Thursday, December 6, 2018

අගහරු හා සිකුරු ගැටෙන්නේ ඇයි?


පළමු පරිච්ඡේදය

මේ සැම නිවසකම පාහේ සෑම රාත්‍රියකම රග දැක්වෙන නාට්‍යක තිර පිටපතකි.

සුසන් තම අතෙහි වූ ලැප්ටොප් පරිඝනකය හා අනෙක් අතෙහි වූ බඩු මල්ල ආයාසයෙන් රදවාගෙන ඇය හා ඇගේ සැමියා වූ මාර්ක් පදිංචිව සිටි තට්ටු නිවාසයේ තම අංගනයේ දොරටුව විවෘත කළේය. 

" ආහ්හ්... සමාවෙන්න මම ප්‍රමාද වුනාට. මොන තරම් වැඩ ගොඩක්ද." නිවසට ඇතුළු වෙමින් ඇය පැවසීය. ඇය එහි ඇතුළුවත්ම විසිත්ත කාමරය දෙසින් රුපවාහිනියේ ශබ්ධය ඇසෙන්නට විය.

" කොහොමද වස්තුවේ." ඔහු පිළිතුරු දුණි. " මම තව විනාඩියෙන් එන්නම්, මේ පන්දුවට පහරදීම  බලන්නම ඕන."

ඔසවාගෙන ආ මලු මුළුතැන්ගෙයි මේසය මතින් තැබූ සුසන් මාර්ක් විසින් එතැන දමා තිබු බිල්පත් දෙස බලමින් ශීතකරණයෙන් වතුර බෝතලයක් අතට ගත්තේය. 

" මම සලාදයක් හදන්න දේවල් ගෙනාවා. ඉතිරු වුණු ටර් කි සමග ඒවා රෑ කෑමට ගන්න පුළුවන්." අලස ලෙස මුළුතැන්ගෙය දෙසට පැමිණෙන මාර් ක් හට ඇය පැවසීය.

" ඔහ්හ්... ඔයා එන්න ප්‍රමාද වෙන බව කියූ නිසා මම ඉතිරිව තිබු ටර් කි කෑමට ගත්තා. මම ගොඩක් බඩගින්නේ හෙම්බත් වෙලා හිටියේ." යැයි පවසමින් ඔහු ඇයව සිප ගැනීමට පහත් විය. 

" ඔබේ ඉදිරිපත් කිරීමට ඔබ සුදානම්ද?"

" මේකේ තවත් කරන්න තවත් වැඩ කොටසක් තියෙනවා, මං හිතුවේ එය රාත්‍රී කෑම වෙලාවට කලින් අවසන් කරන්න. එක තවමත් මා සිතු තරම් හොද නැහැ. මගේ අධීක්‍ෂණ නිලධාරියා මා පිලිබදව උනන්දුවෙන් ඉන්නේ. ඇත්තෙන්ම මා මේ පිලිබදව ඉතාම උද්වේගයෙන් සිටින්නේ."

" මට විශ්වාසයි ඔබ එය ඉතා හොදන් කර ඇති, ඔයා ඔනෑවට වඩා ඒ ගැන හිතනවා." ඔහු ඇයව අස්වැසිය. " ඔබ සැබවින්ම විශිෂ්ඨයෙක්."

" ඇත්තෙන්ම නැහැ. මට තවම හිතෙන්නේ නැහැ එක හරි කියලා. ඇත්තටම මෙක මට ඉතාම වැදගත්."

" සමහර විට අපි එළියට යා යුතුයි, මොනවා හෝ දෙයක් කන්න. එයින් ඔබව සංසුන් වේවි. මටත් පුළුවන් මේ පාපන්දු තරගෙන් ටිකක් ඈත් වෙන්න."

" ඔයා විහිළු කරනවාද? මගේ හිතේ දැන් මේ ගැන ගොඩක් කරුණු එක්රැස් වෙලා තියනවා. ඒ ටික ඉවර කරලා මට ඕන රෑට හොදට නිදාගන්න විතරයි."

" හොදයි, එහෙනම් අපි කෑම ඕඩර් කර..."

" මම හදන්නේ නිරෝගිව ආහාර ගන්න. පීසා වලින් එක කරන්න බැහැ. මම බිත්තර ඔම්ලට් එකක් හදන්නම්. නැත්තම් බිත්තර යෙදු පාන් හදන්නම්."

