Monday, March 23, 2015

නුඔ දුරයිනේ...

හාත්පසම අදුරෙන් වෙලී මල හිරු බසින වෙලේ

සිත වෙහෙසයි කුමක් කරනු දැන් ඇසිල්ලේ
සිතත් ගතත් ලෙඩින් මා සොවින් තවන්නේ
ඇවිත් යන්නට එන්න බැරිද නුඔ දුරයිනේ...

රූසිරි උයනම සොවින් මැලව බලාසිටින්නේ
සමනලුන් තවමත් එහි ඇති මල් සොයන්නේ
නුඔ කොහි දැයි උන් මගෙන් අසාසිටින්නේ
ලගදීම එනවා ඔහු කීවා මා කියාසිටින්නේ...


උයනම මල්න් බරවී සමනලුන්ට හරි වැඩ අදික වගේ
නමුත් උන් මා දිහා බලන්වා තවම නුඔව මතකයි වගේ
උන් කියනවා ඇසෙනවා නුඔ නෑ නේ කිසිදා නෙවී අනේ
මුලු මුලු වල
උන් කියනා කතා ඇසී මගේ නෙත් කදුලින් පිරේ...

එත් මගේ සිත නිතරම නුඔ ඒවි කියා කියන්නේ
සමනලුනුත් නිතරම මට රිදවන්නමයි බලන්නේ
උන්ගේ කතා ඉවසාගෙන නුඔ ගැනම සිතන්නේ
උන්ට පෙන්නට නුඔ ආ දවසට උයනට යන්නේ...












6 comments:

  1. බින්දි දුකින් වගේ පේනවා...

    ReplyDelete
    Replies
    1. හී.. හී.. බුදු හමුදුරුවොත් කිවුවෙ ඉපදිම දුකක් ලු නේ..

      Delete
  2. //උන්ට පෙන්නට නුඔ ආ දවසට උයනට යන්නේ.../// හ්ම්ම් ඒ බලාපොරොත්තුව තියන් ඉන්න
    ලස්සනයි මංගලා

    ReplyDelete
    Replies
    1. ඔව්... ස්තුතියි අක්කේ

      Delete

තාත්තා

තාත්තා  දෙවන පරිච්ඡේදය   මුළුතැන්ගෙය මුල්ලේ වූ දර ලිප තිබු පෝරණුව තුළට එබී යමක් කරමින් සිටි ටිකිරි මැණිකේ අඩි ශබ්දය ඇසි පිටුපස හැරී බැලීය. ...