Thursday, March 26, 2015

ඇතුලාන්තය

දකින්න ඇතුලාන්තය


සියල්ල දකින ලොව,

බොහො විට වේදනාවයි
තවත් විටෙක සතුටයි
අනිත්‍ය මරණයයි
අතිරික්තය පසුතැවිල්ලයි...

නමුත්
සැබැවින්ම

අවබෝධය මත
පසුතැවිල්ල නැති වේවි
වේදනා නොමැති වේවි
සතුටු වේවි
එලෙසින්ම අවබෝධයෙන්ම දිවි ගෙවාවි
දැන ගන්නට හැකි උනොත් විතරක්
නොදකින ඇතුලාන්තය...

එලෙසින්ම
සියල්ල දකින ප්‍රේමය,

බොහො විට පසුතැවිල්ලයි
තවත් විටෙක වේදනාවයි
කලාතුරකින් විවාහයයි
අතිරික්තය දික්කසාදයයි...

නමුත්
සැබැවින්ම

අවබෝධය මත
පසුතැවිල්ල නැති වේවි
චෝදනා නොමැති වේවි
විවාහ වේවි
එලෙසින්ම වෙන් වේවි අවබෝධයෙන්ම
හැකි උනොත් විතරක්
එකිනෙකා හඳුනාගන්නට...

- මලී -

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...