තෘෂ්ණාව වේදනාවේ උපත බව මා දැන සිටියෙමි. නමුත් ඔහු කෙරේ මසිත ඇත්තේ තෘෂ්නාවක්ද... නැත. මට ඔහු අත්පත් කරගැනීමේ ආශාවක් නැත. නමුත් ඔහු සමග ජිවතය බෙදාගැනීමට නොසංසිදෙන ආශාවක් මා සිත තුල ඇත. ඔහු සමග සිටින මොහොතක විඳින ආදරය, සතුට, නිදහස ජිවිත කාලය පුරාවටම ඔහුගෙන් ලැබීමට මා ආශා කරයි. ජිවිතයේ සියලු දුක් කම්කටොලු හමුවේ අද දින පිඩිත වන මා සිත දිනක ඔහුගේ දැත් අතර තුරුල් වී ඒ උණුසුම ආදරය විදිමට මා සිහින මවයි. ඒ ආදරයෙන් මිදුණු දිවියක් සිතිමටවත් මට අවැසි නැත.
මට ඔහු සමග සතුටින් සිටීමට ඇති උවමනාව විසින් මා සිත ඔහුද මා හා සතුටින් සිටි යැයි සිතීමට මා මෙහෙයවයි. නමුත් ඔහු මා හට අහිමි උවහොත් එය ඔහුගේ සතුට නම් එයට ඉඩ දී මා නොමැතිව වුවද ඔහු කොහේ කොතැනක හෝ සතුටින් ඇතැයි සිතා මටද හිත හදාගත හැකිය. නමුත් දිනෙක ඔහු මා නිසා පසුතැවිමකට පත් වුවහොත් මාගේ අත්මයටද සැනසිමක් නොලැබෙනු ඇත.
ඔහුට ජිවිතයේ පසුතැවිමකට ඉඩ නොතබා අද දවසේ සතුට ලබා ගැනීමේ චිත්තප්රිතිය සිතේ සැනසීම මෙලෙස සදා විදිනු හැකිය. එය එසේ නම් මා බිය වන්නේ ඇයි... සියලු බැඳීම් මවුපියන් හා සොයුරන් මා අතහැර ගියා සේ මාගේ ආත්මයේම වෙලාගත් සදාතනික මිනිසාත් මා හට අහිමිවේදැයි බියෙන්ද...
හලනෙමි සෝ සුසුම් වැලපෙය සොවින් අද
බල මැන හදෙහි නැගෙනා ගිනි මදින් මද...
කියමින හදෙහි තතු පහදා පදින් පද
මියනෙමි කුමට සගවනු පෙම නුඔෙන් ලද...
කරමින පෙමෙහි අදිටන මා සිතින් අද
නගනෙමි දෙපා නිවනට සිත් තුටින් අද...
Tuesday, December 23, 2014
Subscribe to:
Comments (Atom)
තාත්තා
තාත්තා දෙවන පරිච්ඡේදය මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...
-
කොහොමද මම අවුරුද්දකට රුපියල් දෙලක්ෂ හැත්තෑහත්දහසක් (රු.277,000/=) ඉතුරු කළේ? මුදල් වියදම් කරන එක ගොඩක් පහසුයි වගේම තමයි මුදල් ඉතිරි...
-
Facebook මගුල් ෆෙස්බුක් යනු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කෙරු සයිබර් අවකාශයෙ තවත් එක් විශෙෂ සන්දිස්ථානයක්ය.සමාජ ජාල වෙබ් අඩවි අතරින් වඩ...
