Saturday, March 21, 2015

ආදරයට අධිපති දෙවියන්


ආදරයට අධිපති දෙවියන්      "නොකියූ ග්‍රීක කතාව"
✿¸.• •✿
********************
✿¸.• •✿
දවසක් ආදරයට,කරැණාවට අධිපති වුන දෙවියන් සියුස්ගෙ මල් උයනේ ඇවිදිමින් හිටිය..,
ටිකකින් කුමාරය දැක්ක,තටු කැඩිල මල් පඳුරක් ලඟ වැටිල හිටපු පුංචි කුරැලු පැටියෙක්ව.
කුමාරයට ගොඩක් දුකයි.,එයා ඒ කුරැලු පැටිය අතට අරගන ප්‍රාර්ථනාවක් කරා..,තටු සනීපවෙලා ඈතට ඉගිල යන්න පුලුවන් වෙන්න කියලා..,
ටිකකින් ඒ කුරැලු පැටිය සනීප වෙලා ඈතට ඉගිලිලා ගියා...
""මොකක්ද ඔයා කලේ
එයා මගේ මල් ගසකින් පැනි බිව්වා...,මම සාප කලා තටු කැඩෙන්න කියල...,ඔයා මගේ තීරණයට එරෙහිවුනා...,
ඔයාට එහෙම කරන්න අයිතියක් නැහැ..,
ඒ වගේම ඒක අසාධාරනයි..,මම සියුස්ට මේ ගැන පැමිනිලි කරනවා...,,,..නපුරට,පලිගැනීමට,වයිරයට අධිපති දෙවඟන කුමාරයට දොස් කීවා.
කුමාරය හිනාවුනා.,මුකුත් නොකිය හිටිය..,
සියුස් කතා කරල ඇහුව මොකද වෙලා තියෙන්නෙ කියල.,
නපුරට අධිපති දෙවඟන කිව්ව "මගේ තීරනයකට ආදරයට අධිපති දෙවියන් විරැද්දවුනා.,එයාට එහෙම කරන්න අයිතියක් නැහැ,එයා දඩුවම් ලැබිය යුතුයි කියල..,"
සියුස් එකඟවුනා,
නුඹට කැමති දඩුවමක් ඔහුට දෙන්න පුලුවන් කියල.,
"එහෙනම් සියුස් දෙවිඳුනි,මම සාප කරනව මිනිස් ලෝකයෙත්,දෙව්ලෝකයෙත් ඉන්න කැතම කෙනා බවට ආදරයට අධිපති දෙවියන් පත්වෙන්න කියල"
නපුරට අධිපති දෙවඟන එහෙම සාප කලාම ආදරයට අධිපති දෙවියන් බොහොම විරෑපී අවලස්සන කෙනෙක් බවට පත්වුනා..,
ඒත් කුමාරයගෙ හදවත රත්තරන්.,එයාගෙ ආදරයවත්,කරැණාවවත් වෙනසක් වුනේ නැහැ.
ඔහොම කාලයක් ගතවුනා...,සියුස් දෙවියන් සියලුම දෙවිවරැන්ට කැඳවීමක් කරල කිව්ව...
මිනිස් ලෝකයට ආලෝකය ලබාදිය යුතුයි...,ඔවුන් මැවූ දින සිටම ඉන්නෙ ඝණ අන්ධකාරයේ..,
ඒවෙනුවෙන් අපෙන් කෙනෙක් පිටත්විය යුතුයි කියල...,
"මට අවස්තාව ලබාදෙන්න....,හැම කෙනෙක්ම ඉල්ලා සිටිය.,
වයිරය පතුරවන්න පුලුවන් නිසා ආලෝකය රැගන යන්න මට අවස්ථාව ලබාදෙන්න...,
නපුරට අධිපති දෙවඟන ඉල්ලුව...,
"මට අවස්ථාවක් දෙන්න,යුද්ධය පතුරවන්න...ආලෝකයත් සමඟම..,
යුද්ධයට අධිපති දෙවියන් ඉල්ලා සිටිය..,
"නැහැ..,ආලෝකයත් සමඟ ආදරය,කරැනාව පතුරවන්න මට ඉඩ ලබාදෙන්න..,
ආදරයට අධිපති දෙවියන් ඉල්ලුවා..,
අවසානයේ සියුස් තීරනය කලා,ආලෝකය රැගෙන යන්න ආදරයට අදිපති දෙවියන්ට ඉඩ ලබාදෙන්න..,
***************************************************************************
කුමාරය පොලොවට එනකොට හැමතැනම අණ්ධකාරය විතරයි..,රාත්‍රියත්,දහවලත් එකයි..,අඳුර පමනයි.
කුමාරය හැමතැනම ඇවිද්ද..,කිසිම කෙනෙක් අනෙකාව හඳුනන්නෙ නැතත්,කවදාවත් දැකල නැතත් එකිනෙකාට ගොඩක් ආදරයෙන් ඉන්නව...,
කුමාරයට ගොඩක් සතුටුයි,එකිනෙකා නොදැකත් මේ තරම් ආදරයෙන් ඉන්නවනම් ඔවුන් ආලෝකය ලැබුනු පසු තවත් ගොඩක් එකිනෙකාට ආදරය කරාවි..,
කුමාරය හිතුව..,
ටිකදුරක් මෙහෙම ඇවිදගන යනකොට කුමාරයට ඇහුන කවුරැහරි කෙනෙක් ඉකිබිඳිමින් අඩනව..,
කුමාරයට දුකයි,කුමාරය බැලුව...ගොඩක් ලස්සන කුමාරියක් හරිම දුකෙන් අඩනව...,
"ඇයි ඔබ අඩන්නෙ,,කුමාරය ආදරයෙන් ඇහුව..,
"මට හැමදේම ඇහෙනව,හැම දෙයක්ම දැනෙනව,ඒත් මට කිසිදෙයක් පෙනෙන්නෙ නැහැ..,මොකක්හරි අඩුවක් තියනව..,කියල,කුමාරිය කිව්ව.
"මම ඔබට ආලෝකය දුන්නොත්...,ආදරයට අධිපති කුමාරය,කුමාරියගෙන් ඇහුව..
"එහෙම වුනොත් මම ඔබට ආදරයකරනව,ඔබ සමඟ විවාහ වෙනව..,කුමාරිය කිව්ව.
මුලු ලෝකයටම ආදරය දුන්නත්,කුමාරයට කවුරැවත් ආදරයකලේ නැහැ.,ඉතින් කුමාරය තමන්ගෙ අතේ ගුලිකරගන ආපු ආලෝකය කුමාරියගෙ අතේ තිබ්බා..,
"මේ අලෝකය ඔබ කැමති තරම් පතුරවන්න..,කුමාරය කිව්වා.
කුමාරිය ආලෝකය දෑතට අරගන ඉස්සල්ලම තමන්ට ආලෝකය දුන්න කුමාරය දිහා බැලුව..,
"ඊ........,ඔබ හරිම කැතයි.,විරෑපියි..,මට බැහැ ඔබට ආදරය කරන්න..,
කුමාරිය කිව්ව..,
කුමාරයට ගොඩක් දුකයි..,ඉතින් කුමාරය ප්‍රාර්ථනා කරා...,මම ආලෝකය දෙන්න ආවෙ.,ඒක හරි දැන් මගේ ජීවිතෙන් වැඩක් නැහැ,මට මියයන්න ඕනි කියල.,
ආදරයට අධිපති දෙවියන් මියගියා..,ඒත් එයාගෙ හදවත රත්තරන්...,ඒ නිසා කාටවත් නොපෙනෙන තැනක එයාගෙ හදවත ඉතිරිවුනා..,
***************************************************************************





