විශ්ව විද්‍යාලයක මිතුරු මිතුරියන් පිරිසක් බසයකට නැග්ගා විනෝද ගමනක් යාමට. බසයේ පිරිසෙන් වැඩි හරියක් ඔවුන්ගේම අය නිසා විනෝද කතා වලින් සිනාවෙන් අඩුවක් නැතුවම බසය පිරී තිබුනා. මේ බසය ගමනාන්තයට ලගා වෙන්නේ දින තුනකට පසුවයි.
ගමන ඇරඹුනා.
අතර මග නගරයකදී වියපත් මිනිසෙක් බසයට නැගී ජනෙල් කවුලුවක් අසලින් අසුන් ගත්තා. මෙතරම් සතුටින් පිරී ගිය බසය තුළ ඔහු ඔහුගේම ලෝකයක තනි වී කල්පනාවක ගිලී කවුලුවෙන් පිටතම බලා සිටිනවා. මෙලෙසින් උදේ පටන් ගත් ගමන රෑ කෑමට බසය හෝටලයක් අසල නතර කරනවා. සියල්ලන් කෑම ගැනීමට බැස ගියත් අර පුද්ගලයා පමණක් බසයෙන් නොබැස සිටි අයුරින්ම සිටිනවා. දැන් මේ පුද්ගලයා පිරිසේ මාතෘකාව බවට පත්වෙනවා.
පිරිසෙන් එක් තරුණියක් මේ පුද්ගලයා සමග කතා බස් කිරීමට ඉදිරිපත් වෙනවා. ඇය ඔහුටත් කෑම රැගෙන බසයට නැග ඔහු අසලින්ම වාඩිවෙනවා.
මිස්ටර්.. අපි කෑම ටිකක් කාලා ඉමු...
එපා.. බොහාම ස්තූතියි..
ඇය උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ ඔහු බීර බදුනක් පානය කිරීමට කැමති වෙනවා.
දෙවෙනි දින රැය උදා වෙද්දී ඔහු තමන් කවුදැයි විස්තරයක් ඇයට කියනවා.
මම මැරි කලේ අවුරුදු විස්සෙදි. ඇය බොහොම ලස්සන තරුණියක්. මම ඇයටත් ඇය මටත් පන වගේ ආදරය කළා.. නමුත් විවාහ වූ දිනයේම අවාසනාවන්ත සිදුවීමක්.. මා නොකළ මිනීමැරුමකට වරදකරුවෙකු කර මාව සිර භාරයට ගත්තා. නඩු විභාගය අවසානයේ සිර දඩුවම අවුරුදු විසි පහකට.
මෙය දෛවයේ සරදමක්. මා හට දඩුවම විදින්නම සිදු වෙනවා. නමුත් මගේ වරදක් නොකල බිරිද?
මෙය දෛවයේ සරදමක්. මා හට දඩුවම විදින්නම සිදු වෙනවා. නමුත් මගේ වරදක් නොකල බිරිද?
ඇය මා හමුවන්නට සිර ගෙදරට ආ පළමු දිනයේ මම ඇයට කියා සිටියා ඇය අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බව නමුත් ඇය අඩා වැලපී යන්න ගියා.
දෙවන දින ඈ මා බලන්නට පැමිණි පසු මම ඇයට බැන වැදී එළවා ගත්තා. මට ඕනෙ වුනේ ඇයව මගෙන් දුරස් කරන්නටයි. ඉන් පසු ඈ මා බැලීමට සිර ගෙදරට ආවේ නැහැ. ඈ ලියුමක් එවා තිබුනා. මම පිළිතුරු යැව්වේ නැහැ. දැන් මගේ අවුරුදු විසිපහක සර දඩුවම අවසන් .. ඇය ගැන අවුරුදු විසි පහකින් කිසිම තොරතුරක් නැහැ. නමුත් මම දැන් සතියකට කලින් නිවසේ ලිපිනයට ලියුමක් තැපැල් කළා මම නිදහස් වී ගෙදර එන බව දන්වලා. එය ලැබුනාද නිවස දැන් තිබූ තැන තිබෙනවාද කියා වත් මම දන්නේ නැහැ. මගේ නිවස තිබෙන්නේ මේ බස් පාර අද්දරමයි. නිවස ඉදිරියේ විශාල ඕක් ගසක් තියෙනවා. මම ලියුමේ ලිවුවා. ඇය ගෙදර සිටිනවා නම් මාව බාර ගන්නට පුලුවන් කමක් තිබෙනවානම් ඕක් ගසේ කහ පාට ලේන්සුවක් එල්ලන්නටයි කියා. ලේන්සුවක් ගසේ තිබුනොත් මම බසයෙන් බසිනවා. නැතිනම් කොහේ හෝ ගිහින් ජීවත් වෙන්න බලනවා.
