Thursday, May 22, 2014

කහ ලේන්සුව

කහ ලේන්සුව 



කැලිෆෝනියා නගරයේ මීට අවුරුදු ගනනකට කලින් සිදු වූ සත්‍ය සිද්ධියක්.
විශ්ව විද්‍යාලයක මිතුරු මිතුරියන් පිරිසක් බසයකට නැග්ගා විනෝද ගමනක් යාමට. බසයේ පිරිසෙන් වැඩි හරියක් ඔවුන්ගේම අය නිසා විනෝද කතා වලින් සිනාවෙන් අඩුවක් නැතුවම බසය පිරී තිබුනා. මේ බසය ගමනාන්තයට ලගා වෙන්නේ දින තුනකට පසුවයි.
ගමන ඇරඹුනා.
අතර මග නගරයකදී වියපත් මිනිසෙක් බසයට නැගී ජනෙල් කවුලුවක් අසලින් අසුන් ගත්තා. මෙතරම් සතුටින් පිරී ගිය බසය තුළ ඔහු ඔහුගේම ලෝකයක තනි වී කල්පනාවක ගිලී කවුලුවෙන් පිටතම බලා සිටිනවා. මෙලෙසින් උදේ පටන් ගත් ගමන රෑ කෑමට බසය හෝටලයක් අසල නතර කරනවා. සියල්ලන් කෑම ගැනීමට බැස ගියත් අර පුද්ගලයා පමණක් බසයෙන් නොබැස සිටි අයුරින්ම සිටිනවා. දැන් මේ පුද්ගලයා පිරිසේ මාතෘකාව බවට පත්වෙනවා.
පිරිසෙන් එක් තරුණියක් මේ පුද්ගලයා සමග කතා බස් කිරීමට ඉදිරිපත් වෙනවා. ඇය ඔහුටත් කෑම රැගෙන බසයට නැග ඔහු අසලින්ම වාඩිවෙනවා.
මිස්ටර්.. අපි කෑම ටිකක් කාලා ඉමු...
එපා.. බොහාම ස්තූතියි..
ඇය උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ ඔහු බීර බදුනක් පානය කිරීමට කැමති වෙනවා.
දෙවෙනි දින රැය උදා වෙද්දී ඔහු තමන් කවුදැයි විස්තරයක් ඇයට කියනවා.
මම මැරි කලේ අවුරුදු විස්සෙදි. ඇය බොහොම ලස්සන තරුණියක්. මම ඇයටත් ඇය මටත් පන වගේ ආදරය කළා.. නමුත් විවාහ වූ දිනයේම අවාසනාවන්ත සිදුවීමක්.. මා නොකළ මිනීමැරුමකට වරදකරුවෙකු කර මාව සිර භාරයට ගත්තා. නඩු විභාගය අවසානයේ සිර දඩුවම අවුරුදු විසි පහකට.
මෙය දෛවයේ සරදමක්. මා හට දඩුවම විදින්නම සිදු වෙනවා. නමුත් මගේ වරදක් නොකල බිරිද?
ඇය මා හමුවන්නට සිර ගෙදරට ආ පළමු දිනයේ මම ඇයට කියා සිටියා ඇය අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බව නමුත් ඇය අඩා වැලපී යන්න ගියා.
දෙවන දින ඈ මා බලන්නට පැමිණි පසු මම ඇයට බැන වැදී එළවා ගත්තා. මට ඕනෙ වුනේ ඇයව මගෙන් දුරස් කරන්නටයි. ඉන් පසු ඈ මා බැලීමට සිර ගෙදරට ආවේ නැහැ. ඈ ලියුමක් එවා තිබුනා. මම පිළිතුරු යැව්වේ නැහැ. දැන් මගේ අවුරුදු විසිපහක සර දඩුවම අවසන් .. ඇය ගැන අවුරුදු විසි පහකින් කිසිම තොරතුරක් නැහැ. නමුත් මම දැන් සතියකට කලින් නිවසේ ලිපිනයට ලියුමක් තැපැල් කළා මම නිදහස් වී ගෙදර එන බව දන්වලා. එය ලැබුනාද නිවස දැන් තිබූ තැන තිබෙනවාද කියා වත් මම දන්නේ නැහැ. මගේ නිවස තිබෙන්නේ මේ බස් පාර අද්දරමයි. නිවස ඉදිරියේ විශාල ඕක් ගසක් තියෙනවා. මම ලියුමේ ලිවුවා. ඇය ගෙදර සිටිනවා නම් මාව බාර ගන්නට පුලුවන් කමක් තිබෙනවානම් ඕක් ගසේ කහ පාට ලේන්සුවක් එල්ලන්නටයි කියා. ලේන්සුවක් ගසේ තිබුනොත් මම බසයෙන් බසිනවා. නැතිනම් කොහේ හෝ ගිහින් ජීවත් වෙන්න බලනවා.
දැන් මේ කතාව මුලු බසයේම මාතෘකාව වී තිබෙනවා.
බසය අර කියූ ඕක් ගස ට ලගා වෙමින් තිබෙනවා. රියදුරා දුර ගනනය කරනවා.
තව කිලෝමීටර දහයයි.. පහයි.. දෙකයි.. තව කිලෝමීටරයයි....
දැන් බසයේ සියලු දෙනා ඕක් ගස ඇතැයි කියූ පැත්තට වී ජනෙල් කවුලු වලින් පිටත බලා සිටිනවා.
අර පුද්ගලයා පමණක් ඒ දෙස නොබලා ඉවත බලා සිටිනවා.
ගනනය කිරීම නවතිනවා. බසයද නවතිනවා. මුලු බසයම නිහඩතාවකින් වැසෙනවා. හුස්මක් ගන්නා හඩක් වත් ඇසෙන්නේ නැහැ..
ඔහු හෙමින් හිස ඔසවා බලනවා.
ඕක් ගස සිය ගනනක් කහ පැහැති ලේන්සු වලින් සරසා තියෙනවා......

