Wednesday, May 29, 2019

මොකක්ද මේ මිනිමලිසම් (Minimalism) කියන්නේ?


මොකක්ද මේ මිනිමලිසම් (Mඉනිමලිස්ම්) කියන්නේ?

ඇත්තටම මේක ගොඩාක් සිම්පල් දෙයක්. මිනිමලිස්ට්(Minimalist) කෙනෙක් වෙන්න නම් ඔයාට බඩුභාණ්ඩ 10කට වඩා අඩුවෙන් තියෙන්න ඕන. ඔයාට නිවසක්, මෝටර් රථයක් හෝ රුපවාහිනීයක් අයිති වෙන්න බැහැ. ඔයාට රැකියාවක් කරන්න බැහැ. ඔයා ලෝකේ වටේම ඇවිදින්න යන්න ඕන වගේම ඔයාට දරුවන් හදන්න බැහැ. විශේෂෙන්ම ඔයා සුදු ජාතිකයෙක් නැත්තම් අපේ භාෂාවෙන් කිවුවොත් සුද්දෙක් වෙන්න ඕන.


දැන් ඔයා හිතනවා නේද මේ මොන පිස්සුවක්ද කියලා? ඇත්තටම එක නම් පිස්සුවක් තමයි. නමුත් මිනිමලිසම් කියන්නේ එක නෙවෙයි. මිනිමලිස්ට්(Minimalist) කියන දේ බැහැර කරන එහෙමත් නැත්තම් මේ ගැන නිවැරදි දැනුමක් නොමැති අය හිතාගෙන ඉන්නේ මිනිමලිස්ට් කියන්නේ මම කලින් කිවුව විදියට හැමදේකින්ම ඈත් වෙන එක කියලා. නමුත් මිනිමලිස්ට් කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. ඉතින් අපි බලමු මොකක්ද මේ මිනිමලිසම් කියන්නේ කියලා.


මිනිමලිසම් කියන්නේ ඔයාට නිදහසේ ජිවත් වෙන්න උදවු කරන ජිවන රටාවක්. අපේ කාර්යබහුල ජිවන රටාව ආතතියකින් තොරව ගත කරන්න මේ මිනිමලිසම් අපිට උදවු කරනවා.


මිනිමලිසම් කියන්නේ මොකක්ද කියලා එක වක්‍යකින් කියනවා නම්, මිනිමලිසම් කියන්නේ ඔයාට ඔයාගේ ජිවිතයේ සතුට හොයාගන්න, ඔයාගේ ජිවිතේ නිදහස හොයාගන්න, ඔයාගේ ජිවිතේ සර්වසම්පුර්ණ කරගන්න, ඔයාගේ ජිවිතේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරලා ඔයාගේ ජිවිතේට අත්‍යාවශ්‍යය දේවල් විතරක් ජීවිතේට ලං කරගන්න ඔයාට උදවු කරන මෙවලමක් තමයි මිනිමලිසම් කියලා කියන්නේ.


එහෙනම් අපි බලමු මේ මිනිමලිස්ම් ක්‍රමය අනුගමනය කිරීමෙන් අපේ ජිවිතයට ලබා ගන්න පුළුවන් දේවල් නැත්තම් මිනිමලිසම් වලින් අපිට ලැබෙන වාසි මොනවද කියලා.


1.අතෘප්තිමත්බාවය නැති කිරීම.


2.කාලය ඉතිරි කිරීම.


3.එදිනෙදා ජිවන රටාව වඩා පහසු වීම.


4.අධික තණ්හාව මැඩ පැවැත්වීම.


5.අරමුණු සොයාගැනීමට හැකි වීම.


6.සැබෑ නිදහස බුක්තිවිදීමට හැකියාව ලැබීම.


7.නාස්තිය අවම කිරීම.


8.සෞඛ්‍ය පිළිබද අවදානය ලබා දීම.


9.එකිනෙකා වෙනුවෙන් ආධාර කිරීමට හැකි වීම.


10.ජීවිතය වඩා අර්ථවත්ව ගත කිරීම ඇති හැකියාව.


මෙහෙම වෙනවා නම් ජිවිතේ කොයිතරම් නම් පහසුයිද? නේද?


ඉතින් ජිවිතේ මෙච්චර ලේසි වෙන මිනිමලිසම් කොහොමද අපේ ජීවිතයට සමීප කරගන්නේ? ඊළග ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු. 

Monday, December 17, 2018

අගහරු හා සිකුරු ගැටෙන්නේ ඇයි?