" ඕන එකක්."

" එක නෙවෙයි. ඔයා මගේ කළු කෝට් ඇදුම ගෙනාවද?"

මාර් ක්ගේ හැසිරීම දුටු ඇගේ ලේ කුපිත විය. " මට විශ්වාස කරන්න බැහැ ඔයා එක අමතක කළේ කොහොමද කියලා. මම ඒ ඇදුම හෙට ඉදිරිපත් කිරීමට අදින්න හිටියේ." 

" ඔයාට තව ඕන තරම් ඇදුම් තියෙන්නේ. ඉන් එකක් අදින්න පුළුවන් නේද..."

" එක නෙවෙයි නේ මෙතන ප්‍රශ්ණේ. මම ඔයාට උදේ යන්න කලින් මතක් කරා මේක ගෙනත් තියන්න කියලා."

" හොදයි, මම හෙට උදේම ගිහින් ලෝන්ඩරිය ඇරපු ගමන් එක ඔයාට ගෙනත් දෙන්නම්."

" වැඩක් නැහැ. මම උදේම යන්න ඕන."

" මට ඇත්තටම සමාවෙන්න සුසන්, මට ඒක අමතක වුණා."

" හරි. ඔයාට ගොඩක් ස්තුතියි. මට දැන් ඕන පොඩ්ඩක් නිදහසේ ඉන්න විතරයි. එතකොට මට පුළුවන් හෙට ඉදිරිපත් කිරීමට සුදානම් වෙන්න."

___________________________________________

මේ සංවාදයෙන් වැටහෙන්නේ සුසන්ට හා මාර්ක් හට ඒ සැන්දෑව සංසුන් කාලයක් නොවූ බවයි. ඔවුන් ගැටුමකට මැදිව සිටියා, එය ඇත්තෙන්ම කිසිම ආකාරයකින් ප්‍රේමාන්විත දෙයක් නොවෙයි. සුසන් හා මාර්ක් අතර ඇති වූ සිද්ධියෙන් පැහැදිලි වන්නේ වර්තමාන සමාජයේ සම්භන්ධතා තුළ ඇතිවන ඝට්ටනයයි. සුසන්ගේ පීඩාකාරී රැකියාව, ඇය සිය සැමියාගෙන් නිවසේදී බලාපොරොත්තු වන සහය, ඔහුගේ අතපසුවිම්, ඔහු නොසලකා හරින ඇගේ උද්වේගය වගේම ඇගේ ගැටළු සදහා ඔහු ඉදිරිපත් කරන විසදුම් වලින් ප්‍රශ්ණය තවත් උත්සන්න වන ආකාරය. 

ඔබ "අගහරු හා සිකුරු ගැටෙන්නේ ඇයි" කියවන විට ඔබට හදුනා ගැනීමට පහසු වේවි එදිනෙදා ජීවිතයේදී අප නිතරම ගැටෙන පිරිමි සහ ගැහැණු ඇත්තෙන්ම කොතරම් වෙනස්ද යන්න.

පිරිමි සහ ගැහැණු සිටිය යුත්තේ කෙසේද හා ඔවුන් වර්ණනා කළ කෙසේද ප්‍රායෝගිකව අප කවුරුන්ද යන්නට අප අභියෝග කළ යුතුයි. අපට එකිනෙකා වෙනුවෙන් ලබා දීය හැකි දේවල් මොනවාද, එමෙන්ම වර්තමානයේ අපට මුහුණ දීමට සිදුවන ගැටළු වලට එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කර ගැටළු විසදා ගැනීමට කටයුතු කිරීම. අපව එකමුතු කර ලං කිරීමට හැකි පිරිමි සහ ගැහැණු චරිත වල සැලැස්මක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්.

