Wednesday, November 12, 2014

සිහිනයකි නුබ

සිහිනයකි නුබ

ඔහු මා බද වටා අත දමා මා ඔහුගෙ වතට තුරුලු කර,තව තවත් මා ඔහුට තුරුලු වෙමින්.........................

වතුර බිදුවක් මුහුනට විසිවුනෙන් මා සිහින ලොවින් අවදි විය... ම්හ්හ්හ්හ්හ්... මටම නොදෑනි මා මුවින් සුසුමක් පිටවුනි... කොතරම් සුන්දර සිහින්යක්ද,ඔහු අසල එ දෑනුනු උනුසුම,ආදරය... නමුත් දෑන්මා වට කරගෙන සිතල හා අදුර... සිහින ලොව මිහිරියාව බිද දමමින් එක පිට එක මුහුනට විසිවන දිය බිදු මා සිතෙ නොපසන් හෑගීම් මතු කරවයි... වර්ශව නිසා වහලයෙන් වෑටෙන දිය බිදු ඈද වියට්ටමෙ වෑදි හාත්පසම විසිරෙමින් මෙතෙක් වෙලා නොදෑනුනු දරා ගත නොහෑකි සිතලකින් මා ගත වෙලියයි... දරගත නොහෑකි තනිකමත් පලුවත් මා වට කර ගනිද්දි නෑවතත් පොරොනාව තුලට ගුලි වෙමින් ඔහු තුරුලෙ උනුසුම සොයා යාමට මා දෑස් තද කර පියා ගතිමි...

ඉසින දිය බිද බිද 
මා වතට...
දෑනෙ පලුව නිබද
මා සිතට...

නිතර මා සිත අඩන
විලසට...
පතිත වෙ කදුලු බිදු
පොලවට...

සෑනසුම ලබනට සදා
පහසට...
තුරුලු වෙමි දෑස් පියා
නුබට...


තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...