දෙවන පරිච්ඡේදය

පිරිමින් ගැටළු විසදීමට ප්‍රිය කරයි, නමුත් ඔවුන්ගේ උත්සාහය වැරදුණු විට හා එය අගය නොකරන විට නිරායාසයෙන් ඔවුන්ගේ උනන්දුව අඩු වේ. මෙය පැහැදිලිව වටහාගත් විට පිරිමියා ගැහැණියට උදවු කිරීමට ඉතා දක්ෂ වන අතර එදිනෙදා ජිවිතයේ ආතතිය සමග සාර්ථකව ගණුදෙණු කිරීමට හැකි පුද්ගලයෙකු බවට පත් වේ. මෙම කෘතිය විසින් මේ උභතෝකෝටික 
ප්‍රශ්නය තේරුම් ගැනීමට පිරිමියාට උදවු කරයි. ගැහැණියගේ සහකරුවා මෙය කියවුයේ නැතත්, එහි තවමත් බලාපොරොත්තුවක් තැබිය හැකියි. අගහරු හා සිකුරු ගැටෙන්නේ ඇයි පිරිමියා විසින් ගැහැණිය තේරුම් ගැනීම පමණක්ම නොවන්නේය. එය ගැහැණිය විසින් තමන් පිළිබද වටහා ගැනීම හා ඔවුන්ට අවශ්‍ය සහය එලදායී ලෙස ගන්නේ කෙසේද යන්නයි. ගැහැණිය විසින් තම 
අවශ්‍යතා  ප්‍රකාශ කිරීමට නව ක්‍රම මෙමගින් උගනිවී. විශේෂයෙන්ම කාන්තා පාඨකයින් විසින් පිරිමියා දැනටමත් ඔවුන් වෙත ලබා දෙන සහය ඉවත නොයවා තබා ගැනීමට ඉගෙන ගනීවි.

මේ තවත් අවස්ථාවක්.

ස්ටීව්ගේ මෝටර් රථය ගරාජයට දමන හඩ ජෝඈන්ට ඇසෙන විට ඇය දරුවන් විසින් කා අවසන් කළ රාත්‍රී අහාර පිගන් පිරිසිදු කරමින් සිටියේය. ඔහු හදිසි දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් විසිත්ත කාමරය හරහා එමින් සිටියේය.

" මට විශ්වාස කරන්න බැහැ ඔවුන් එසේ කළ බව. ලිපිගොණු ලබන සති අන්තයට පෙර සම්පුර්ණ විය යුතුයි. අපි කොහොමද මේ සිකුරාදාට කලින් ඒවා දෙන්නේ, සදුදා වෙනතෙක් කාලය ලබා ගැනීමට නොහැකිද, පුළුවන් නම් උත්සහ කර බලලා මට දැනුම් දෙන්න."

ඔහු කාර්යාල බෑගය මේසය මත තබමින් මෙසට බර විය. ඉන්පසු ඔහු තම දුරකතනයේ වූ කෙටි පණිවිඩ පිරික්සන්නට විය. 

" ඔබේ දවසත් මගේ දවස වගේම අවුල් වගේ මට ඇසුණේ." ජෝඈන් පැවසීය. 
" ඔබ කැමතිද වයින් ටිකක් බොන්න? අපිට ඉදගෙන කතා කරන්න පුළුවන්, අද ගොඩක් දේවල් සිද්ධ වුණා."

" වයින්... ම්ම්ම්... එපා. " කියවමින් සිටි කෙටි පණිවිඩයකින් කලබල වූ ඔහු පැවසීය.
" මම හිතන්නේ බියර් එකක් බිබී ප්‍රවෘති බලන්න."

" මට ඔබේ දුරකථන සංවාදය ඇසුණා." ජෝඈන් ශීතකරණයෙන් බියර් බෝතලයක් ගෙන ස්ටීව් වෙත දිගු කරමින් පැවසීය. " ඒ කියන්නේ ඔබට මේ සති අන්තයේ කෙලිගේ හෝකි තරගය නැරබීමට වෙලාවක් නැති බව නේද. ඔහු එයින් ගොඩක් කණගාටු වේවි. මට මෙලනිව ඇගේ නැටුම් පන්තියටත් ජේක්ව බාස්කට් බෝල් පුහුණුවීම් වලටත් ගෙන යෑමටත් තිබෙනවා. මට එක මොහොතේ තැන් තුනක ඉන්න බැහැ."

" මට ඒ ගැන දැන් හිතන්න උවමනා නැහැ. එක නෙවෙයි මට තියෙන ගැටලුව, අපට මේ දිනය කල් දමා ගැනීමට නොහැකි උවහොත් මට මුළු ලෝකයේම තියෙන වෙලාව මේ සති අන්තේ තියේවි. නමුත් මම කුණු කුඩයක් වේවි. අපි ඒ ගැන මොනා හරි කරමු, වද වෙන්න එපා."