අපගේ පවුලේ ඇති විශාලම ගැටලුව නම් පිරිමින් ක්‍රියාකළ යුත්තේ හා හැසිරිය යුත්තේ ගැහැණුන් ක්‍රියාකරන ආකාරයට හා හැසිරෙන ආකාරයට යැයි ගැහැණුන් අපේක්‍ෂා කරන අතර ඒ පිළිබද වැටහීමක් නොමැති පිරිමි ගැහැණුන්ට ඇත්තෙන්ම අවශ්‍ය කුමක්දැයි වටහා ගැනීමට නැවත නැවතත් වැරදි නිගමනයන්ට එලබේ. ගැහැණුන් හා පිරිමින්ගේ වෙනස හරි හැටි හදුනා නොගත් බොහෝ අඹු සැමියන් කෙමෙන් කෙමෙන් තමන්ට තමන් පමණක් බව සිතීමට පටන් ගන්නේ ඔවුන්ගේ සබදතාවය ආරම්භයේදී ඔවුන් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටි බවද අමතක කරමිනි. 

           __________________________________________________

            පිරිමින් ක්‍රියාකළ යුත්තේ හා හැසිරිය යුත්තේ ගැහැණුන් ක්‍රියාකරන 
             ආකාරයට හා හැසිරෙන ආකාරයට යැයි ගැහැණුන් අපේක්‍ෂා කරන 
             අතර ඒ පිළිබද වැටහීමක් නොමැති පිරිමි ගැහැණුන්ට ඇත්තෙන්ම
       අවශ්‍ය කුමක්දැයි වටහා ගැනීමට නැවත නැවතත් වැරදි නිගමනයන්ට එලබේ
     _________________________________________________________

මතු සම්බන්දයි!





Wednesday, May 20, 2015

සිතට නැවතුම



දැවෙන කතරට වැටෙන
මහා වැස්ස නුඔ...

අදුරු අහසට වඩින
සොදුරැ සඳ නුඔ...

සසර ගමනට ලැබෙන
සෙවන ගසකි නුඔ...

මට
මා ම හිමි නොවන
සිතට නැවතුමය නුඔ...


-මලී-

Saturday, May 2, 2015

අනු නමයෙන් බේරුණේ


මේ සිද්දියත් හරකාගේ සිද්දිය උන කාලෙම වගේ තමයි උනේ... පොඩීම කාලේ මෙ වගේ විශේෂ සිද්දි විතරයි මතක තියෙන්නේ දැන්... මම කිවුවානේ අපේ තාත්තා වැඩ කලේ දුම් රිය දේපාර්තමෙන්තුවේ කියලා... තාත්තලට හම්බ වෙන නිල නිවාස තියෙන්නෙ එයාලගේ ඔෆිස් එකට ලගින්... ඉතින් එක නිසා එවා රේල් පාරට ගොඩාක් ලග තියෙන්නේ... ගම්පොල තිබ්බ ගෙදර ගම්පොල ස්ටෙශන් එකට ටිකක් ලගයි... අදත් එ ගෙවල් එහෙමම තියෙනවා... මෙ ගෙදර ඉස්සරහා ගෙට්ටුව තියෙන්නෙ මහ පාරට... එ කියන්නෙ නුවර නාවලපිටිය පාර... පිටිපස්සේ තව පොඩි ගෙට්ටුවක් තියෙනවා රේල් පාර පැත්තට... ඒ දවස් වල මගෙ වැඩෙම ඒ ගෙට්ටුවෙන් රේල් පරට ගිහින් රේල් පාරේ කොට පැන පැන සෙල්ලම් කරන එක... අම්මා අනන්තවත් බණිනවා යන්න එපා කියලා වත්තෙන් එලියට... එත් ඉතින් අම්මාට හොරෙන් මම මෙ සෙල්ලම කරනවා...








ඔන්න දවසක් මම වෙනදා වගෙම සෙල්ලම් කරන්න යන්න හදනකොට ඊයේ රැ තාත්තා ගෙනාවා කියලා ලස්සන පාට පාට කුඩයක් මගෙ අතට දුන්නා... පොඩි ලමයින්ට තියෙන්නේ අර චුටි කුඩ... අන්න එකක්... මෙක අතට හම්බුනා විතරයි මට ඔන උනේ එකත් අරගෙන කොට පනින්න යන්න... අම්මා කුඩේ මගේ අතට දිලා ගෙට ගිය ගමන් මම හිමිට රේල් පාරට ඇවිත් කුඩෙත් ඉහලගෙන කොට පැන පැන සෙල්ලම් කරන්න ගත්තා... ටික වෙලාවකින් අම්මා එක පාරට ඇවිත් මාව ඇදලා ගත්තේ නැතැ... මං දුවන්න ලැස්ති උනේ ගුටි කන්න වෙනවා කියලා දන්න නිසා... එත් තප්පරයක් ගියෙ නැ වේගෙන් කොච්චියක් අපිව පහුකරන් ගියා... මම අන්දුන් කුන්දුන් වෙලා ගියා උන දේ තෙරෙනකොට... අම්මා දිහා බැලින්නම් මාව කන්න වගෙ රවාගෙන බලන් ඉන්නවා... එනවා යන්න ගෙට කියලා කුඩේත් එක්ක මාව ගෙට ඇදන් ගිහින් කුඩේ කැඩෙනකන් මට ගැහුවා...


