑන්නෙ මෙවැනි ප්‍රතිචාරය.
“ හායි...
ඔයාට කොහොමද?...
ඔයා මොනාද කරන්නේ? ...
ඔයා කොහෙද ඉන්නේ? ... “
මෙවෑනි අවස්තාවල ෆ්‍රෙන්ඩ් රික්වෙස් එකක් යනු මන්ගල යොජනාවක් නොවන නිසා මෙවැනි පුද්ගලයන් සමග සුහද ලෙස කතා බහ කලද, මිලග ප්‍රශ්නය වන්නෙ,
“ මම කැමති ඔයව අදුර ගන්න...
ඔය ස්කයිප් නැද්ද? ...
වයිබර් ඉන්නවද? ...
නැත්තන් ෆොන් නොම්බෙර් එක දෙන්න...
ප්‍රොමිස් මම කරදරයක් වෙන්නෙ නෑ...
ඔයා අකමැති නම් රින්ග් කට් එකක්වත් දෙන්නෙ නෑ....
07....................97 මෙ මගෙ නොම්බර් එක.
ප්ලිස් මාත් එක්ක ටිකක් කතා කරන්න.
ඔයාට එකෙන් වෑරෑද්දක් වෙන්නෙ නෑ. “
බොහො අය මෙලෙස හැසිරුනද සම හරක්ට ඔවුන්ටම අවෙනික වු හද සසල කරවන සංවෙදි කතවක් ඔවුන් සතුය. ඔවුන් බොහො විට මෙවා එක හා සමාන කතා වේ.
“ නංගි,ඔයව දෑක්කහම පුදුම හැගිමක් හිතට අවෙ...
ඔයා මන් දන්න කෙනෙක් වගෙමයි...
එත්...ඔයා නම් කවදාවත් එ වගෙ වෙන්න එපා....
මෙ ලොකේ හරි කුරිරුයි... “
එලෙසින් තමන් ආදරයෙන් රෑවැට්ටු තරුණියක පිලිබද විස්තර ගෙන හැර දක්වමින් විටෙක මෙ එ තරුණිය යැයි පවසමින් චයාරුප පවා ඉදිරිපත් කරමින් ඔවුන් අවධානය දිනා ගෑනිමට උත්සහ දරයි.තවත් සමහරුන් තමන් බොහො සෙයින් මානසික සිත් තෑවුලට පත්ව ඈති බව පවසමින් තමන්ගෙ දුක ඈසිමටවත් කෙනෙකු නොමෑති බව පවසමින් අවධානය ඉල්ලයි.මොවුන් මෙලෙස හැසිරෙමින් සිතෙ ආදරයක් තිබෙන බව පවසමින් ඉතා හාස්යජනක ලෙස හෑසිරිම සෑබෑවින්ම පිලිකුල් සහගතය. නමුත් විටෙක ෆෙස්බුක් වෙබ් අඩවියෙන් වුවද තම සහකරු හො සහකාරිය මුන ගෑසිය හෑක.නමුත් එ එකිනෙකා තෙරුම් ගනිමින් අවබොදයකින් ඈතිවන බෑද්ම් මිස මෙලෙස ගහෙන් ගෙඩි එන්නා සේ දුටුව ගමන්ම කැමැත්ත ප්‍රකශ කිරිම හා සුන්දර කතා වස්තු මවා පෙන්විම තුලින් සම්බන්දතා ඈති කර ගෑනිමට තෑත් දරන පරපුරක් බිහිවි ඈත්තෙ ලන්කික ජාතියෙ අවාසනාවට විය හෑකිය.මෙවෑනි තත්ත්ව යටතෙ බොහො දෙනෙක් තම නුවණ මෙහෙයවා කටයුතු නොකිරිමෙන් ජිවිතයෙන් පවා වන්දි ගෙවු අවස්ථා මෙත අතිතයෙන්ම උදාහරන ගත හෑකි මුත් එවා මාගෙ අදහට අනුව නැවත නැවත මතක් කර හුවා දෑක්විමට තරම් නොවටින වටිනා ජිවිත සමග කළ අණුවන ක්‍රියා හෙතුවෙන් එවා පිලිබදව මෙහි අන්තර්ගත නොකෙරෙ.
අවසාන වශයෙන් සිතිමට කරුන වන්නෙ වරද සිදුවුයෙ කොතෙනද යන්නයි. ජනතව නව්යකරණය හා තාක්ශණය භාර ගන්නෙ කෙසෙද? විශ්ව ගම්මානයට ඈරයුම් කරන සයිබර් අවකාශය නිවැරදිව භාවිතා කිරිමට සෑවොම එක් වෙමු !
හැක් හැක් ..මොනවා කියන්නද මෙවට
ReplyDeleteහැක් හැක්... එකනේ සහෝ...
Delete//නමුත් මෙම ෆෙස්බුක් සමජ වෙබ් අඩවිය සිතකර හො අහිතකර වන්නෙ තමන්ගෙම ප්‍රතිචර අනුවය// සම්පූර්ණ ඇත්ත.
