Monday, June 16, 2014

මේ රටේ ලේ හැලුණා ඇති යකෝ !!!

මේ රටේ ලේ හැලුණා ඇති යකෝ !!!




                                                                                                                                                                     
"හම්බයන්ට මේ කරපුවට රිප්ලයි එක දෙන්න ඕනෙ.."

එකෙක් මගේ ස්ටේටස් එකේ ලියනවා.

එතකොට නහි වේරෙන වේරානි කියන්නේ මොකද්ද? වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන්නේ ඇයි?

මං සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කුණුහරුප කියන්න කැමති නෑ. ඒත් මේක එක්සෙප්ෂනල් කේස් එකක්. ඒ නිසා අමුවෙන්ම කියල දාන්නම්.

සිංහල, දෙමළ, මුස්ලිම් මල්ලිලා සේරටම බොහොම ආදරෙන්, කරුණාවෙන් මේ තේරෙන සිංහලෙන් කියන්නෙ.. ඔය එක එක */#@ පුතාල කියන කියන විදියට සන්නද්ධ වෙන්නවත් මරාගන්නවත් යන්න නම් ලැස්තිවෙන්න එපා එකෙක්වත්.. අද උඹලව ෆෝම් කරන ඔය කැරියන්ගේ හැටි අපි හොඳට දන්නවා. උන් උඹලව ෆෝම් කරලා වැඩේ කරගනියි. උඹල පොලිසි උසාවි ගානේ ලගියි.. ඔය එක *#යෙක් වත් එන්නේ නෑ බොලාට ඇප දෙන්නවත්.. ඔය එක @#$* පුතෙක්වත් එන්නෙ නෑ උඹල කෑවද බිව්වද බලන්න වත්.. අන්තිමට ලස්සන තරුණ කාලේ නිකං නාස්ති කරපල්ල මහඋළුගෙදර කොහු තල තල... බොලාගේ අම්මල තාත්තලා සාප කරයි යකෝ ඒ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු වලට.. බොලා මොකක් හරි අටමගලක් කරලා හිරේ ගියාම එදාට හිරේදී බොලාට පිහිටට ඉන්න එකම එකා උඹේ අතින් පොලුපාරක් කාපු තම්බියා වෙන්න පුළුවන්... හෙට උඹේ ගේ ගිනිතියන්න සෙට් එකක් ආවොත් උන්ව ගහල පන්නන එකා දැන් උඹ වෛර කරන සිංහලයා වෙන්න පුළුවන්.. ඒ නිසා මෙතන පොරවල් වෙන්න ගිහිං වැඩ වරද්දගන්න එපා... ප්‍රශ්නයක් වුණා, ඒක නීතිය අනුව විසඳෙයි.. එක එක බැල්ලිගෙ පුතාට ඕනේ විදියට මැරකම් කරන්න නම් අම්මගෙ රෙද්දටද නීතියක්..? එක එකාගේ මතවාද ෆෝම් කරන්න ගිහිං #@දෙන්න එපා.. අර සිංහලයා මේ සිංහලයා අර ගමේ හෙළයා කිය කියා නම් දාගෙන ඉන්න ෆේක් පේජ් වලටවත් ෆේක් ප්‍රොෆයිල් වලට වත් බොලාගේ ආධ්‍යාත්මය උගස් තියන්න එපා..


සිංහලයෙක් නම් සිංහලකමට ආඩම්බරයක් වෙන්න ජීවත් වෙයං.. මුස්ලිම් එකෙක් නම් ඒත් මුස්ලිම්කමට ආඩම්බරයක් විදියට ජීවත් වෙයං.. පිං සිද්ද වෙයි. මේ රටේ ලේ හැලුණා ඇති යකෝ.

