Thursday, October 16, 2014

කොයිතරම් මං නුඹට ලෝභද....

කොයිතරම් මං නුඹට ලෝභද....
පාළුයි...ඇත්තමයි... මහ හුගක්... ජීවිතේ ගෙවුනු දවස් කොයිතරම් නම් ඔයාට පුරුදුවෙලා උන්නද කියලා හිතෙන්නේ මේ පාළුව ඇවිත් හිත අස්සට රිංගද්දි..ඔයා නිදාගන්න වෙලාවට.. මැසෙජ් නැති වුනාම.. වෙන වැඩක් කරනකොට...දැන් දැන් හිතේ හිස් තැන් වැඩි වෙනවා...ඒ හිස්තැන් පුරවන්න පාළුව හිතට රිංගද්දි...හිත හිරවෙන රිදුමක් එක්ක ඇස් තෙත් වෙනවා...මේ බොරුවක් නෙවෙයි...ඇත්තමයි ඇස් තෙත් වෙනවා... තෙත් වෙන ඇස් දෙක ලෝකෙන් හංගන්න හදද්දි 
ඔයා මතකයක් අරන් ඇවිත් සිත සනසගන්න පාර කියනවා... දුක හිතෙන එවා කොච්චර මතක් උනත් ඔයාව මතක් උනාම මෙ ලොකෙ සතුටින්ම ඉන්න කෙල්ල මම වෙන්න ඇති කියලා හිතෙනවා.. එක එහෙම නේද?

මෙහෙම ලියන්න හිතුනේ හිතේ තියන් ඉදලා වැඩක් නැ.. කිවුවා කියත් වැඩක් නැතුව ඇති.. එත් මෙවා දවසක මට කියන්න බැරි වුනා කියලා කවදා හරි දුක හිතෙයි..මන්දා.. එහෙම වෙන එකක් නැ කියලා හිතෙනවා හැමදෙම ඔයාට කිවුවාම.. අනික දැන් වෙන වැඩකුත් නැ නේ ඔයා නැගිටිනකන්... ඇත්තටම තාම අපි හම්බෙලා මාස කියද? මතකද? නැ කියයි ඔයා විහිලුවට.. එත් මං දන්නවා ඔයාට මතකයි...

ගෙවිච්ච දවස් ටික ගණනින් පුංචි වුනත් ඔයා හිතකට ලියලා දුන්නේ මෙතෙකැයි කියන්න බැරි තරම් මතක..වැහැරිච්ච හිතකට උණුහුමෙන් පණ දීල ඔයා ජීවිතේකට ආයෙත් ජීවත් වෙන්න හිතක් දුන්න...මහ පුදුමාකාර මොහොතක ඔයා ජීවිතේ ඇතුලේ පැලපදියම් වුනේ....ඔයා හිතන්න නැතුවැති...අද...හුස්මක් හුස්මක් ගානෙ හිතට ඔයා ගැන හිතෙද්දි මං කොච්චර නම් ඔයාට ඇබ්බැහිවෙලාද කියලා මට දැනෙනවා... එත් මෙහෙම කියනකොට ඔයා බයවෙනවාද? බය වෙන්න එපා.. කවදාවත් මං ඔයාට රිද්දන්නේ නැ..

මෙහෙම ගොඩක් දේවල් ලියන්න බෑ...පපුව හිරවෙනවා...ඇස් බොදවෙනවා... ඔයා කොහේ කොතැන උන්නත් පුළුවන් හැම වෙලාවකම වචනෙකින් හරි දවස පුරාම මග බලන් ඉන්න මේ හිත සනසනවට ඔයාට මහ හුගක් පින්...

හිතිච්ච වෙලාවක ඇවිත් ළගට වෙලා පැටළිලා පැටළිලා...වදයක් වෙලා ඉදලා යන්න දෙන්න මට බැරි වුනත්... කවදාහරි ඔයා මාව අත ඇරලා ගියොත්..එහෙම දවසක් කවදාවත්ම එන්න එපා.. එත් එහෙම උනොත්... කව්රුත් නොදන්න දුක් කන්දරාවක් එක්ක ගෙවෙන මේ ජීවිතේ අන්තිම හුස්ම ටික මං අතහැරලා යන්න කලින් එකම එක පුංචි බලාපොරොත්තුවක් හිත ඇතුලේ තියෙයි......ආයෙමත් ඔයා එනකල් මට හුස්ම ගන්න ඕනි ඒ ඔයා නිසා...

මම කවදාවත්ම ඔයාව සින්නක්කරේට ඉල්ලන්නේ නෑ...කවදාවත්ම...ඒත් මැරෙන්න ඉස්සර ආයෙමත් එකම එක වතාවක් හරි මට ඔයාව බදාගෙන ඉබින්න ඉඩ දීලා ඇස් පියාගන්න...ඒ පියාගත්තු ඇස් දෙකට යන්තම්වත් රිදෙන්නෙ නැතුව ඇස් දෙක ඉඹගන්න ඕනි..වෙනද වගෙම...
මතක ඇතුව එන්න...මං බලන් ඉන්වා...ගෙවෙන තත්පරයත් තත්පරයක් ගානෙම...ඒ අහිංසක බලාපොරොත්තුව උහුලගන...

නුඹ
ජීවිතයම බව දැනුනම
හුස්මක් කොහෙද
නුඹ හැරෙන්නට
නුඹ
අහසම බව දැනුනම
දුරක් කොහිද
ඒ තරමට
නුඹ
සයුරම බව දැනුනම
ඉමක් කොහෙද
තෙරක් දකින්නට
නුඹ
නුඹ බව දැනුනම
ලෝභකම් කොහෙද
ඒ තරමට
ඇත්තමයි
කොයිතරම්
මං නුඹට ලෝභද...

12 comments:

  1. හපොයි කරකවලා අතඇරලා ....ම්..ම්,,,, ඊට පස්සේ පොළොවේ ගැහැව්වා වගේ......

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... ස්තුති කාලය වැය කලාට

      Delete
  2. හෙන කාලෙකින් ලියල නනේහ්..නිවිසැනසිල්ලේ කියවන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. ආයෙත් දිගමට ලියන්න හිතුනා :D

      Delete
  3. රචනා විලාසය වැදගත්.. අරිම අමුතුයි ඒත් රසවත්

    ReplyDelete
  4. හ්ම්....
    විකාර සහගතයි මාන්දමිකයි...
    නොස්ටැල්ජියා සහගතයි...
    ඔක්කම තියෙයි..
    හෙක්....
    කවිය නං ගිනි ගිනි ගින්දර සටහන නං ඔහේ කියෙව්වෙ අද දවසට මේ වගේ එකක් කියවන තුන්වෙනි පාර...

    ReplyDelete
    Replies
    1. හික්ස්... ගොඩක් ස්තුතියි

      Delete
  5. ඔවුවා ඔහොම ලියලා දාන එක හොදයි, ආදරේ කියන්නේ දැලිපිහියෙන් කිරි කනවා වගේ අප්පා,,

    ReplyDelete
    Replies
    1. හි හි... එක ඇත්ත... ස්තුති අපුර්වි

      Delete
  6. වෙල්කම් බැක් මංගලා කවියට යොදා ගත්තු යෙදුම් එක්ක වාහන ටික ප්‍රභල ප්‍රකාශනයක් දෙනවා , ජයවේවා

    ReplyDelete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...