ReplyDeleteඅනිවා.ස්තුතියි.
Deleteහේ හේ බුකියේ ඉන්න විවද මිනිස්සුන්ගේ මානසික තත්වයන් එමටයි, ඔය ටිකක් විතරයි, ඇත්තටම අද ගෑනු ළමයෙක්ට පප්‍රොෆයිල් පික්චර් එකක් යුස් කරන්න විධියක් නෑ මේ අමන හරක් නිසා, එක නිසා තමන්ගේ ප්‍රතිපත්ති මත සිටිමින් බුකිය භාවිතා කිරීම කාට කාටත් හොඳය, ප්‍රියා අයියා කිව්වා වගේ තමන් එවැන්නන්ට දක්වන ප්‍රතිචාරය තමා හැමදේකටම මුල් වෙන්නේ, එත් සම හරක් ගනු ළමයිනේ පින්තුර එඩිට් කරලා අනවශ්‍ය බලපෑම් කරන්න එන එක නම් පිළිකුල් සහගතයි. එක නිසා මටනම් කියන්න තියෙන්නේ ඔයවගේ අමනයන්ගෙන් ගැලවෙන්න තියෙන එකම විදිය නොදන්නා එවුන් එක්ක වැදී බජනෙට නොයා සිටීම තමයි ඉතින්. තවත් එවුන් ඉන්නවා ප්රෝෆිලේ එකකට රිංගලා එකේ ඉන්න හැම යාලුවෙකුටම රික්වෙස්ට් දාල මියුටුවල් ෆ්‍රෙන්ඩ්ස් ලව හදාගෙන කොහොම හරි වැඩේ කරගන්න බලන, ආයි ඒවාට පස්ටම කැපවීමක් ඕකුන් කරන්නේ. අපේ සමහරක් අය්යලාට ඉතින් අර ඕනා මගුලක් තලගොයා කරගන්න පුළුවන්නේ, එකමයි බුකියටත් වෙලා තියෙන්නේ.
ReplyDeleteකලින් ගාමිණි පොස්ට් එක කෝ? එක මිසින් නේ?
Deleteඔව්.හැම කෙනෙක් තුළම ප්‍රතිපත්තියක් තියනවා නම් හොදයි.ස්තුතියි අදහසට.
Deleteගාමිණී මතකයක්ම පමණි.
මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත. සමහර වෙලාවට පුදුමත් හිතෙනවා මේ ෆේස්බුක් එකේ තියෙන දේවල් දැක්කම. සමහර වෙලාවට විශ්වාස කරන්නත් අමාරුයි මේ තරම් මානසික රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා කියලා. මටත් කියන්න තියෙන්නේ අර සොමි යා කිව්වා වගේ ටිකක් පරිස්සමින් ඕක පාවිච්චි කරන එක හොඳයි කියලා තමයි. විශේෂයෙන්ම ගැහැණු ළමයි, එහෙම කිව්වට පිරිමි ළමයිත් පරිස්සම් උනාව වැරැද්දක් නෑ.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.ගොඩක් එ වගේ අයට මානසික සංකුලතා තියනවා කියලා තමයි හිතන්න වෙන්නේ.ගොඩක් ස්තුතියි අයියා ඔයාගේ අදහස.ගෞරවයක් ඔයාගේ කමෙන්ට් එක.
Deleteඅකුරු ටිකක් ලොකු කරන්නකෝ මැඩම්
ReplyDeleteමාද්‍ය අව බාවිතයේ තවත් එක පැතිකඩක්..fb එකේන් අදුරගන්න ඒවා සාර්ථක නැ කියන්න බැ..බුකියෙන් අදුරගෙන විවාහපත් වී සාර්ථක පවුල් ජිවිත ගෙනියන උදවියව මම පුද්ගලිකව දන්නවා..
ගොඩක් කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් ඉස්සරහට ගිහින් කැමැත්ත අහගන්න බැරි එහෙම උන් තම ගොඩක් වෙලාවට බුකියෙන් ගනුලමයින්ට ඔය ආකාරයේ වද දෙන්නේ..ඔවුන් කවදාවත් තමන්ගේ සම්පුර්න විස්තර බුකියේ දන්නේ නැ..විශේෂයෙන් ගෙදර ලිපිනය..ඒ වගේම තමාගේ නියම නෑදෑයෝ බුකියේ නැ..යාලුවෝම තම සිසිටෙර් බ්‍රෝ nepew කියලා ඉන්නේ සමවයසේ යාලුවෝ විතරයි..
එක ඇත්ත සර්.මාත් එ අදහසට එකගයි.අනිවාර්යයෙන්ම fb එකෙන් අදුර ගත්ත අය සාර්ථක ජිවිත ගතකරනවා.ආදරය අවබොධය මත පදනම් වෙන දෙයක් මිස අදුර ගන්න තැන ප්‍රශ්ණයක් නෙවේ. fb කියන්නේ තවත් එක් සමාජ වෙබ් අඩවියක් විතරයි.ස්තුතියි සර්ගේ අදහසට.