මේ වගේ ලිපියක් ලියන්න මුලිකම උත්තේජනය ආවේ බුකියේ පලවේලා තිබුණු මේ පොස්ට් එක දැක්කම. මෙකට වැටිලා තිබුණු කමෙන්ට් එකින් එක කියවලා බැලුවහම මට හිතුනු එකම දේ ඇත්තටම අන්තවාදීන් කියන්නේ කවුද කියන එක. මුස්‌ලිම් මිනිස්සු අන්තවාදින්(මට නම් මුස්ලිම් මිනිස්සු දෙමළ
මිනිස්සු සිංහල මිනිස්සු කතා කරන එක පිළිකුල්.නමුත් මේ ගැටලුව ආවේ මේ විදිහට නිසා මෙහෙම කතා කරන්න වෙනවා.) කියලා ඒ කඩවලින් බඩු ගන්න එක,කන එක නවත්තලා මහා ලොකු බෞද්ධයො කියලා කියන උන්ට අමතක වෙලාද නැත්තන් උන් දන්නවද දන්නේ නැ බුදු හාමුදුරුවෝ හැම ආගමකටම ගරු කරන්න කියලා දේශනා කරපු බව.ඒ දේ තමන්ගේ ක්‍රියාවෙන්ම පෙන්නුම් කරපු බව මේ විදිහට ධර්ම චක්‍රය ඔලුව උඩ තියාගෙන කෑගහන සම හරක් දන්නේ වත් නැතුව ඇති කියලා ඔප්පු වෙනවා මේ දවස්වල වෙන දෙවල් දැක්කහම.
                හැම මනුස්සයෙක්ටම අයිතියක් හිමිකමක් තියනවා තමන්ගේ අදහස් ප්‍රකාෂ කරන්න වගේම තමුන් කැමති දර්ශනයක් පිළිගන්න හෝ දර්ශනයක් ඉදිරිපත් කරන්න. අපි කවුරුත් හිතලා බලන්න ඔන අපි මෙ ආගම් වැලද ගත්තේ කොහොමද කියන එක.මේ ජාතිය අපිට උරුම උනේ කොහොමද කියන එක. සමහරවිට ඉළග ආත්මයක් කියලා දෙයක් පිළිගන්නවා නම් එහෙම එකක් තියනවා නම් ඒ ආත්මෙකදි අපි කොයි ජාතියක කොයි ආගමක ඉපදෙයිද කියලා කාටද කියන්න පුළුවන්.ආගමක් උනත් දර්ශනයක් එ සියලු දෙ තුළ තියෙන්න ඔන මිනිසත්බව.එහෙම නැත්නම් මේ ලැබුණු මිනිසත් බවේ වටිනාකමක් නැති වෙවී.එ දර්ශනය ක‍නෙක් පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුලුවන්.නමුත් එ දෙවල් නොපිලි ගන්නවා කියලා එ දර්ශනය ගරහන එකවත් එ දර්ශනය පිළිගන්න මිනිස්සු එක්ක මාරා ගන්න එකවත් නෙමෙයි සිද්ධ වෙන්න ඔන.තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඔන නුවණ මෙහෙයවලා.
                                                                                                අපි කටවත් අයිතියක් නැ තව කෙනෙක්ට රිද්දන්න.තව කෙනෙකුගේ ජිවිතය නැති කරන්න.අඩුම ගානේ සතෙකුගේ ජිවිතයක් නැති කරන්නවත් මනුෂ්‍යයාට අයිතයක්නැ.මෙ විදිහට ජාති වාදේ අවුස්සන උන්ට උවමනා කරලා තියෙන්නේ කලින් උනා වගේ හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු බල්ලො බලල්ලු වගේ ටයර්වල පිච්චිලා මැරුණු ඒ ලේ තැවරුණු භිෂණ යුගයක් නැවත මේ රටෙ ඇති කරන්න.එත් එහෙම උනොත් අහිංසක මිනිස්සු,ගැණු,ළමයි වගේම තරුණ තරුණියො ජිවිත වලින් වන්දිගෙවාවි.අහිංසක ජිවිත දහස් ගානක් විනාශ වෙවී.එත් එහෙම උනා කියලා මේ බල තන්හාවෙන් මත් වෙලා ඉන්න දැන් සිංහලයො ශ්‍රීලාංකීයො කියලා කැ ගහගන්න උන්ට ගානක්වත් නැති වෙයි.උන් තවත් චන්දෙකදි නැත්නම් දෙශපාලන හෝ ජාතිවදි රැස්වීමකදි ඒ මරණත් තමුන්ගේ වාසියට හරවගෙන කතා කරයි.දුක් විදින්න වෙන්නේ නැතිවුන අයගේ,හිරෙ විලංගුවේ වැටුනු අයගේ අම්මාට තාත්තාට සෙහොදරයට සහොදරියට නැදැයින්ට හිතමිතුරන්ට විතරයි.
                                                                                                                                මනුස්සයෙක් කියන්නේ අවබොධයක් ලබා ගන්න පුළුවන් මනසක් සහිතව ඉපදුණු කෙනෙක්. පුළුල් මනසකින් ලොකය දකින්න පුළුවන් නම් මේ හැම දෙකටම උත්තර අපි ගාවමයි තියෙන්නේ කියලා තේරෙයි.අවාසනාවකට වගේ ජාති භෙදය අවුස්සන උන්ට මේ ටික තෙරුම් ගන්න තරම් වත් දැක්මක් නැ.උන් ලේ පිපාසිතයො. ඇත්තටම බැලුවොත් අන්තවාදින් කියන්නේ උන්ට තමයි.