" නමුත් මටත් වගකීමක් තියෙනවා. ඔයාට හරියටම කියන්න පුළුවන්ද?"
" මම හිතන්නේ නැහැ මේ ගැන මුකුත් උදේ වෙනකන් කරන්න පුළුවන් වේවි කියා."

" හොදයි, ඔබ මොනවද රාත්‍රී අහාරය සදහා කැමති? ළමයි ගොඩක් කෑදරයි, ඔවුන් කුකුළු මස් සියල්ලම කා අවසන්."

" ප්‍රශ්නයක් නැහැ, ඔයා කැමති ඕන දෙයක්."

" හොදයි එහෙනම් අපි පැස්ටා නැත්නම්...."

" ඇත්තටම ජෝඈන්," ඔහු ඇයව නතර කළේය. " ඔයාට ඕන දෙයක්, මට ඒ ගැන හිතන්න ඕන නැ."

" නියමයි, මට සතුටුයි ඔයා මම දවස තිස්සෙම කන්තෝරුවේ වැඩ කරලා අවසානයේ සාප්පු ගිහින් ගෙනාව දේවල් ගැන ඔයා කළ අගය කිරීමට. මම අපි වෙනුවෙන් මොනා හරි හදන්නම්." යැයි පැවසු ඇය කබඩයක් විවෘත කළේය. " ඉන්පස්සේ කෙලිට ඔහුගේ ගණිත ගැටළුවක් සදහා උදවු අවශ්‍යයි. එයා හැමවෙලාවෙම වගේ පුහුණුවීම් වලට යන නිසා ඔහුගේ ලකුණු බොහොම අඩුයි."

" දැන් මට හිතන්නට ඕන එකම දේ නිදහසේ මේ සිනිදු සෝෆාවට වෙලා සිටීම පමණයි."

" තාත්තා  ඇවිත්..." කුඩා ජේක් ඔහුගේ බාස්කට් බෝලයත් සමග මුළුතැන්ගෙට පැමිණියේය. 
" සෙල්ලම් කරන්න එනවද?"

" කොහොමද කොල්ලෝ." ස්ටීව් වෙහෙසකාරී ලෙස ඔහු පිළිගත්තේය.

" දැන් නෙවෙයි ජේක්." ජෝඈන් ඔහුට පැවසීය. " ඔයාගේ තාත්තාට මහන්සියි. ගිහින් ඔයාගේ ඉස්කෝලේ වැඩ කරන්න."

" ඔයාලා කවදාවත් සතුටින් ඉන්නේ නැහැ."

ජෝඈන් හා ස්ටීව් එකිනෙකා දෙස බැලීය. දරුවා පැවසු දෙය නිවැරදි බව ඔවුන් දැන සිටියේය. සැබවින්ම එහි ඔවුන් වෙනුවෙන් කාලය නොවිය. ඔවුන් වෙහෙස වී වැඩ කලත් ඒවායේ සාර්ථකත්වය එහි ප්‍රතිපල ඔවුන්ට බුක්ති විදීමට කාලය නොවිය. වර්තමානයේ බොහෝ අබුසැමියන් ජෝඈන් හා ස්ටීව් මෙන් ඔවුන්ගේ එදිනෙදා දින චර්යාවේ පීඩනය සමග වැඩි වන ඉච්ඡාභංගත්වය හා ආකූලත්වය අත්දකින්නේය.

මේ අවස්ථාවේ එකිනෙකාට වෙනස් වූ අවශ්‍යතා පිළිබද වටහා ගන්නවාට වඩා ඔවුන් තම තමන්ගේ ගැටළු පිළිබද පමණක් සිතයි. ජෝඈන් හා ස්ටීව් බලන්නේ තම තමන්ගේ අගහරු/සිකුරු ක්‍රියාකරන ආකාරය පමණි. එය ඔවුන් අතර ගැටීම ඇති වීමට බලපායි.

ආතතිය මගින් අපගේ වෙනස්කම් වැඩි කරයි. 

සම්බන්ධතා තුළ විදවීම ඇති වන්නේ පිරිමියා සහ ගැහැණිය ආතතිය තුළ වෙනස් ලෙස හැසිරීම නිසයි. පිරිමියා පැමිණෙන්නේ අගහරුගෙණි, ගැහැණිය පැමිණෙන්නේ සිකුරුගෙණි. එමෙන්ම අපගේ ආතතිය මගින් වෙනස්කම් වැඩි කරයි. අපගේ වෙනස්කම් තුළ අප ක්‍රියා කරනා ආකාරය හදුනා නොගන්නා විට අගහරු හා සිකුරු ගැටේ.