23 comments:

  1. අන්න ආදරේ... තමන්ගේ පිවිතුරු ආදරේ වෙනුවෙන් දවසක් දෙකක් නෙවෙයි ආත්ම ගානක් වුණත් බලන් ඉන්න පුළුවන් නම් ඒක තමයි ........................... කියන්නේ....

    …හිස් තැන පුරවන්න වචනයක් කියන්නකෝ..... මගේ හිතට වචන එන්නේ නැහැ.... :-(

    ReplyDelete
    Replies
    1. හිස්තැනට......... ආදරේ කියන වචනේ හොදයි.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. ලස්සන අවසානයක් තියන ධනාත්මක ආකල්ප වලින් යුතු කතාවක්

    ReplyDelete
  4. ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. :D පුදුමයි ඔයා ලව් ස්ටොරියක් කියෙව්වා. ස්තූතියි අයියා

      Delete
  5. onna nangi man kiyeuwa, lassnai ehem adarayakl labanna pin tyenawa nm ......

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා. ස්තුතියි අදහසට

      Delete
  6. දැන් මේ කොඩි එල්ලුවේ කවුද එයාමද නැතිනම් මේ කතාව අසා වුන් අයද? කතාව හොදයි. ඒත් ලියා තිබෙන්නේ වාර්තාවක ස්වරුපයෙන්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එයාගේ බිරිඳ. ඔයා වගේ ප්‍රවිණයෙක්ගේ අදහස ගොඩක් වටිනවා.අඩුපාඩු හදා ගන්න උත්සාහ කරන්නම්.ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ වෙන්න තරම් නිරහංකාර වීම පිළිබඳව.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මෙහෙම කෙල්ලෝ ඉන්නේ කතා වල විතරයි යාලු

    ReplyDelete
  9. හික්ස්... ඇත්තටත් ඉන්නවා සර් ... බිනරි වගේ... හික්ස්

    ReplyDelete
  10. ආදරේ කියන්නේ අන්න ඒකට තමයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.ස්තුතියි අදහසට

      Delete
  11. කතාව තව ටිකක් වර්ධනය කරල ලිව්වා නං මීට වඩා හොඳට තියේවි කියල මට හිතෙනවා,මේ කතාව දැන් ටික කාලෙකට ඉස්සර මා දැකපු හින්දි චිත්‍රපටයකත් තිබුණා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. මාත් කාලෙකට කලින් කියවපු ඉංග්‍රිසි කතාවක්.

      Delete
  12. බ්ලොග් රෝල පිස්සු කෙලිනවා අප්පා, අනේ සමහර බ්ලොග් මිසින් වෙලා, හොයාගෙන යන්න ඕන. කතාවේ මුල ටිකනම් අර ඉවාන් දිමිත්‍රිව් හිටපු බිම්ගෙයි සිරකරුවා කතාව වගේමයි, එයාටත් නොකළ වරදකට වන්දි ගෙවන්න සිද්ද වෙනවා, එත් මේකේ අවසානය හරිම ලස්සනයි. ලස්සන කතාව. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ගොඩක් අයට බ්ලොග් ප්‍රශ්ණ. කොහොම තමුත් ස්තුතියි ආවට

      Delete
  13. කොහේ හෝ මේ කතාව කලින් කියෙව්වා..

    ස්තුති මතක් කලාට :)

    ReplyDelete
  14. ම්ම්ම්... මෙක ඉංග්‍රිසි කතාවක්.පරිවර්තනයක් නම් නෑ මං හිතන්නේ . ස්තුතියි ඔබේ අදහසට.

    ReplyDelete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...