Sunday, May 25, 2014

Facebook මගුල්


Facebook මගුල්

ෆෙස්බුක් යනු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කෙරු සයිබර් අවකාශයෙ තවත් එක් විශෙෂ සන්දිස්ථානයක්ය.සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩාත් ඉදිරියෙන් හා වඩාත් ආකර්ශනයට පත් වෙබ් අඩවියක් ලෙස ෆෙස්බුක් හදුන්වා දිය හෑක.තම මිතුරු මිතුරියන් හා නැදැ හිත මිතුරන් සමග සම්බන්දතා පවත්වාගෙන යමටත් නව මිතුරු මිතුරියන් හදුනා ගෑනිමටත් සමාජ සබදතා වර්දනය කර ගෑනිමටත් ලොව පුරා මිලියන පන්සියයකට අධික ජනකායක් මෙම ෆෙස්බුක් සමජ ජලය භාවිතා කරයි.
                                                                                                                                 සෑම දෙයකම පාහෙ හිතකර හා අහිතකර බලපැම් ඈතිවා සෙම මෙහිද එසෙය.නමුත් මෙම ෆෙස්බුක් සමජ වෙබ් අඩවිය සිතකර හො අහිතකර වන්නෙ තමන්ගෙම ප්‍රතිචර අනුවය. මෙයින් ඈතිවන හිතකර හෝ අහිතකර ප්‍රතිපල එය භාවිතා කරන පුද්ගලයාගෙම ක්‍රියාවෙ ප්‍රතිපලයක් හෝ එයට මුහුණ දෙන පුද්ගලයගෙ ප්‍රතිචරයෙ ප්‍රතිපලයකි.මෙ වන විටත් බොහො සෙයින් වි‌‍‌‍යාජ ගිණුම් හා පිටු මෙ සමජ ජාලයට එක් වි හමාරය.ෆෙස්බුක් යනු මෙලෙස එක් ලිපියකින් සාකච්චා කල හෑකි මාතෘකාවක් නොවන නමුත් මෙ ලිපිය ලිවිමට මුල්කම සාධකයක් වුයේ ලංකාව තුල බොහො දෙනා ෆෙස්බුක් භාවිතා කරන්නෙ කුමන සාධකයක් මතද යන සැකය හා ගැටලුව මා සිතට නැගි නිසාය.විශෙෂයෙන්ම මෙ ලිපිය සදහා පුද්ගලිකව මා මුහුන දුන් සිදුවිම් අදාල වුවද දැන්නම් මෙවැනි අත්දැකිම් බොහො සෙයින් සුලභ නිසා එවා සමාන්ය කරුනු බවට පත්ව අැතිවා සෙම බොහො විට එවෑනි අවස්ථා හාස්යජනක වේ.එ වෑනි සිදුවිම් බොහො සෙයින් එකම රටාවක් හා බැදි පවති. ෆ්‍රෙන්ඩ් රික්වෙස් එකක් අැසෙප්ට් කිරිමෙන් පසු බොහො විට ලෑබෑන්නෙ මෙවැනි ප්‍රතිචාරය.

“  හායි...
   ඔයාට කොහොමද?...
   ඔයා මොනාද කරන්නේ? ...
   ඔයා කොහෙද ඉන්නේ? ... “

මෙවෑනි අවස්තාවල ෆ්‍රෙන්ඩ් රික්වෙස් එකක් යනු මන්ගල යොජනාවක් නොවන නිසා මෙවැනි පුද්ගලයන් සමග සුහද ලෙස කතා බහ කලද, මිලග ප්‍රශ්නය වන්නෙ,



“  මම කැමති ඔයව අදුර ගන්න...
   ඔය ස්කයිප් නැද්ද? ...
   වයිබර් ඉන්නවද? ...
   නැත්තන් ෆොන් නොම්බෙර් එක දෙන්න...
   ප්‍රොමිස් මම කරදරයක් වෙන්නෙ නෑ...
   ඔයා අකමැති නම් රින්ග් කට් එකක්වත් දෙන්නෙ නෑ....
   07....................97 මෙ මගෙ නොම්බර් එක.
   ප්ලිස් මාත් එක්ක ටිකක් කතා කරන්න.
   ඔයාට එකෙන් වෑරෑද්දක් වෙන්නෙ නෑ. “

බොහො අය මෙලෙස හැසිරුනද සම හරක්ට ඔවුන්ටම අවෙනික වු හද සසල කරවන සංවෙදි කතවක් ඔවුන් සතුය. ඔවුන් බොහො විට මෙවා එක හා සමාන කතා වේ.