සියුස් බැලුව,,කාලයක් ගතවුනා කුමාරය නැවත පැමිනියෙ නැහැ.,
යුද්ධයට අධිපති දෙවියන් කැඳවූ සියුස් කිව්ව,ආදරයට අධිපති දෙවියන් හොයාගන එන්න කියල..,
එයා මහපොලොවට ඇවිත් බැලුව,හැමතැනම ටික,ටික ආලෝකය තියනව..,ඒත් ආදරයට අධිපති දෙවියන් පේන්න නැහැ..,
අවසානයෙ කුනුගොඩක දිරාපත්වෙමින් තිබුනු කුමාරයාගේ රත්තරන් හදවත යුද්ධයට අධිපති දෙවියන් හොයාගත්ත.,
ඒ හදවත තවමත් දිලිසෙනව..,ඉතින් සියුස් තීරනයකරා මහපොලොවට ආලෝකය දෙන්න මේ හදවත හිරැ වෙන්න කියල..,
ආදරයත්,කරැනාවත් අහිමිවුනහම කොයිතරම් දරැනුද කියල දැනෙන්න දවසෙන් බාගයක් අඳුරෙ තියන්න සියුස් තීරනයකරා..,
කුමාරයගෙ මරණය වෙනුවෙන් රාත්‍රී අහසේ ඈතින් හඳක් වෙලා ඉන්න කියල කුමාරියට දඩුවමක් දෙන්න සියුස් තීරනයකලා..,
ඒ හඳ ආලෝකවත් කරන්නෙත් ඉරෙන්මයි කියල දැනගන්න,මිනිස්සුන්ට හුඟ කාලයක් ගතවුනා..,



තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...