______________________________________
  
      වර්තමානයේ අපගේ ප්‍රධානතම ගැටලුව නම් 
           පිරිමින් සහ ගැහැණුන් ආතතිය තුළ 
                  වෙනස් ලෙස හැසිරීමයි.
_______________________________________

මතු සම්භන්දයි.


Thursday, December 6, 2018

අගහරු හා සිකුරු ගැටෙන්නේ ඇයි?


පළමු පරිච්ඡේදය

මේ සැම නිවසකම පාහේ සෑම රාත්‍රියකම රග දැක්වෙන නාට්‍යක තිර පිටපතකි.

සුසන් තම අතෙහි වූ ලැප්ටොප් පරිඝනකය හා අනෙක් අතෙහි වූ බඩු මල්ල ආයාසයෙන් රදවාගෙන ඇය හා ඇගේ සැමියා වූ මාර්ක් පදිංචිව සිටි තට්ටු නිවාසයේ තම අංගනයේ දොරටුව විවෘත කළේය. 

" ආහ්හ්... සමාවෙන්න මම ප්‍රමාද වුනාට. මොන තරම් වැඩ ගොඩක්ද." නිවසට ඇතුළු වෙමින් ඇය පැවසීය. ඇය එහි ඇතුළුවත්ම විසිත්ත කාමරය දෙසින් රුපවාහිනියේ ශබ්ධය ඇසෙන්නට විය.

" කොහොමද වස්තුවේ." ඔහු පිළිතුරු දුණි. " මම තව විනාඩියෙන් එන්නම්, මේ පන්දුවට පහරදීම  බලන්නම ඕන."

ඔසවාගෙන ආ මලු මුළුතැන්ගෙයි මේසය මතින් තැබූ සුසන් මාර්ක් විසින් එතැන දමා තිබු බිල්පත් දෙස බලමින් ශීතකරණයෙන් වතුර බෝතලයක් අතට ගත්තේය. 

" මම සලාදයක් හදන්න දේවල් ගෙනාවා. ඉතිරු වුණු ටර් කි සමග ඒවා රෑ කෑමට ගන්න පුළුවන්." අලස ලෙස මුළුතැන්ගෙය දෙසට පැමිණෙන මාර් ක් හට ඇය පැවසීය.

" ඔහ්හ්... ඔයා එන්න ප්‍රමාද වෙන බව කියූ නිසා මම ඉතිරිව තිබු ටර් කි කෑමට ගත්තා. මම ගොඩක් බඩගින්නේ හෙම්බත් වෙලා හිටියේ." යැයි පවසමින් ඔහු ඇයව සිප ගැනීමට පහත් විය. 

" ඔබේ ඉදිරිපත් කිරීමට ඔබ සුදානම්ද?"

" මේකේ තවත් කරන්න තවත් වැඩ කොටසක් තියෙනවා, මං හිතුවේ එය රාත්‍රී කෑම වෙලාවට කලින් අවසන් කරන්න. එක තවමත් මා සිතු තරම් හොද නැහැ. මගේ අධීක්‍ෂණ නිලධාරියා මා පිලිබදව උනන්දුවෙන් ඉන්නේ. ඇත්තෙන්ම මා මේ පිලිබදව ඉතාම උද්වේගයෙන් සිටින්නේ."

" මට විශ්වාසයි ඔබ එය ඉතා හොදන් කර ඇති, ඔයා ඔනෑවට වඩා ඒ ගැන හිතනවා." ඔහු ඇයව අස්වැසිය. " ඔබ සැබවින්ම විශිෂ්ඨයෙක්."

" ඇත්තෙන්ම නැහැ. මට තවම හිතෙන්නේ නැහැ එක හරි කියලා. ඇත්තටම මෙක මට ඉතාම වැදගත්."

" සමහර විට අපි එළියට යා යුතුයි, මොනවා හෝ දෙයක් කන්න. එයින් ඔබව සංසුන් වේවි. මටත් පුළුවන් මේ පාපන්දු තරගෙන් ටිකක් ඈත් වෙන්න."

" ඔයා විහිළු කරනවාද? මගේ හිතේ දැන් මේ ගැන ගොඩක් කරුණු එක්රැස් වෙලා තියනවා. ඒ ටික ඉවර කරලා මට ඕන රෑට හොදට නිදාගන්න විතරයි."

" හොදයි, එහෙනම් අපි කෑම ඕඩර් කර..."