“  නංගි,ඔයව දෑක්කහම පුදුම හැගිමක් හිතට අවෙ...
   ඔයා මන් දන්න කෙනෙක් වගෙමයි...
   එත්...ඔයා නම් කවදාවත් එ වගෙ වෙන්න එපා....
   මෙ ලොකේ හරි කුරිරුයි... “


එලෙසින් තමන් ආදරයෙන් රෑවැට්ටු තරුණියක පිලිබද විස්තර ගෙන හැර දක්වමින් විටෙක මෙ එ තරුණිය යැයි පවසමින් චයාරුප පවා ඉදිරිපත් කරමින් ඔවුන් අවධානය දිනා ගෑනිමට උත්සහ දරයි.තවත් සමහරුන් තමන් බොහො සෙයින් මානසික සිත් තෑවුලට පත්ව ඈති බව පවසමින් තමන්ගෙ දුක ඈසිමටවත් කෙනෙකු නොමෑති බව පවසමින් අවධානය ඉල්ලයි.මොවුන් මෙලෙස හැසිරෙමින් සිතෙ ආදරයක් තිබෙන බව පවසමින් ඉතා හාස්යජනක ලෙස හෑසිරිම සෑබෑවින්ම පිලිකුල් සහගතය. නමුත් විටෙක ෆෙස්බුක් වෙබ් අඩවියෙන් වුවද තම සහකරු හො සහකාරිය මුන ගෑසිය හෑක.නමුත් එ එකිනෙකා තෙරුම් ගනිමින් අවබොදයකින් ඈතිවන බෑද්ම් මිස මෙලෙස ගහෙන් ගෙඩි එන්නා සේ දුටුව ගමන්ම කැමැත්ත ප්‍රකශ කිරිම හා සුන්දර කතා වස්තු මවා පෙන්විම තුලින් සම්බන්දතා ඈති කර ගෑනිමට තෑත් දරන පරපුරක් බිහිවි ඈත්තෙ ලන්කික ජාතියෙ අවාසනාවට විය හෑකිය.මෙවෑනි තත්ත්ව යටතෙ බොහො දෙනෙක් තම නුවණ මෙහෙයවා කටයුතු නොකිරිමෙන් ජිවිතයෙන් පවා වන්දි ගෙවු අවස්ථා මෙත අතිතයෙන්ම උදාහරන ගත හෑකි මුත් එවා මාගෙ අදහට අනුව නැවත නැවත මතක් කර හුවා දෑක්විමට තරම් නොවටින වටිනා ජිවිත සමග කළ අණුවන ක්‍රියා හෙතුවෙන් එවා පිලිබදව මෙහි අන්තර්ගත නොකෙරෙ.
                                                                                          අවසාන වශයෙන් සිතිමට කරුන වන්නෙ වරද සිදුවුයෙ කොතෙනද යන්නයි. ජනතව නව්යකරණය හා තාක්ශණය භාර ගන්නෙ කෙසෙද? විශ්ව ගම්මානයට ඈරයුම් කරන සයිබර් අවකාශය නිවැරදිව භාවිතා කිරිමට සෑවොම එක් වෙමු !

