Thursday, March 26, 2015

ඇතුලාන්තය

දකින්න ඇතුලාන්තය


සියල්ල දකින ලොව,

බොහො විට වේදනාවයි
තවත් විටෙක සතුටයි
අනිත්‍ය මරණයයි
අතිරික්තය පසුතැවිල්ලයි...

නමුත්
සැබැවින්ම

අවබෝධය මත
පසුතැවිල්ල නැති වේවි
වේදනා නොමැති වේවි
සතුටු වේවි
එලෙසින්ම අවබෝධයෙන්ම දිවි ගෙවාවි
දැන ගන්නට හැකි උනොත් විතරක්
නොදකින ඇතුලාන්තය...

එලෙසින්ම
සියල්ල දකින ප්‍රේමය,

බොහො විට පසුතැවිල්ලයි
තවත් විටෙක වේදනාවයි
කලාතුරකින් විවාහයයි
අතිරික්තය දික්කසාදයයි...

නමුත්
සැබැවින්ම

අවබෝධය මත
පසුතැවිල්ල නැති වේවි
චෝදනා නොමැති වේවි
විවාහ වේවි
එලෙසින්ම වෙන් වේවි අවබෝධයෙන්ම
හැකි උනොත් විතරක්
එකිනෙකා හඳුනාගන්නට...

- මලී -

8 comments:

  1. පසුතැවිල්ල කියන්නෙ ජීවිතය ආපස්සට අදින දෙයක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ස්තුතියි අදහසට

      Delete
  2. අමාරුම දේ අන්න ඒක ලබා ගැනීම.....එහෙම උනානම් ඔය කියන කිසිම අතිරික්තයක් ඇති නොවනු ඇත

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත... ස්තුතියි අදහසට

      Delete
  3. පසුතැවිලි වෙන්න ගත කරන කාලය ඇත්තටම අපරාදේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එත් මිනිස්සු කරන්නෙම පසුතැවෙන එක තමයි..

      Delete
  4. නිත්‍ය මරණයේ
    අතිරික්තය දිවි දුක් කඳ
    නැතිකළ හැකි අවබෝධය
    නූපදීම

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.. ස්තුතියි

      Delete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...