" මම හදන්නේ නිරෝගිව ආහාර ගන්න. පීසා වලින් එක කරන්න බැහැ. මම බිත්තර ඔම්ලට් එකක් හදන්නම්. නැත්තම් බිත්තර යෙදු පාන් හදන්නම්."

" ඕන එකක්."

" එක නෙවෙයි. ඔයා මගේ කළු කෝට් ඇදුම ගෙනාවද?"

මාර් ක්ගේ හැසිරීම දුටු ඇගේ ලේ කුපිත විය. " මට විශ්වාස කරන්න බැහැ ඔයා එක අමතක කළේ කොහොමද කියලා. මම ඒ ඇදුම හෙට ඉදිරිපත් කිරීමට අදින්න හිටියේ." 

" ඔයාට තව ඕන තරම් ඇදුම් තියෙන්නේ. ඉන් එකක් අදින්න පුළුවන් නේද..."

" එක නෙවෙයි නේ මෙතන ප්‍රශ්ණේ. මම ඔයාට උදේ යන්න කලින් මතක් කරා මේක ගෙනත් තියන්න කියලා."

" හොදයි, මම හෙට උදේම ගිහින් ලෝන්ඩරිය ඇරපු ගමන් එක ඔයාට ගෙනත් දෙන්නම්."

" වැඩක් නැහැ. මම උදේම යන්න ඕන."

" මට ඇත්තටම සමාවෙන්න සුසන්, මට ඒක අමතක වුණා."

" හරි. ඔයාට ගොඩක් ස්තුතියි. මට දැන් ඕන පොඩ්ඩක් නිදහසේ ඉන්න විතරයි. එතකොට මට පුළුවන් හෙට ඉදිරිපත් කිරීමට සුදානම් වෙන්න."

___________________________________________

මේ සංවාදයෙන් වැටහෙන්නේ සුසන්ට හා මාර්ක් හට ඒ සැන්දෑව සංසුන් කාලයක් නොවූ බවයි. ඔවුන් ගැටුමකට මැදිව සිටියා, එය ඇත්තෙන්ම කිසිම ආකාරයකින් ප්‍රේමාන්විත දෙයක් නොවෙයි. සුසන් හා මාර්ක් අතර ඇති වූ සිද්ධියෙන් පැහැදිලි වන්නේ වර්තමාන සමාජයේ සම්භන්ධතා තුළ ඇතිවන ඝට්ටනයයි. සුසන්ගේ පීඩාකාරී රැකියාව, ඇය සිය සැමියාගෙන් නිවසේදී බලාපොරොත්තු වන සහය, ඔහුගේ අතපසුවිම්, ඔහු නොසලකා හරින ඇගේ උද්වේගය වගේම ඇගේ ගැටළු සදහා ඔහු ඉදිරිපත් කරන විසදුම් වලින් ප්‍රශ්ණය තවත් උත්සන්න වන ආකාරය. 

ඔබ "අගහරු හා සිකුරු ගැටෙන්නේ ඇයි" කියවන විට ඔබට හදුනා ගැනීමට පහසු වේවි එදිනෙදා ජීවිතයේදී අප නිතරම ගැටෙන පිරිමි සහ ගැහැණු ඇත්තෙන්ම කොතරම් වෙනස්ද යන්න.

පිරිමි සහ ගැහැණු සිටිය යුත්තේ කෙසේද හා ඔවුන් වර්ණනා කළ කෙසේද ප්‍රායෝගිකව අප කවුරුන්ද යන්නට අප අභියෝග කළ යුතුයි. අපට එකිනෙකා වෙනුවෙන් ලබා දීය හැකි දේවල් මොනවාද, එමෙන්ම වර්තමානයේ අපට මුහුණ දීමට සිදුවන ගැටළු වලට එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කර ගැටළු විසදා ගැනීමට කටයුතු කිරීම. අපව එකමුතු කර ලං කිරීමට හැකි පිරිමි සහ ගැහැණු චරිත වල සැලැස්මක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්.

අපගේ පවුලේ ඇති විශාලම ගැටලුව නම් පිරිමින් ක්‍රියාකළ යුත්තේ හා හැසිරිය යුත්තේ ගැහැණුන් ක්‍රියාකරන ආකාරයට හා හැසිරෙන ආකාරයට යැයි ගැහැණුන් අපේක්‍ෂා කරන අතර ඒ පිළිබද වැටහීමක් නොමැති පිරිමි ගැහැණුන්ට ඇත්තෙන්ම අවශ්‍ය කුමක්දැයි වටහා ගැනීමට නැවත නැවතත් වැරදි නිගමනයන්ට එලබේ. ගැහැණුන් හා පිරිමින්ගේ වෙනස හරි හැටි හදුනා නොගත් බොහෝ අඹු සැමියන් කෙමෙන් කෙමෙන් තමන්ට තමන් පමණක් බව සිතීමට පටන් ගන්නේ ඔවුන්ගේ සබදතාවය ආරම්භයේදී ඔවුන් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටි බවද අමතක කරමිනි. 