Thursday, May 22, 2014

කහ ලේන්සුව

කහ ලේන්සුව 



කැලිෆෝනියා නගරයේ මීට අවුරුදු ගනනකට කලින් සිදු වූ සත්‍ය සිද්ධියක්.
විශ්ව විද්‍යාලයක මිතුරු මිතුරියන් පිරිසක් බසයකට නැග්ගා විනෝද ගමනක් යාමට. බසයේ පිරිසෙන් වැඩි හරියක් ඔවුන්ගේම අය නිසා විනෝද කතා වලින් සිනාවෙන් අඩුවක් නැතුවම බසය පිරී තිබුනා. මේ බසය ගමනාන්තයට ලගා වෙන්නේ දින තුනකට පසුවයි.
ගමන ඇරඹුනා.
අතර මග නගරයකදී වියපත් මිනිසෙක් බසයට නැගී ජනෙල් කවුලුවක් අසලින් අසුන් ගත්තා. මෙතරම් සතුටින් පිරී ගිය බසය තුළ ඔහු ඔහුගේම ලෝකයක තනි වී කල්පනාවක ගිලී කවුලුවෙන් පිටතම බලා සිටිනවා. මෙලෙසින් උදේ පටන් ගත් ගමන රෑ කෑමට බසය හෝටලයක් අසල නතර කරනවා. සියල්ලන් කෑම ගැනීමට බැස ගියත් අර පුද්ගලයා පමණක් බසයෙන් නොබැස සිටි අයුරින්ම සිටිනවා. දැන් මේ පුද්ගලයා පිරිසේ මාතෘකාව බවට පත්වෙනවා.
පිරිසෙන් එක් තරුණියක් මේ පුද්ගලයා සමග කතා බස් කිරීමට ඉදිරිපත් වෙනවා. ඇය ඔහුටත් කෑම රැගෙන බසයට නැග ඔහු අසලින්ම වාඩිවෙනවා.
මිස්ටර්.. අපි කෑම ටිකක් කාලා ඉමු...
එපා.. බොහාම ස්තූතියි..
ඇය උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ ඔහු බීර බදුනක් පානය කිරීමට කැමති වෙනවා.
දෙවෙනි දින රැය උදා වෙද්දී ඔහු තමන් කවුදැයි විස්තරයක් ඇයට කියනවා.
මම මැරි කලේ අවුරුදු විස්සෙදි. ඇය බොහොම ලස්සන තරුණියක්. මම ඇයටත් ඇය මටත් පන වගේ ආදරය කළා.. නමුත් විවාහ වූ දිනයේම අවාසනාවන්ත සිදුවීමක්.. මා නොකළ මිනීමැරුමකට වරදකරුවෙකු කර මාව සිර භාරයට ගත්තා. නඩු විභාගය අවසානයේ සිර දඩුවම අවුරුදු විසි පහකට.
මෙය දෛවයේ සරදමක්. මා හට දඩුවම විදින්නම සිදු වෙනවා. නමුත් මගේ වරදක් නොකල බිරිද?
ඇය මා හමුවන්නට සිර ගෙදරට ආ පළමු දිනයේ මම ඇයට කියා සිටියා ඇය අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බව නමුත් ඇය අඩා වැලපී යන්න ගියා.
දෙවන දින ඈ මා බලන්නට පැමිණි පසු මම ඇයට බැන වැදී එළවා ගත්තා. මට ඕනෙ වුනේ ඇයව මගෙන් දුරස් කරන්නටයි. ඉන් පසු ඈ මා බැලීමට සිර ගෙදරට ආවේ නැහැ. ඈ ලියුමක් එවා තිබුනා. මම පිළිතුරු යැව්වේ නැහැ. දැන් මගේ අවුරුදු විසිපහක සර දඩුවම අවසන් .. ඇය ගැන අවුරුදු විසි පහකින් කිසිම තොරතුරක් නැහැ. නමුත් මම දැන් සතියකට කලින් නිවසේ ලිපිනයට ලියුමක් තැපැල් කළා මම නිදහස් වී ගෙදර එන බව දන්වලා. එය ලැබුනාද නිවස දැන් තිබූ තැන තිබෙනවාද කියා වත් මම දන්නේ නැහැ. මගේ නිවස තිබෙන්නේ මේ බස් පාර අද්දරමයි. නිවස ඉදිරියේ විශාල ඕක් ගසක් තියෙනවා. මම ලියුමේ ලිවුවා. ඇය ගෙදර සිටිනවා නම් මාව බාර ගන්නට පුලුවන් කමක් තිබෙනවානම් ඕක් ගසේ කහ පාට ලේන්සුවක් එල්ලන්නටයි කියා. ලේන්සුවක් ගසේ තිබුනොත් මම බසයෙන් බසිනවා. නැතිනම් කොහේ හෝ ගිහින් ජීවත් වෙන්න බලනවා.
දැන් මේ කතාව මුලු බසයේම මාතෘකාව වී තිබෙනවා.
බසය අර කියූ ඕක් ගස ට ලගා වෙමින් තිබෙනවා. රියදුරා දුර ගනනය කරනවා.
තව කිලෝමීටර දහයයි.. පහයි.. දෙකයි.. තව කිලෝමීටරයයි....
දැන් බසයේ සියලු දෙනා ඕක් ගස ඇතැයි කියූ පැත්තට වී ජනෙල් කවුලු වලින් පිටත බලා සිටිනවා.
අර පුද්ගලයා පමණක් ඒ දෙස නොබලා ඉවත බලා සිටිනවා.
ගනනය කිරීම නවතිනවා. බසයද නවතිනවා. මුලු බසයම නිහඩතාවකින් වැසෙනවා. හුස්මක් ගන්නා හඩක් වත් ඇසෙන්නේ නැහැ..
ඔහු හෙමින් හිස ඔසවා බලනවා.
ඕක් ගස සිය ගනනක් කහ පැහැති ලේන්සු වලින් සරසා තියෙනවා......

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...