Wednesday, April 29, 2015

අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත්




මීට ඉස්සර අම්මා ගැන ලියන්න මගේ හිතේ කැමැත්තක් තිබුනෙම නැ කිවුවොත් මම හරි... එත් දැන් හිතෙනවා ලියන්න ඔන කියලා... මගේ හිතේ අම්මා කියලා තියෙන්න චායාවක් විතරයි... පැහැදිලි නැති රුපයක් තිබුනේ ගොඩක් කාලයක්... එ දවස් වල අපෙ ගේ තිබුනේ රේල් පාර අයිනේ... අම්මා හැමදාම ටවුමට යන්න බස් පාරට යන්නෙ රේල් පාර දිගේ ගිහින්... එ පාර ලග නිසා... මං හැමදාම වගෙ පාර අයිනට වෙලා එයා යන දිහා බලාගෙන ඉන්නවා... මට තාමත් මතක එ චායාව විතරයි... මට පිටුපාලා යන අම්මගෙ චායාව... නිල පාට දිග සායකුයි හැට්ටෙකුයි ඇදපු ගැනු කෙනෙක්... අම්මාට හොදට මහන්න පුලුවන් තාත්තා එහෙම නිතරම කියනවා... මටත් මතකයි ඉස්සර එයා ඇදුම් මහන්වා... මගෙ ඉස්කොලෙ ඇදුම් වගෙ එවා මහන්න කඩවලට දුන්නෙ නැ... අම්මාම තමයි මැහුවෙ... 


 

 

අම්මා ගැන මගෙ හිතේ හියෙන මුල්ම මතකෙ අවදි කලොත් එ දැනට අවුරුදු දහ අටකට විතර කලින් මම පොඩිම කාලෙ... අපි එතකොට හිටියෙ ගම්පොල... තාත්තා රැකියාව කලෙ දුම්රිය දේපාර්තමෙන්තුවෙ ස්ථිර මාර්ග පරික්ක කෙනෙක් විදියට... තාත්තාට අණ්ඩුවෙන්ම බංගලාවක් හම්බවෙනවා ඉන්න... ගෙදර වැඩට දෙන්නෙකුත් ලැබෙනවා...  ඉතින් එ නිසා ඒ කාලේ ගොඩාක් සැප පහසු ජිවිතයක් අම්මාට තිබුනා...  මට අම්මාව මුලින්ම මතක සිද්දිය ගොඩක් සුන්දරයි ඇත්තටම... එතකොට මට වයස අවුරුදු පහක් වගේ ඇති... මොන්ටිසොරිවත් යන්නෙ නැ එතකොට... දවසක් අම්මා මොනාද කොල වගයක් කඩන්න කියලා රේල් පර දිගේ ගිහින් පලමකින් බහැලා කුඹුරක් වගෙ තැනකට මාවත් එක්ක යන්වා... කුඹුර තියෙන්නෙ රේල් පාරෙනුත් පාලමෙනුත් පල්ලේහා... මී හරක් ටිකකුත් මෙ කුඹුරේ හිටියා... අම්මා කොල කඩනකන් මාත් එතනට වෙලා බලගෙන ඉන්නවා ඔන්න... එකපාරටම ලග හිටපු මී හරකේක් කඩාගෙන බිදගෙන අම්මා පස්සේ පන්නන්න ගත්තේ නැතැ... මමත් ඉතින් ප එපා කියලා දිව්වා... හති දාගෙන පස්ස බලන්නෙ නැතුව දුවලා දුවලා අන්තිමට ගෙවල් ගාවටම ගිහින් නැවතිලා තියෙන්නේ... පස්සේ හැරිලා බලනකොට අම්මා පේන්නවත් නැ... මම අයේ ගියෙත් නැ ඇයි ඉතින් හරකා හෙන ලොකුයි නේ මාත් එක්ක බලනකොට... හැබැයි ඉතින් පස්සේ කාලෙක එ සිද්දිය මතක් කර කර හිනා වෙන්න පුලුවන් උනා... අම්මා ගැන කියන්න දේවල් නම් දැන් ගොඩයි... හීමිට ටික ටික කියන්නම්කෝ...




12 comments:

  1. ලියමුකො එහෙනම් බලන්ඩත් එක්ක හැක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හමදාම එන්නකො.. හික්ස්

      Delete
  2. ඒ මට මතක් වෙන්නේ නෑ නේ එ් වගේ පරණ සීන්..
    ලෙඩක්ද මන්ද‍ා....

    ReplyDelete
    Replies
    1. මුල අමතක විම කියන බයනක ලෙඩෙ ඔය :D

      Delete
  3. මාත් එකින් එක ලියනවා .. මංගලා ලිපිය පුරාම අකුරුවල ප්‍රශ්න තියෙනවා දැක්කා ..මං මහ දැනමුත්තියෙක් නෙමේ නමුත් හැකිනම් වචන නිවැරදි කරන්න බලන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කා වරද පෙන්නලා දුන්නට... අනිවා මම උත්සහ කරන්නම්...

      Delete
  4. හරකා නිසා අම්මට අනතුරක් සිද්ධ උනේ නැද්ද...?
    අවුරුදු පහක පොඩි එකෙක් කියන්නේ ගොඩක් පුංචියි නේද, අඩු ගානේ බයට හරි ගෙදරට දුවගත්තු එකම මදෑ

    ReplyDelete
    Replies
    1. අදමයි නේද ඔබ මෙ පැත්තට ආවෙ... ස්තුතියි ආවට... අම්මට කරදරයක් උනේ නැ... මං වගෙම එයත් දුවලා...

      Delete
  5. හ්ම්ම්ම්....ළමය කාලෙකට පස්සෙ ........
    පෙරට වඩා ලියන විදිය ගොඩක් ඉදිරියෙන්......
    දිගටම ලියන්න ගන්න......

    ReplyDelete
  6. මතකය ඇසුරින් සිහියට ගන්නට
    නිතරම වෙහෙසුනෙමි
    මට පමණක් ඒ පින නැත්තේ ඇයි
    නිරතුරු වැළපුනෙමි
    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක චායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි

    ඉස්සර දවසක උදෑසනක ඔබ
    මා නළවන්න ඇතී
    මා හඬනා විට දුක ඉපදී මට
    ලේ කිරි දෙන්න ඇතී
    මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
    මුව සිප ගන්න ඇතී
    ඔබ යන විට මා කැටුව යන්න නම්
    අමතක වෙන්න ඇතී

    අම්මා... අම්මා යැයි කීමට
    කෙනෙක් නොමැත සොයමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි
    පැහැදිලි නැති එක ඡායාවක් ඇත
    ඒ ඔබ බව දනිමි


    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්... මෙක මම ආසම සින්දුවක්...ජිවිතෙට දැනෙන...

      Delete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...