Deleteඅකුරු ලොකු කරන්නම්. අාචාර්ය දැන් වයසයි නෙහ් :D
Deleteඌ තාම තරුණ කොල්ල........
Deleteහෙක් හෙක්. තාත්ති රැවටිලා.මෙයා සියා කෙනෙක් :D
Deleteසම්පුර්න ඇත්ත කතාවක්
ReplyDeleteඒ කොහොම වුනත් මාත් ආදරේ හොයා ගත්තේ ෆේස්බුක් හන්දා තමයි.. හොද නරක දෙපැත්ත බලපාන්නේ ඒක පාවිච්චි කරන කෙනාගේ මානසික මට්ටම් උඩයි..
ReplyDeleteම්ම්ම්... මාත් ඵහෙම තමයි.ඇත්ත එක මානසික මට්ටම මත පදනම් වෙන දෙයක්.ස්තුතියි ඔබට
Deleteගැහැණු ළමයි මොලේ පාවිච්චි කරනවානම් ....මෝල් කාරයන්ට අහුවෙන්නෙ නැහැ දුව....හෙක්.....හෙක්,,,,,
ReplyDeleteහෙක් හෙක්.... අනිවා තාත්ති.
Deleteඑකෙන්ම අංකල්
Deleteකවුද අන්කල්
Deleteඔයා කලින් දාපු පෝස්ට් එක ඩිලීට් කලාද? අපරාදේ.
ReplyDeleteඇයි අපරදේ?
Deleteඅදාල තැනට ලින්ක් එකක් දාල ඔයාට ඒක තියන්න අරින්න තිබුනෙ. එහෙනම් තව පිරිසකට ඒක කියවන්න අවස්ථාව ලැබෙනවා.
Deleteම්ම්ම්....
Deletefacebook විතරක් නෙවෙයි අපේ මේ සාමාන්‍ය සමාජයෙත් විවිධාකාර පුද්ගලයෝ ඉන්නවා..
ReplyDeleteඋන්ගේ එක එක අරමුණු තියෙන්නේ.
අද කාලේ සමාජ ජාල වලට එන ඇතැම් අයගේ අරමුණ කෙල්ලෙක් අමාරුවේ දාන එක.
තව අයෙක් මුදල් ඉපැයීම. බොහෝ විට සමාජ සේවා සංවිධාන පිහිටවාගෙන මුදල් එකතු කරනවා..
තවත් අය ඉන්නවා ජීවිතේ තනිකම පාළුව මකා ගන්න එනවා..
තව සමහරු දේශපාලන අරමුණු.
සමාජයේ පරිස්සම් වෙන විදියටම මේවායේදීත් පරිස්සම් වෙනව නම් හානියක් නෑ.
අසීමිත විදියට මිනිස්සු විශ්වාස කරන්න ගියාම ඔහොම ප්‍රශ්න වලින් බලපෑම් වෙනවා..
කාටවත් බැනල වැඩක් නෑ තමන් හරියට ඉන්නව නම් කාගෙන්වත් කරදරයක් නෑ. මොකද මේකේ ස්ත්‍රී දූෂණ කරන්නත් බෑනේ..
ම්ම්ම්... මාත් ඔබේ අදහසට එකගයි. අදමයි ඔබ මේ පැත්තේ එනවා දැක්කේ.සාදරෙයන් පිළිගන්නවා.ස්තුතියි අදහසට.
Deleteසමාජ ජාය අඩවියක් යනු තවත් එක් නූතන මාධ්‍යයක් පමණි. නැන නුවනින් කටයුතු කළොත් අවැඩක් සිදු නොවේ...
ReplyDeleteඔබේ අදහසට මමත් එකගයි.ස්තුතියි අයියා.
Deleteෆේස් බුක් තිබුණත් නැතත්, ඒක භාවිතා කරත් නැතත්, අපිට සහ අපේ අනාගත පරපුරට දක්ෂතාවයක් තියෙන්න ඕනේ ඒවා සමග යෝග්‍ය විදිහට ගණුදෙනු කරන්න. නැත්නම් ෆේස් බුක් නෙමෙයි පොතකුත් ඇති ජීවිත නැති කරගන්න...
ReplyDeleteලිපිය නම් ඉතා වැදගත්... ඒ ගැන හිතන්න සමාජය යොමු කරවනවා...
එක ඇත්ත.ස්තුතියි ඔබට
Deleteඔහොම අයියලා සෑහෙන්න ඉල්ලන් කනවා , ගැනු ළමයි බුද්ධිමත් වෙන්න ඕනේ , හොද ලිපියක්
ReplyDeleteහෙක් හෙක් අනිවාර්යයෙන්ම අපූර්වි.ස්තුතියි.
Delete