අන්තිමට කුඩෙ ඔක්කොම නන ටික කැඩිලා... ගහපු එකට වඩා දුක මගෙ ලස්සන චුටි කුඩේ කැඩුනට.... තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකන්ම මම දොරකොඩට වෙලා කුඩේ තියාගෙන ඇඩුවා... ගෙදර එනකොට තාත්තාටත් වුන දේ ආරංචි වෙලා... අපේ ගේ ගාව රේල් ගෙට් එකේ අන්කල්ලත් කෑ ගහලා තියෙනවා කොච්චිය එනකොට මට අයින් වෙන්න කියලා... එත් එ සද්දේ මට ඇහිලා නැ... අම්මා තාත්තා ආව ගමන්ම මං කරපු වැඩේ කිවුවා... එත් තාත්තා එකට දරුවට ගහලා හරියනවද කියලා මාව වඩා ගත්තේ හෙට මං අලුත් කුඩයක් ගෙනත් දෙන්නම් චුටි මැණික කියලා කියන ගමන්...




Wednesday, April 29, 2015

අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත්




මීට ඉස්සර අම්මා ගැන ලියන්න මගේ හිතේ කැමැත්තක් තිබුනෙම නැ කිවුවොත් මම හරි... එත් දැන් හිතෙනවා ලියන්න ඔන කියලා... මගේ හිතේ අම්මා කියලා තියෙන්න චායාවක් විතරයි... පැහැදිලි නැති රුපයක් තිබුනේ ගොඩක් කාලයක්... එ දවස් වල අපෙ ගේ තිබුනේ රේල් පාර අයිනේ... අම්මා හැමදාම ටවුමට යන්න බස් පාරට යන්නෙ රේල් පාර දිගේ ගිහින්... එ පාර ලග නිසා... මං හැමදාම වගෙ පාර අයිනට වෙලා එයා යන දිහා බලාගෙන ඉන්නවා... මට තාමත් මතක එ චායාව විතරයි... මට පිටුපාලා යන අම්මගෙ චායාව... නිල පාට දිග සායකුයි හැට්ටෙකුයි ඇදපු ගැනු කෙනෙක්... අම්මාට හොදට මහන්න පුලුවන් තාත්තා එහෙම නිතරම කියනවා... මටත් මතකයි ඉස්සර එයා ඇදුම් මහන්වා... මගෙ ඉස්කොලෙ ඇදුම් වගෙ එවා මහන්න කඩවලට දුන්නෙ නැ... අම්මාම තමයි මැහුවෙ... 


 

 

අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත් එ දැනට අවුරුදු දහ අටකට විතර කලින් මම පොඩිම කාලෙ... අපි එතකොට හිටියෙ ගම්පොල... තාත්තා රැකියාව කලෙ දුම්රිය දේපාර්තමෙන්තුවෙ ස්ථිර මාර්ග පරික්ක කෙනෙක් විදියට... තාත්තාට අණ්ඩුවෙන්ම බංගලාවක් හම්බවෙනවා ඉන්න... ගෙදර වැඩට දෙන්නෙකුත් ලැබෙනවා...  ඉතින් එ නිසා ඒ කාලේ ගොඩාක් සැප පහසු ජිවිතයක් අම්මාට තිබුනා...  මට අම්මාව මුලින්ම මතක සිද්දිය ගොඩක් සුන්දරයි ඇත්තටම... එතකොට මට වයස අවුරුදු පහක් වගේ ඇති... මොන්ටිසොරිවත් යන්නෙ නැ එතකොට... දවසක් අම්මා මොනාද කොල වගයක් කඩන්න කියලා රේල් පර දිගේ ගිහින් පලමකින් බහැලා කුඹුරක් වගෙ තැනකට මාවත් එක්ක යන්වා... කුඹුර තියෙන්නෙ රේල් පාරෙනුත් පාලමෙනුත් පල්ලේහා... මී හරක් ටිකකුත් මෙ කුඹුරේ හිටියා... අම්මා කොල කඩනකන් මාත් එතනට වෙලා බලගෙන ඉන්නවා ඔන්න... එකපාරටම ලග හිටපු මී හරකේක් කඩාගෙන බිදගෙන අම්මා පස්සේ පන්නන්න ගත්තේ නැතැ... මමත් ඉතින් ප එපා කියලා දිව්වා... හති දාගෙන පස්ස බලන්නෙ නැතුව දුවලා දුවලා අන්තිමට ගෙවල් ගාවටම ගිහින් නැවතිලා තියෙන්නේ... පස්සේ හැරිලා බලනකොට අම්මා පේන්නවත් නැ... මම අයේ ගියෙත් නැ ඇයි ඉතින් හරකා හෙන ලොකුයි නේ මාත් එක්ක බලනකොට... හැබැයි ඉතින් පස්සේ කාලෙක එ සිද්දිය මතක් කර කර හිනා වෙන්න පුලුවන් උනා... අම්මා ගැන කියන්න දේවල් නම් දැන් ගොඩයි... හීමිට ටික ටික කියන්නම්කෝ...




Saturday, April 18, 2015

ඔයා මාව බඳිනවද




සතුටුයි... ගොඩාක්...  ඇත්තටම දරාගන්න බැරිතරම් සතුටුයි... ඔයා කවදා හරි මෙහෙම කියයි කියලා හිතුවට ඇත්තටම හිතුනේ නැ ඒ සුන්දර මොහොත මෙච්චර ඉක්මනින් උදා වෙයි කියලා... ඔයා තීරණයක් ගත්තා කිවුවහාම ගොඩක් බය හිතුනා... මෙක අහලා කලබල වෙන්න එපා කියලා පුංචි තිගැස්මක් එක්ක ඔයා මාව බය කරා හුගාක්...

"මම ඔයාව බදින්න තීරණය කලා."

මට අදහාගන්න බැරි උනා ඔයා එහෙම කිවුවම...

"අත්තටමද ?"

මට අහන්න පුලුවන් වුනේ එච්චරයි... විහිලු කරනවද හිතුනා ඔයා මට... හැබැහින් නම් වෙන්න බැ. මෙක හීනයක්ද කියලා හිතුනා... වචන ආවේ නැ කතාකරන්න තත්පර ගානක් යනකන්
...

"නැ... මම ඇත්තටම කියන්නේ... මම ගොඩක් හොදට හිතලා තීරණය කරේ...."

එතකොට තමයි මට තෙරුණේ මෙක හීනයක් නෙවෙයි කියලා... මෙච්චර කල් හීන පොදි බැදන් පෙරුම් පුරපු ඒ මොහොත උදා උනාම දැනේන සතුට කියලා නිම කරන්න බැ... ඔයාව හුස්මගන්න බැරි තරම් කිටි කිටියේ බදාගෙන ඉබින්න හිතුනා පිස්සුවෙන් වගේ... ඒ තරම් සතුටුයි... දෛවයත් මහා පුදුමාකරයි කියලා හිතුනා... අපි හම්බවෙලා හරියටම අවුරුද්දක් උනා විතරයි... ඒ දවස උදා උන ගමන්ම අද එ දවස කියලා නොදැන ඔයා ඔයාගෙ අදහස කියපු එක...  ඇත්තටම කොයි තරම් දුර අපි ආවද... මට නම් හිතෙන්නේ ඒ තමයි ඔබ මා මුණ ගැස්සවු දෛවය...




උදැසන ලා හිරු කිරණ පිබිදෙද්දි
නුඔ ලගින් අවදිවෙන්න දිනක් උදාන්න
තුරුල් වෙලා නුබෙ මුවට හාදුවක් දෙන්න
කොයි තරම් කාලයක් නම් අප ඉවසුවාද...