           __________________________________________________

            පිරිමින් ක්‍රියාකළ යුත්තේ හා හැසිරිය යුත්තේ ගැහැණුන් ක්‍රියාකරන 
             ආකාරයට හා හැසිරෙන ආකාරයට යැයි ගැහැණුන් අපේක්‍ෂා කරන 
             අතර ඒ පිළිබද වැටහීමක් නොමැති පිරිමි ගැහැණුන්ට ඇත්තෙන්ම
       අවශ්‍ය කුමක්දැයි වටහා ගැනීමට නැවත නැවතත් වැරදි නිගමනයන්ට එලබේ
     _________________________________________________________

මතු සම්බන්දයි!





Wednesday, May 20, 2015

සිතට නැවතුම



දැවෙන කතරට වැටෙන
මහා වැස්ස නුඔ...

අදුරු අහසට වඩින
සොදුරැ සඳ නුඔ...

සසර ගමනට ලැබෙන
සෙවන ගසකි නුඔ...

මට
මා ම හිමි නොවන
සිතට නැවතුමය නුඔ...


-මලී-

Saturday, May 2, 2015

අනු නමයෙන් බේරුණේ


මේ සිද්දියත් හරකාගේ සිද්දිය උන කාලෙම වගේ තමයි උනේ... පොඩීම කාලේ මෙ වගේ විශේෂ සිද්දි විතරයි මතක තියෙන්නේ දැන්... මම කිවුවානේ අපේ තාත්තා වැඩ කලේ දුම් රිය දේපාර්තමෙන්තුවේ කියලා... තාත්තලට හම්බ වෙන නිල නිවාස තියෙන්නෙ එයාලගේ ඔෆිස් එකට ලගින්... ඉතින් එක නිසා එවා රේල් පාරට ගොඩාක් ලග තියෙන්නේ... ගම්පොල තිබ්බ ගෙදර ගම්පොල ස්ටෙශන් එකට ටිකක් ලගයි... අදත් එ ගෙවල් එහෙමම තියෙනවා... මෙ ගෙදර ඉස්සරහා ගෙට්ටුව තියෙන්නෙ මහ පාරට... එ කියන්නෙ නුවර නාවලපිටිය පාර... පිටිපස්සේ තව පොඩි ගෙට්ටුවක් තියෙනවා රේල් පාර පැත්තට... ඒ දවස් වල මගෙ වැඩෙම ඒ ගෙට්ටුවෙන් රේල් පරට ගිහින් රේල් පාරේ කොට පැන පැන සෙල්ලම් කරන එක... අම්මා අනන්තවත් බණිනවා යන්න එපා කියලා වත්තෙන් එලියට... එත් ඉතින් අම්මාට හොරෙන් මම මෙ සෙල්ලම කරනවා...








ඔන්න දවසක් මම වෙනදා වගෙම සෙල්ලම් කරන්න යන්න හදනකොට ඊයේ රැ තාත්තා ගෙනාවා කියලා ලස්සන පාට පාට කුඩයක් මගෙ අතට දුන්නා... පොඩි ලමයින්ට තියෙන්නේ අර චුටි කුඩ... අන්න එකක්... මෙක අතට හම්බුනා විතරයි මට ඔන උනේ එකත් අරගෙන කොට පනින්න යන්න... අම්මා කුඩේ මගේ අතට දිලා ගෙට ගිය ගමන් මම හිමිට රේල් පාරට ඇවිත් කුඩෙත් ඉහලගෙන කොට පැන පැන සෙල්ලම් කරන්න ගත්තා... ටික වෙලාවකින් අම්මා එක පාරට ඇවිත් මාව ඇදලා ගත්තේ නැතැ... මං දුවන්න ලැස්ති උනේ ගුටි කන්න වෙනවා කියලා දන්න නිසා... එත් තප්පරයක් ගියෙ නැ වේගෙන් කොච්චියක් අපිව පහුකරන් ගියා... මම අන්දුන් කුන්දුන් වෙලා ගියා උන දේ තෙරෙනකොට... අම්මා දිහා බැලින්නම් මාව කන්න වගෙ රවාගෙන බලන් ඉන්නවා... එනවා යන්න ගෙට කියලා කුඩේත් එක්ක මාව ගෙට ඇදන් ගිහින් කුඩේ කැඩෙනකන් මට ගැහුවා...