දැන් මේ කතාව මුලු බසයේම මාතෘකාව වී තිබෙනවා.
බසය අර කියූ ඕක් ගස ට ලගා වෙමින් තිබෙනවා. රියදුරා දුර ගනනය කරනවා.
තව කිලෝමීටර දහයයි.. පහයි.. දෙකයි.. තව කිලෝමීටරයයි....
දැන් බසයේ සියලු දෙනා ඕක් ගස ඇතැයි කියූ පැත්තට වී ජනෙල් කවුලු වලින් පිටත බලා සිටිනවා.
අර පුද්ගලයා පමණක් ඒ දෙස නොබලා ඉවත බලා සිටිනවා.
ගනනය කිරීම නවතිනවා. බසයද නවතිනවා. මුලු බසයම නිහඩතාවකින් වැසෙනවා. හුස්මක් ගන්නා හඩක් වත් ඇසෙන්නේ නැහැ..
ඔහු හෙමින් හිස ඔසවා බලනවා.
ඕක් ගස සිය ගනනක් කහ පැහැති ලේන්සු වලින් සරසා තියෙනවා......
අන්න ආදරේ... තමන්ගේ පිවිතුරු ආදරේ වෙනුවෙන් දවසක් දෙකක් නෙවෙයි ආත්ම ගානක් වුණත් බලන් ඉන්න පුළුවන් නම් ඒක තමයි ........................... කියන්නේ....
ReplyDelete…
…හිස් තැන පුරවන්න වචනයක් කියන්නකෝ..... මගේ හිතට වචන එන්නේ නැහැ.... :-(
හිස්තැනට......... ආදරේ කියන වචනේ හොදයි.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteලස්සන අවසානයක් තියන ධනාත්මක ආකල්ප වලින් යුතු කතාවක්
ReplyDeleteස්තුතියි මල්ලි
Deleteලස්සන කතාවක්
ReplyDelete:D පුදුමයි ඔයා ලව් ස්ටොරියක් කියෙව්වා. ස්තූතියි අයියා
Deleteonna nangi man kiyeuwa, lassnai ehem adarayakl labanna pin tyenawa nm ......
ReplyDeleteඔව් අයියා. ස්තුතියි අදහසට
Deleteදැන් මේ කොඩි එල්ලුවේ කවුද එයාමද නැතිනම් මේ කතාව අසා වුන් අයද? කතාව හොදයි. ඒත් ලියා තිබෙන්නේ වාර්තාවක ස්වරුපයෙන්.
ReplyDeleteම්ම්ම්... එයාගේ බිරිඳ. ඔයා වගේ ප්රවිණයෙක්ගේ අදහස ගොඩක් වටිනවා.අඩුපාඩු හදා ගන්න උත්සාහ කරන්නම්.ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ වෙන්න තරම් නිරහංකාර වීම පිළිබඳව.
Delete:) :*
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙහෙම කෙල්ලෝ ඉන්නේ කතා වල විතරයි යාලු
ReplyDeleteහික්ස්... ඇත්තටත් ඉන්නවා සර් ... බිනරි වගේ... හික්ස්
ReplyDeleteආදරේ කියන්නේ අන්න ඒකට තමයි..
ReplyDeleteඅනිවාර්යයෙන්ම.ස්තුතියි අදහසට
Deleteකතාව තව ටිකක් වර්ධනය කරල ලිව්වා නං මීට වඩා හොඳට තියේවි කියල මට හිතෙනවා,මේ කතාව දැන් ටික කාලෙකට ඉස්සර මා දැකපු හින්දි චිත්‍රපටයකත් තිබුණා මට මතකයි.
ReplyDeleteමාත් කාලෙකට කලින් කියවපු ඉංග්‍රිසි කතාවක්.
Deleteබ්ලොග් රෝල පිස්සු කෙලිනවා අප්පා, අනේ සමහර බ්ලොග් මිසින් වෙලා, හොයාගෙන යන්න ඕන. කතාවේ මුල ටිකනම් අර ඉවාන් දිමිත්‍රිව් හිටපු බිම්ගෙයි සිරකරුවා කතාව වගේමයි, එයාටත් නොකළ වරදකට වන්දි ගෙවන්න සිද්ද වෙනවා, එත් මේකේ අවසානය හරිම ලස්සනයි. ලස්සන කතාව. ජය වේවා.
ReplyDeleteමේ ටිකේ ගොඩක් අයට බ්ලොග් ප්‍රශ්ණ. කොහොම තමුත් ස්තුතියි ආවට
Deleteකොහේ හෝ මේ කතාව කලින් කියෙව්වා..
ReplyDeleteස්තුති මතක් කලාට :)
ම්ම්ම්... මෙක ඉංග්‍රිසි කතාවක්.පරිවර්තනයක් නම් නෑ මං හිතන්නේ . ස්තුතියි ඔබේ අදහසට.
ReplyDelete