නිතැතින් පොරොන්දම් ගැලපේවි අපේ අදහස් සෙම
මාපියො සුභ නැකත් බලාවී හනිකට කැන්දන් යන්නට
සුභ නැකතින් නුඔ පැමිණේවි දගකාරකම් අතහැර
නෙතු සොයාවි මා කොහීදැයි දකිනු රිසියෙන් මානාලියක...

මනාලියක වී මා මුතු මාල හතක් ගෙල රන්දා
නෙතු කතාකරයි කොල කොමල ඉගි මුවින් සිනාසී
නෙතු දහසක් මැද ආල වඩන්නට නෙතු මුණ ගැසෙවි
මුදු මාරු කරාවි හද පිරි සෙනෙහෙ ඉතිරෙන්න...

දැගිලි එක් කර ජය පැන් වඩා අශ්ටක කියාවි
මතු සසර පුරා එකට එක් වන්න පොරොන්දු වේවි
සුභ මංගලම් ගී ගයා සැම සිතින් තුටු වේවි
මාපියන් අත දෙවි පොරුව මතින් නික්ම යන විට...

සුවහසක් පැතුමන් පුරා එක්වී
පියමන් කරාවි කුරුලු ජොඩුවක්
විලසින් නැවුම් විවහක යුවලක්
තනන්නට ආදරය පිරි කැදැල්ලක්...




Saturday, March 28, 2015

හරි හිනා

 බේබද්දා

ඔන්න මේ සිද්දිය උනේ අපේ පළාතට අලුතින් ආපු පොලිස්පතිනිසා. දැන් ඉතින් අහන්න එපා මං කොහෙද කියලා මේ පැත්තේ බිලා drive කරන අය නිසා පාරේ වෙන අනතුරු ටිකක් වැඩි නිසා පොලිස් ලොක්කත් ඉතින් තමුන්ගේ ජොබ් කට්ටත් බේරගන්න ඕන නිසා ටවුන් එකේ මිනිස්සු වැඩිපුර ගැවසෙන බාර් කීපයක් ලග පොලිස්කාරයෝ එක එකා හැමදාම ඩියුටි දැම්මාලු..

දැන් ඔන්න දවසක් එක බාර් එකක් ගාව ඩියුටි හිටපු බුවාට හොදටම වෙරි උන ඩයල් එකක් සෙට් උනාලු. මු දැන් බාර් එකෙන් එලියට වැනි වැනි ඇවිත් යතුරක් අරගෙන එක එක වාහන වලට දානවා උගේ වාහනේ හොයාගන්න බැරුව.අහල පහල තියන කුණු බක්කි,ලයිට් කණු වලටත් මු යතුර දාන්න බලනවා. අයෙත් ඇවිත් වාහන වලට ට්‍රයි කරනවා. දැන් පොලිස්කාරයත් මේ විකාරේ බලාගෙන ඉන්නවා මුව අල්ලගන්න චාන්ස් එක එනකන්. මේ යකා හැම වාහනේකටම යතුර දන්න හදනකොට වාහන වල security system කෑගහන්නගන්නවා කියූ...කියූ...ගගා.එතකොට අයිති කාරයෝ ඇවෙත් වාහන අරන් යනවා.කුණු බක්කි පෙරල පෙරල මු හැම එකටම යතුර දදා අරින්න හදනවා. එකම යුද්දයක් දැන් ඉතින්.

අන්තිමට පැය බාගෙකට විතර පස්සේ වාහන අයිතිකාරයෝ ඔක්කොම වාහන ටිකත් අරන් මෙතනින් යනවා. දැන් ඉතින් පොලිස්කාරයත් හොදට බලන් ඉන්නවා හොද දඩයක් ගහලා උට විදින්න. අන්තිමට මුගේ වාහනේ විතරයි ඉතුරු. මු කෝහොමින් කොහොම හරි වාහනේට නැගලා පාගලා යන්න ලැස්තිලු. එත් අඩි දෙකක් යන්න උනේ නැ. පොලිස්කාරයා විසිල් එක ගහගෙන මැදට පනිනවා. මු ඉතින් නවත්තලා අහනවා මොකෝ රාළහාමි කියලා.


"අහ්හ්.. බිලා බිලා ඇවිද ගන්න බැ. drive කරලා මිනිස්සු මරන්නද යන්නේ. බහිනවා මහත්තා හොද හිතින් එලියට..."