අන්තිමට කුඩෙ ඔක්කොම නන ටික කැඩිලා... ගහපු එකට වඩා දුක මගෙ ලස්සන චුටි කුඩේ කැඩුනට.... තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකන්ම මම දොරකොඩට වෙලා කුඩේ තියාගෙන ඇඩුවා... ගෙදර එනකොට තාත්තාටත් වුන දේ ආරංචි වෙලා... අපේ ගේ ගාව රේල් ගෙට් එකේ අන්කල්ලත් කෑ ගහලා තියෙනවා කොච්චිය එනකොට මට අයින් වෙන්න කියලා... එත් එ සද්දේ මට ඇහිලා නැ... අම්මා තාත්තා ආව ගමන්ම මං කරපු වැඩේ කිවුවා... එත් තාත්තා එකට දරුවට ගහලා හරියනවද කියලා මාව වඩා ගත්තේ හෙට මං අලුත් කුඩයක් ගෙනත් දෙන්නම් චුටි මැණික කියලා කියන ගමන්...




Wednesday, April 29, 2015

අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත්




මීට ඉස්සර අම්මා ගැන ලියන්න මගේ හිතේ කැමැත්තක් තිබුනෙම නැ කිවුවොත් මම හරි... එත් දැන් හිතෙනවා ලියන්න ඔන කියලා... මගේ හිතේ අම්මා කියලා තියෙන්න චායාවක් විතරයි... පැහැදිලි නැති රුපයක් තිබුනේ ගොඩක් කාලයක්... එ දවස් වල අපෙ ගේ තිබුනේ රේල් පාර අයිනේ... අම්මා හැමදාම ටවුමට යන්න බස් පාරට යන්නෙ රේල් පාර දිගේ ගිහින්... එ පාර ලග නිසා... මං හැමදාම වගෙ පාර අයිනට වෙලා එයා යන දිහා බලාගෙන ඉන්නවා... මට තාමත් මතක එ චායාව විතරයි... මට පිටුපාලා යන අම්මගෙ චායාව... නිල පාට දිග සායකුයි හැට්ටෙකුයි ඇදපු ගැනු කෙනෙක්... අම්මාට හොදට මහන්න පුලුවන් තාත්තා එහෙම නිතරම කියනවා... මටත් මතකයි ඉස්සර එයා ඇදුම් මහන්වා... මගෙ ඉස්කොලෙ ඇදුම් වගෙ එවා මහන්න කඩවලට දුන්නෙ නැ... අම්මාම තමයි මැහුවෙ... 


 

 

අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත් එ දැනට අවුරුදු දහ අටකට විතර කලින් මම පොඩිම කාලෙ... අපි එතකොට හිටියෙ ගම්පොල... තාත්තා රැකියාව කලෙ දුම්රිය දේපාර්තමෙන්තුවෙ ස්ථිර මාර්ග පරික්ෂක කෙනෙක් විදියට... තාත්තාට අණ්ඩුවෙන්ම බංගලාවක් හම්බවෙනවා ඉන්න... ගෙදර වැඩට දෙන්නෙකුත් ලැබෙනවා...  ඉතින් එ නිසා ඒ කාලේ ගොඩාක් සැප පහසු ජිවිතයක් අම්මාට තිබුනා...  මට අම්මාව මුලින්ම මතක සිද්දිය ගොඩක් සුන්දරයි ඇත්තටම... එතකොට මට වයස අවුරුදු පහක් වගේ ඇති... මොන්ටිසොරිවත් යන්නෙ නැ එතකොට... දවසක් අම්මා මොනාද කොල වගයක් කඩන්න කියලා රේල් පර දිගේ ගිහින් පලමකින් බහැලා කුඹුරක් වගෙ තැනකට මාවත් එක්ක යන්වා... කුඹුර තියෙන්නෙ රේල් පාරෙනුත් පාලමෙනුත් පල්ලේහා... මී හරක් ටිකකුත් මෙ කුඹුරේ හිටියා... අම්මා කොල කඩනකන් මාත් එතනට වෙලා බලගෙන ඉන්නවා ඔන්න... එකපාරටම ලග හිටපු මී හරකේක් කඩාගෙන බිදගෙන අම්මා පස්සේ පන්නන්න ගත්තේ නැතැ... මමත් ඉතින් පණ එපා කියලා දිව්වා... හති දාගෙන පස්ස බලන්නෙ නැතුව දුවලා දුවලා අන්තිමට ගෙවල් ගාවටම ගිහින් නැවතිලා තියෙන්නේ... පස්සේ හැරිලා බලනකොට අම්මා පේන්නවත් නැ... මම අයේ ගියෙත් නැ ඇයි ඉතින් හරකා හෙන ලොකුයි නේ මාත් එක්ක බලනකොට... හැබැයි ඉතින් පස්සේ කාලෙක එ සිද්දිය මතක් කර කර හිනා වෙන්න පුලුවන් උනා... අම්මා ගැන කියන්න දේවල් නම් දැන් ගොඩයි... හීමිට ටික ටික කියන්නම්කෝ...