පොලිස් බුවත් ඉතින් මුගේ ගැස් පෙන්නන්න තියන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අරුට හොදට අමතනවා. දැන් ඉතින් මු බිලා කියල ඔප්පු කරන්නත් එපැයි. එකටනේ ඉතින් බැලුම තියෙන්නේ. බැලුන් එකකුත් රුපියල් 227ක් වෙනවා. බැලුම නිකන් පුම්බලා එත් මනුස්සයා බිලා නැත්තම් ඒ ගාන පොලිස්කරගෙන් කපනවා. දැන් ඉතින් පොලිස්කාරයා මුට බැලුම දෙනවාලු පුම්බන්න කියලා.. මුත් දැන් පුම්බනවලු. එත් බැලුම රෝස පාටමයි. පාට වෙනස් වෙන්නේ නැහැලු. දැන් බැලුමේ පාට වෙනස් වෙන්නේ නැති නිසා පොලිස් බුවත් බය වෙනවාලු. ඇයි ඉතින් හවසට ගෙදරට එලවළු ටිකක් ගෙනියන්න තිබ්බ සල්ලි නේ. මු හිතුවලු බැලුමේ අවුලක් තමයි මේ යකා බිලා පිස්සු කෙලින හැටි දැක්කානේ කියලා ඉතින් වැඩේ අත ඇරියේ නැලු. මු තව බැලුමක් දෙනවාලු ගහන්නම් පිට්සා අරන් යන්නත් එක්ක දඩයක් කියලා හිතලා. අම්මටසිරි එකත් පුම්බුවාට පස්සේ රෝස පාටයි. කොළ පට වෙන්නේ නැ. දැන් ඉතින් පොලිස්කාරයාට මල පැනල්ලූ. මු කියනවා

"තමුසේ බිලා ඉන්නේ ඉදපන් ගහන්න දඩයක්" කියලා.

මේක අහපු ඩයිවරයා කියනවලු

"මහත්තයෝ මම බිලා නැ. පුළුවන් නම් ඔප්පු කරන්න" කියලා.

පොලිස්කාරයට මළලු මු බිලා මදිවට මෙතන නිතිය කියල දෙන්නත් එනවා කියලා. මු කිවුවාලු

"ඔප්පු කරන්න දෙයක් නැ. මන් හැන්ගිලා බලාගෙන හිටියේ තමුසෙගෙ කෙරුවාව" කියලා.

"අහ්හ්... එකද ? මහත්තයා අද මම බොන දවස නෙවෙයි. අනික් උන් බොනවා මම නොබී ඉඳලා බිවුවා වගේ රගපානවා.. මහත්තයා මන් මෙතන පිස්සු කෙලිනවා බලාගෙන ඉන්න අතරේ අනිත් උන් ටික වාහනත් අරන් මෙතනින් මාරු වෙනවා. මාව අල්ලගත්තම මම බිලා නැති නිසා මත් බේරෙනවා. උනුත් බේරෙනවා" කියලා කිවුවලු.

Thursday, March 26, 2015

ඇතුලාන්තය

දකින්න ඇතුලාන්තය


සියල්ල දකින ලොව,

බොහො විට වේදනාවයි
තවත් විටෙක සතුටයි
අනිත්‍ය මරණයයි
අතිරික්තය පසුතැවිල්ලයි...

නමුත්
සැබැවින්ම

අවබෝධය මත
පසුතැවිල්ල නැති වේවි
වේදනා නොමැති වේවි
සතුටු වේවි
එලෙසින්ම අවබෝධයෙන්ම දිවි ගෙවාවි
දැන ගන්නට හැකි උනොත් විතරක්
නොදකින ඇතුලාන්තය...

එලෙසින්ම
සියල්ල දකින ප්‍රේමය,

බොහො විට පසුතැවිල්ලයි
තවත් විටෙක වේදනාවයි
කලාතුරකින් විවාහයයි
අතිරික්තය දික්කසාදයයි...

නමුත්
සැබැවින්ම

අවබෝධය මත
පසුතැවිල්ල නැති වේවි
චෝදනා නොමැති වේවි
විවාහ වේවි
එලෙසින්ම වෙන් වේවි අවබෝධයෙන්ම
හැකි උනොත් විතරක්
එකිනෙකා හඳුනාගන්නට...

- මලී -

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...