Saturday, April 18, 2015

ඔයා මාව බඳිනවද




සතුටුයි... ගොඩාක්...  ඇත්තටම දරාගන්න බැරිතරම් සතුටුයි... ඔයා කවදා හරි මෙහෙම කියයි කියලා හිතුවට ඇත්තටම හිතුනේ නැ ඒ සුන්දර මොහොත මෙච්චර ඉක්මනින් උදා වෙයි කියලා... ඔයා තීරණයක් ගත්තා කිවුවහාම ගොඩක් බය හිතුනා... මෙක අහලා කලබල වෙන්න එපා කියලා පුංචි තිගැස්මක් එක්ක ඔයා මාව බය කරා හුගාක්...

"මම ඔයාව බදින්න තීරණය කලා."

මට අදහාගන්න බැරි උනා ඔයා එහෙම කිවුවම...

"අත්තටමද ?"

මට අහන්න පුලුවන් වුනේ එච්චරයි... විහිලු කරනවද හිතුනා ඔයා මට... හැබැහින් නම් වෙන්න බැ. මෙක හීනයක්ද කියලා හිතුනා... වචන ආවේ නැ කතාකරන්න තත්පර ගානක් යනකන්
...

"නැ... මම ඇත්තටම කියන්නේ... මම ගොඩක් හොදට හිතලා තීරණය කරේ...."

එතකොට තමයි මට තෙරුණේ මෙක හීනයක් නෙවෙයි කියලා... මෙච්චර කල් හීන පොදි බැදන් පෙරුම් පුරපු ඒ මොහොත උදා උනාම දැනේන සතුට කියලා නිම කරන්න බැ... ඔයාව හුස්මගන්න බැරි තරම් කිටි කිටියේ බදාගෙන ඉබින්න හිතුනා පිස්සුවෙන් වගේ... ඒ තරම් සතුටුයි... දෛවයත් මහා පුදුමාකරයි කියලා හිතුනා... අපි හම්බවෙලා හරියටම අවුරුද්දක් උනා විතරයි... ඒ දවස උදා උන ගමන්ම අද එ දවස කියලා නොදැන ඔයා ඔයාගෙ අදහස කියපු එක...  ඇත්තටම කොයි තරම් දුර අපි ආවද... මට නම් හිතෙන්නේ ඒ තමයි ඔබ මා මුණ ගැස්සවු දෛවය...




උදැසන ලා හිරු කිරණ පිබිදෙද්දි
නුඔ ලගින් අවදිවෙන්න දිනක් උදාන්න
තුරුල් වෙලා නුබෙ මුවට හාදුවක් දෙන්න
කොයි තරම් කාලයක් නම් අප ඉවසුවාද...

නිතැතින් පොරොන්දම් ගැලපේවි අපේ අදහස් සෙම
මාපියො සුභ නැකත් බලාවී හනිකට කැන්දන් යන්නට
සුභ නැකතින් නුඔ පැමිණේවි දගකාරකම් අතහැර
නෙතු සොයාවි මා කොහීදැයි දකිනු රිසියෙන් මානාලියක...

මනාලියක වී මා මුතු මාල හතක් ගෙල රන්දා
නෙතු කතාකරයි කොල කොමල ඉගි මුවින් සිනාසී
නෙතු දහසක් මැද ආල වඩන්නට නෙතු මුණ ගැසෙවි
මුදු මාරු කරාවි හද පිරි සෙනෙහෙ ඉතිරෙන්න...

දැගිලි එක් කර ජය පැන් වඩා අශ්ටක කියාවි
මතු සසර පුරා එකට එක් වන්න පොරොන්දු වේවි
සුභ මංගලම් ගී ගයා සැම සිතින් තුටු වේවි
මාපියන් අත දෙවි පොරුව මතින් නික්ම යන විට...

සුවහසක් පැතුමන් පුරා එක්වී
පියමන් කරාවි කුරුලු ජොඩුවක්
විලසින් නැවුම් විවහක යුවලක්
තනන්නට ආදරය පිරි කැදැල්ලක්...




තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...